Separate lane for passenger buses from today

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් රථ ධාවනය සඳහා වෙනම මංතීරුවක් (බස් ප‍්‍රමුඛතා මංතීරු) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය රාජගිරිය මංසන්ධියේ සිට බොරැල්ල ආයුර්වේද මංසන්ධිය දක්වා අද (12) සිට ක‍්‍රියාත්මක කෙරිණි.

    අත්හදා බැලීමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය අද සිට සතියක කාලයක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනුව මෙම ප‍්‍රමුඛතා මංතීරුව ඔස්සේ බස් රථ, පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන රථ මෙන්ම කාර්යාලයීය සේවකයින් ගෙන යන වෑන් රථ ආදී පොදු ප‍්‍රවාහන සේවාවන් සඳහා පමණක් ඉඩකඩ සලසා ඇත.

    පෞද්ගලික වාහනවල පැමිණෙන අයට මෙයින් අපහසුතාවක් ඇතිවුවහොත් ඉවසීමෙන් කටයුතු කරන්නැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.




     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔක්කොටම කලින් බස් කොට කොට යන එක නැවැත්තුවනම් හරි
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අද මම නිවාඩු, එතකොට ඔය මාතලේ කොළඹ වගේ වේගෙන් යන බස්, කඩවත කොළඹ වගේ යන බස් පස්සෙන් කොට කොටා යන්න ඔනාද, නැත්නම් අනිත් ලේන් එකෙන් ඉස්සර කරන්න පුලුවන්ද...?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    අද මම නිවාඩු, එතකොට ඔය මාතලේ කොළඹ වගේ වේගෙන් යන බස්, කඩවත කොළඹ වගේ යන බස් පස්සෙන් කොට කොටා යන්න ඔනාද, නැත්නම් අනිත් ලේන් එකෙන් ඉස්සර කරන්න පුලුවන්ද...?

    ඔය කියන්නේ බස් වලට විතරක් යන්න පුළුවන් ලේන් එකක් වෙන්න ඕන.ඒ ලේන් එකේ වෙන වාහන වලට යන්න බැහැ:no: