SEXY කොල්ලෙක් වෙමුද සිරාවටම

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    SEXY කොල්ලෙක් වෙමුද සිරාවටම

    පසුගිය දිනෙක එක් සඟරාවක අලෙවිය උණුසුම් විය. එයට හේතුව වූයේ ලොව ප්‍රසිද්ධියට පත් ව්‍යාපාරයෙකු සහ නළුවෙකු වූ ජෝන් ඒබ්‍රහම්ගේ ජීවිත කතාව පැවසූ සඟරාව එය වූ බැවිනි.

    "ඔබ කවදාකවත් නළුවෙකුගේ ජීවිතයෙන් ඔබේ ජීවිතයට ආදර්ශයක් ගන්න එපා. ඔහුගේ ඇත්ත ජීවිත කතාවෙන් ආදර්ශයක් ගන්න. ඔබ මම වගේ ඇඟ හදාගන්න. නමුත් ඔබ වෙනත් කෙනෙකුගේ වීරයා නොවී තමුන්ගේ ජීවිත කතාවේම වීරයා වෙන්න" යැයි ඔහු පවසයි.

    පසුගියදා ප්‍රකාශයට පත්වූ 101 වැනි සඟරාව වෙනුවෙන් 'Men's Health' සඟරාව තුළින් පිටු 09කට අධික ප්‍රමාණයක ඔහුගේ ජීවිත කතාව ලියැවුණි. එහිදී ඔවුන් යොදා ගත් මාතෘකාව වූයේ John Abraham by John Abrahamයන්නයි. ඒ යටතේ ඔහුගේ ජීවිත කතාව දිග හැරුණි.
    John-Abraham1.jpg


    ඇතැම් අවස්ථාවල තාරුණ්‍යය ජනප්‍රිය පුද්ගලයන් අනුකරණය කරයි. ඔවුන්ගේ විලාසිතා, ගමන බිමන, කෑම බීම වැනි දේවල් අනුකරණය කළත්, ඔවුන්ගේ සැබෑ ජීවිත දර්ශනය නියම තැනින් අනුකරණය කරන කිසිවෙකු නොමැති විය හැකිය. අප මොහුව හැඳින්ගත්තේ ප්‍රසිද්ධියට පත් නළුවෙකු ලෙසිනි. නමුත් ඔහුගේ ජීවිත කතාව වෙනස් මඟකින් ආරම්භ වන බව ඔබ නොදන්නවා විය හැකිය.

    "2014 වර්ෂයේදී වසරේ නිර්මාණශීලීම ව්‍යවසායකයා නම් සම්මානය සිනමා කර්මාන්තය වෙනුවෙන් මම දිනාගත්තා. නමුත් එය කිසිම පත්තරේක හෝ රූපවාහිනියක අනෙක් දේවල් මෙන් ඕපාදූපයක් වුණේ නැහැ" ඒ ඔහුගේ කතාවේ ආරම්භයයි.

    ජෝන් ඒබ්‍රහම් යනු දක්ෂ ව්‍යාපාරියෙකි. එසේම ඔහු අධ්‍යාපන සුදුසුකම්වලින් පරීපූර්ණ නළුවෙකුද වෙයි. මෙතෙක් බොලිවුඩයේ අධ්‍යාපන සුදුසුකම්වලින් පරිපූර්ණ රංගන ශිල්පියෙකු ලෙස හඳුන්වනු ලැබුවේ අමිතාබ් බච්චන්ය. අද එම ස්ථානයෙහිලා ජෝන්ද දැක්විය හැකිය.

    " මම ගම්බදව සිට නගරයට ආපු කෙනෙක්. මගේ තාත්තා මලයානු ජාතිකයෙක්. මගේ මව පර්සියානු ජාතික කාන්තාවක්. මගේ ලෝකයේ අවංකම පුද්ගලයා මගේ තාත්තා. මමයි මගේ සහෝදරයයි එකම මතයක ජීවත් වූ දෙදෙනෙක්. අපි දෙන්නාගේම මතය වුණේ අපි හොඳින් ඉගෙන ගත යුතුය යන්නයි

    මම පාසල් ගියේ බස් එකෙන්. අපේ පවුලට කාර් එකක් තිබුණේ නැහැ. නමුත් මගේ පාසලේ යහළුවන් බොහෝ දෙනෙක් පාසල් ආවේ කාර් එකෙන්. ඒක නිසා මමත් මගේ මුරණ්ඩුකමට තාත්තාගෙන් කාර් එකක් ඉල්ලුවා. තාත්තා කිව්වා අපිට කාර් එකක් ගන්න සල්ලි නැහැ කියලා.

    ඔයා අනිත් මිනිසුන් වගේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා. නමුත් ඔහු එක දෙයක් කිව්වා. මම ඔයාට කාර් එකක් ගන්න පුළුවන් විදිහට උගන්නන්නම් කියලා. ඒ දේ මගේ හිතට වැදුණා. ඉතිං මම ඒ හීනයත් එක්ක ඉදිරියට ආවා. සාමාන්‍ය පවුලක හීන රැසක් තියෙන ළමා කාලයක් ගත කරන්න ලැබීම සතුටක්. මේ හැම දෙයක්ම ලබා ගන්න ඉගෙනීම වැදගත් වෙනවා.
    images


    මගේ ප්‍රථම උපාධිය වූ ආර්ථික විද්‍යාව සඳහා ගෞරව සාමර්ථ්‍යයක් ලබා ගත්තා. ඊට පස්සේ මම අලෙවිකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් කළා. ඒ වගේම පශ්චාත් කළමනාකරණ උපාධියක්ද ලබා තිබෙනවා.

    මම පාසල් කාලයේදී ගොඩක් කෙට්ටුයි. ඒ වගේම මගේ බරත් අඩුයි. උසත් අඩුයි. මීට වඩා මගේ ලොකුම මානසික වදය වුණේ මගේ මූණේ කුරුලෑ තිබීමයි. එක දවසක් ගෑනු ළමයෙක් මට ආදරෙයි කිව්වා. එයා කිව්වා ඔයාගේ මුණේ තියෙන කුරුලෑ ඔක්කොටම වඩා මම ඔයාට ආදරෙයි කියලා.
    images


    මට ඒ වචනෙ දැඩිවම හිතට වැදුණා. මගේ මුහුණේ තිබුණු කුරුලෑ නිසා මම අඬලත් තියෙනවා. මම දෙවියන්ගෙන් නිතරම අහන දෙයක් වුණේ ඇයි මට මේ වගේ මුහුණක් දුන්නේ කියලා. මම ලස්සනයි කියලා කවදාකවත් මට හිතුණේ නැහැ. දවසක් මම කණ්ණාඩියෙන් මූණ බලමින් ඉද්දී තාත්තා ආවා. එයා ඇහුව්වා මොකද ඔය කණ්ණාඩිය දිහා බලාගෙන කරන්නෙ කියලා. එදා මම තාත්තට විහිළුවට කිව්වා මම කවදහරි මේ මූණ කෝටි ගණනකට විකුණනවා කියලා. මට ඒ සිද්ධිය අද වගේ මතකයි.

    මම තරුණ කාලේ රැකියා කිහි‍පයක් කළා. මම වැඩ කළේ ඉගෙනීම අතරතුරයි. මුලින්ම කළේ විකුණුම් රස්සාවක්. මම ගෙදරින් ගෙදරට ගිහින් යතුරුලියන විකුණුවා. ඊට පස්සේ මම මාධ්‍ය සැලැසුම්කරුවෙක් වශයෙන් වෙළෙඳ දැන්වීම් ආයතනය වැඩ කළා. ඒ කාලයේදී තමයි නිරූපණ ශිල්පියෙක් වශයෙන් වැඩ කළේ. මම එම ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආවා.

    එහි පළමු ප්‍රතිඵලය වශයෙන් මට වයස 29දී Jism කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණේ. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් වුණා. මාව මුලින්ම ක්ෂේත්‍රය දැනගත්තේ බිපාෂාගේ පෙම්වතා කියලා. මගේ ඇත්ත නම ෆර්හාන් ඒබ්‍රහම්. මම ක්‍රිස්තියානි නිසා ජෝන් කියන නම අමතරව පාවිච්චි කළා. ගොඩක් අය කිව්වා මට ෆර්හාන් ඛාන් කියලා නම වෙනස් කරන්න කියලා. මොකද ඒ කාලේ ඉඳන්ම ඛාන් යන නම ප්‍රසිද්ධයිනෙ. නමුත් මම ජෝන් ඒබ්‍රහම් කියන නම භාවිත කළා.

    කවදාකවත් ආයෝජන අවස්ථා මඟ හරින්න එපා. අපි කොපි කරන්නේ නැතිව අපේම දේවල් නිර්මාණය කරන්න ඕනේ. හොලිවුඩයේ සිනමා තාක්ෂණය අපිට වඩා අවුරුදු ගාණක් ඉදිරියෙන් ඉන්නේ. තිත්ත වුණත් ඇත්ත ඒකයි. කවදත් ආදායම් අතින් ඉදිරියෙන් ඉන්නේ හොලිවුඩයයි. මේ දේවල් තාවකාලියකයි. මම නිෂ්පාදන සමාගමක් පටන් ගත්තේ ඒ හේතුව නිසයි. එමගින් තරමක් වෙනස් සිනමා නිර්මාණ කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම Wrangler නමින් ඩෙනිම් පෙළක් මගේ සමාගම විසින් හඳුන්වා දුන්නා.

    මට ලෝකයේ බොහෝ තැන්වල වටිනා ඉඩම් සහ නිවාස තියෙනවා. එවැනි වත්කම් රැස් කිරීම ඉතාම වැදගත්. මම නිවාඩුවකට කොහේ හරි ගියත් ඒ තැන ගන්න පුළුවන් නම් මම ගන්නවා. මම අයෝජන අවස්ථා මඟ හරින කෙනෙක් නාෙවයි. මුදල් පරිහරණය ගැන කල්පනාකාරී වන්න. මට සල්ලි ගොඩක් වැදගත්. මගේ උපාධිය කරන විශ්වවිද්‍යලයේ ගැහැනු ළමයෙක් සමග සම්බන්ධයක් තිබුණා.

    එය විවාහය දක්වාම ගියා. නමුත් විවාහ වෙන්න මං ගාව සල්ලි තිබුණේ නැහැ. ඒ කාලේ මගේ බැංකු පොතේ තිබුණේ රු. 550ක් පමණයි. මේ කතාව ඔයාලා විශ්වාස කරන එකක් නැහැ. නමුත් ඒක තමා ඇත්ත. ඉතිං ඒ නිසා ඒ සම්බන්ධය නැති වුණා. එදා මට විවාහය කරන්න සල්ලි තිබුණානම් වෙන්වීමක් වෙන්න සිදුවෙන්නේ නැහැ. ඒක නිසා මට අදත් රුපියලක මුදල රුපියල් 1000ක් තරම් වටිනවා. මම අභිමානයෙන් කියන දෙයක් තමයි මම සතපහක වංචාවක් කරලා නැහැ කියන එක.

    මම කවදාකවත් දෙමවුපියන්ගේ සල්ලිවලින් මට අවශ්‍ය කිසිදෙයක් ගත්තෙ නැහැ. ඒ හැම දෙයක්ම වියදම් කළේ අධ්‍යාපනයට. මම සල්ලිවලට බොහොම ගෞරව කරනවා. ඒක නිසා නාස්තිකාර වියදම් කරන්නෙ නැහැ. මේ වෙද්දි මම වටිනා වාහන පාවිච්චි කරනවා. නමුත් මම මුලින්ම ගත්ත පරණ ටාටා කාර් එක මගේ ළඟ තාමත් තියෙනවා. මම ඒකාලේ වැදගත් ගමනක් සඳහා යන්න රු. 450කට ගත්ත සෙරෙප්පු කුට්ටම තාමත් මගේ ළඟ තියෙනවා. ඒ දේවල් එකතු කරන්නේ මම ආපු තත්ත්වය අමතක නොකරන්නයි.

    මට ස්ථාවර වෙන්න කාලයක් ගියා. ඒක නිසා මගේ විවාහයත් පරක්කු වුණා. නමුත් මම විවාහ වුණේ මට වයස 42දී. එය ඉතාමත් සරල විවාහයක්. ඇගේ නම ප්‍රියා රන්චෝල්.
    hycp24pakhi_GFU1KJB_274006e.jpg

    ඇය මාව ගොඩක් තේරුම් ගත් සරල ආදරණීය බුද්ධිමත් තරුණියක්. බොහෝ දෙනා මාව දැක්කේ ස්ත්‍රී ලෝලියෙකු ලෙසයි. ඒක ඇත්තටම වැරදි දැක්මක්. මම කවදාකවක් ගැහැනු ළමයින් සමග අනවශ්‍ය දේවල්වලට යොමුවෙලා නැහැ. ජනප්‍රිය බවට ස්ත්‍රීන් ගොඩක් කැමතියි.
    ඔබ කරන කියන හැම දෙයම ඉහළින් අගය කරන මෝඩයන් හතරක් පහක් ඔබ වටේට හිටියොත් ඔබ විනාශ වෙන්න පුළුවන්. දියුණු වෙද්දී බුද්ධිමත් අයට කන්දීම නතර කරලා, ඒ වෙනුවට බොරුවට අගය කරන මෝඩයන් වටකරගන්න පුද්ගලයන් විනාශ වෙනවා. මට අද ආඩම්බර වෙන්න දෙයක් නැහැ. ඒක නිසා මම සරලව ඉන්න උත්සාහ කරනවා.
    images

    මම කෙහොමත් මත්පැන් පානය කරන්නෙ නෑ. ඒක ප්‍රසිද්ධ කාරණයක්. ඒ වගේම මම සම්පූර්ණයෙන්ම නිර්මාංසයි. බොහෝ අය මම පාටිවලට නොයෑම නිසා මට චෝදනා කරනවා. මට පාටිවලට ගිහින් කෘත්‍රිමව හැසිරෙන්න අමාරුයි. මම සම්මාන ප්‍රදානෝත්සවවලට පවා යන්නේ බොහොම කලාතුරකින්. සම්මාන ප්‍රදානෝත්සව හරියට සත්තු නටවන සර්කස් වගෙයි. එවැනි සර්කස් එකක සතෙකු වෙන්න මට අවශ්‍ය නැහැ. ඇත්තටම මම අද මෙතැන ඉන්නේ මම හිතන විදිය වෙනස් නිසයි. සරලවම ඒක තමයි මගේ ජයග්‍රහණයේ රහස.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අඩෝ !!! මු මෙහෙම ඩයල් එකද්ද???? නෙත්නම් මුගේ fiළ්ම් එකක ඩොකුයුමෙන්ට්‍රි පර්ට් එකක් ද ???

    හැබෙයි ඌ ඇත්ත කියලා තියනවා මොනා වුනත්,
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mu ara bipasha sakkarawattama atharala priya ranchol wage educated girl kenek marry karapu ekanam loku deyak ;)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම දන්න දවසෙ ඉඳලා කැමති ඩයල් එකක්..
    මම එලකිරි ආපු දවසෙ ඉඳලා Avatar එකට දාගෙන ඉන්නෙත් ඌව..
    මේ සීන් එක ලඟදි දන්නේ මූනුපොතෙන්..
    මූ කියන කතාව ඇත්ත.. ආයෝජනය කරන්න ඕන තමයි..
    ඒත් බයයි බං තියෙන පිච්චියටත් කෙලවෙලා යයි කියලා..

     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඇත්ත උනත් බොරු උනත් හැදෙන එකෙක්ට සිරා කතාව බන්....