SF වීරයෝ (must read)

Bravo-02

Member
Jan 17, 2012
1,508
483
0
armyh.jpg


සර්, අපි දැන් කිලෝමීටර් 28ක් විතර ඇතුලට ඇවිත් තියෙන්නෙ. හැම තැනම ටෙරාල high secure 1ක් දීල තියෙනෙ..., ඔව් අපි මෙතන් නැවතිලා targets ගමු.
ගත වූයේ පැය ගනනක් උනත් එය සෙබලුන්ට නිමේශයක් බඳු වේලාවක් විය, ඈතින් සුපෝපබෝගී L.T.T.E රත පෙලක් වේගයෙන් පැමිණෙමින් තිබුනි. විශේශ බලකා සෙබලු 8ක් සමග කොටි කටට ගොස්, මහා විරු දිනයට පැමිණෙන කොටි නායකයන්ට ප්රහාර එල්ල කිරීමට නොබියව බාරගත්තේ, ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන්
අතර සිටි තවත් වීරයෙක්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ය.
..........................
......
රථ පෙල ලංවනවාත් සමගම අටේ කණ්ඩායම සමග ලලිත් ජයසිංහ ක්රියාත්මක විය, කොටි කිසිසේත් නොසිතූ විරූ ප්රහාරයක් එල්ල විය, මන්දයත්, එය කොටි පාලන ප්රදේශයක් පමනක්ම නොව ඔවුන්ගේ දැඩි ආරක්ෂාව තබා තිබූ ප්රදේශයකි. එහෙයින් ඔවුන් කිසි විටෙක නොසිතන්නට ඇත, අප වීරෝදාරයන් එහි සිටීය යන වග. නැවත පැමිණීම ගැන කිසිම බලාපොරොත්තුවක් සිතේ තිබෙන්නට නැතිව, ජීවිතය දේශ වෙනුවෙන් කැප කිරීමට සෙබලුන් ලලිත් ජයසිංහයන් සමග එක්වී ධරුණු ප්රහාර එල්ල කලහ. එහිදී කොටි නායකයන් කිහිප දෙන්ක්ද මියගියහ, තවද ඔවුනට දැඩි අලාබහානි සිදුවිනි.
..........................
....
එහිදී කොටි මෙල්ල කලද, ඔවුන් නැවත එන ගමනේදී අතිරේක කොටි කණ්ඩායම් රැසක් සමගම ධරණු සටන් වදින්නට ජයසිංහයන් ඇතුලු පිරිසට සිදුවිය. අවාසනාවන්ත ලෙස පාදයට වැදුනු වෙඩි පහරින් ජයසිංහයන් බිම ඇද වැටුනි. ලාංකීය ලෙය පොලව දිගේ ගලා යද්දී නැවත නැගී සිටි ඔහු පහර පිට පහර එල්ල කරමින් සහෝදර සෙබලුන් සමග නවත සටනට එක්විය. කොටි ප්රහාර ධරුනු වීමත්, උණ්ඩ හිගකමත් මැද සටනේ යෙදී සිටි ජයසිංහයන් අවසන් වෙඩිමුරය තැබුවේ පපුව පසාරු කරගෙන ගිය උණ්ඩයක් පපුව තුල තබා ගනිමින්මය.
..........................
.............
ඔහු දේශයක් එලිය කරන්නට, අපේ හෙට දවස වෙනුවෙන් තම ජීවිතය මව්බිම වෙනුවෙන් කැපකරන විට තම ලෙයින් සැදුනු මේ ලොව එලිය දැක නැති තම බිරිදගේ කුසයේ වැඩෙන බිලිදියකගේ පියෙකි.
........................
ශ්රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ දිග දුර විහිදුම් ඒකකයේ විශිෂ්ට නිලධාරියෙකු වූ මොහු රණ බිමේ පෑ සුරු විරුකම් නිසා වීර වීක්ක්රම විබුෂණ වීරක්ක්රිය පදක්කමෙන් දෙවරක්ම පිදුම් ලද අතර,දේශ පුත්,
උතුරු නැගෙනහිර සංග්රාමික,50 වන යුධ හමුදා සංවත්සර හා පුර්ණ බුමි පදක්කම්වලින් පුද ලැබීමට තරම් අබීත සෙන්පතියෙක් විය.
........................
එදා ඒ පියපුතු සෙනෙහස අහිමි කල තිරිසන් යුගය අද අවසන් වී ඇත. මොහොතකට සිතන්න මිතුරනේ ඔවුන් රට වෙනුවෙන්, තම ආදරණීයයන් දමා ගියේ අප වෙනුවෙන් නිදහස් නිවහල් දැයක් තනනටයි. ඔවුන් කල දේ බලන විට, අප රටටත්, ඔවුනටත් කල දෙයක් නැත.
..........................
...
ඔබ සදා අමරණීයයි පියාණෙනි. අපේ දේශයේ සැබෑ ආඩමබරය නුඹයි!


(මේ වටිනා තොරතුරු එවූ Rajitha Wickramarachchi මිතුරාට බෙහෙවින් ස්තූතියි! )

◆ ◆ ◆ මිතුරන් අතරේ SHARE කරන්න ◆ ◆ ◆

▂ ▃ ▅ ▆ █ අද වසරේ එක් දිනයකට පමණක් සීමා වී ඇති මාගේ රණ විරුව්න්ගේ අතීත මතකය වසරේ දින 365 දිම සමරන්නට දරන පුංචි උත්සාහයකි මේ! █ ▆ ▅ ▃ ▂

වටිනවා කියල හිතට දෙනෙනවනන් REP++ / coments දීල යන්න අමතක නොකර
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උපන් රට ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටුකළ වීරයෙක්.
     

    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    හේතුවාසනා වේවා......හේතු වාසනා.......

    පින්කෙත හෙල රන් දෙරනේ
    යලි උපදින්නට හේතුවාසනා
    වේවා......හේතු වාසනා.......
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    dan mewa mathaka na machan godak kattiyata...ekene dan rata raka ganipu weerayo kanu sudda karanne ...kochchara katha wadak da eka ........ mewawage kapakirim karapu minissu amathaka karanna hoda na machan.... mewa therenne ape palakayonta.........
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගූඩ් post මචන්..දැන් මේ මිනිසු අපෙ ජීවත්වෙලා ඉන්න අයට අමතක වේගන යන්නෙ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    නිදහස්ව නිවහල්ව ලක
    ඔබ හෙලූ සිංහ ලේ මත
    ඉපිලෙයිද අපි සැවොම අද
    නොසිටින්නට විරුවානනි ඔබ



    militaire-3.gif

     
    Last edited:

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    හය වෙනි දිනටත් හිරු උදාවිය. තවම වෙඩි තබමින් අපි යුද පෙරමුණේ ඉදිරියට ඇදුනෙමු.

    "සර් ට වෙඩි වැදිලා" සැනෙන් අශුභ ආරංචියක් සවන් පත් සිදුරු කළේ ය.කපිතාන් විජේකෝන්ට වෙඩි වැදී තිබුණි.

    "බඩී මා ළඟින්ම වරෙන්" මම සගයාට පැවසුවෙමි. එක් වරම මගේ වම් ඇලයට වැදුණු දරුණු පහරකින් මා කැරකී බිම ඇද වැටුනෙන් කිසිත් සිතාගත නොහැකිව අන්ද මන්ද වී මෙන් බලා සිටියදී සගයා මා ළගට දිව ආවේය. ඔහු මා දෙසද මා ඔහු දෙසද බලා සිටියේය.

    "කෝප්‍රල් ඔහොම්ම ඉන්න. කලබල වෙන්න එපා" යැයි පවසනු සිහිනයෙන් මෙන් ඇසුණි. වහාම මාද පිටුපසට යැවුනි. බොහෝ දෙනෙක් තුවාල ලබා සිටියදී මාද ඒ ගණයට වැටීම ගැන දුකක් දැණුනේ අන් අය මා දමා දිගටම සටන් කරනු ඇතැයි සිතුන නිසාය.

    "අජන්ත අමාරු ද?" සුපුරුදු කටහඬක් ඇසුනි.

    අමාරුවෙන් දෑස් හැරි මා ඉදිරියේ සිටියේ දෙවන අණ දෙන නිලධාරි මේජර් ජයවි ප්‍රනාන්දු ය. ඔහුට ආචාර කරන්නට විදියක් නොමැති වීම ගැන එවෙලෙහි මා ලතැවුන නමුත් ඔහු මා හරවා, "දඟලන්න එපා" යැයි පවසා "ෆීල්ඩ් ඩ්‍රෙසින්" එකක් දමා, මා අසරනව ඔහු දෙස බලා සිටියදී, මගේ උරහිසට තට්ටුවක් දමා නැගිට යන්නට ගියේය.

    පැය බාගයක් ගත නොවී ය. මම ඉබේ පියවෙන දෑස් හැර ඉන්නට උත්සාහ කෙළෙමි.

    "කෝප්‍රල්, මාත් ආවා" හඳුනන කට හඬක් ඇසී මම හැරී බැලුවෙමි. ඒ මුහුන හැඬුම්බර ද, සිනාමුසු ද සිතාගත නොහැකි විය.

    "බඩී..." යැයි පවසමින් අසීරුවෙන් සිනාසෙන්නට තැත් කෙළෙමි. ඔහුද එසේ කරනු පියවෙන ඇසි පිහාටු අතරින් මම දුටුවෙමි.

    වහා අප අනුරාධපුර රොහලට රැගෙන ආ අතර එතැනින් කොළඹ ට මාරුකර එවුනි. එහිදී හඳුනන බොහෝ දෙනෙකු මුනගැසුණි.

    "කෝප්‍රල් කොහේ ගියත් අපේ කට්ටිය ඉන්නවා නේද?"කටකාර බඩියාට මෙතරම් තුවාල වී සිටියදීත් කට පියාගෙන සිටීමට බැරි ය.

    අපේ බොහෝ දෙනෙකු හතේ වාට්ටුවේ නතර වී සිටියෝය. ඔවුන් බලා සිටියේ යුධ බිමේ සිට කවරෙකු හෝ පැමිනෙන තෙක් ය. ඒ අන් කවරක් වත් නිසා නොව යුධ බිමේ නැවුම් තොරතුරු දැන ගැනීමේ නො ඉවසිල්ලෙනි. රූපවාහිනියෙන් හා ගුවන් විදුලියෙන් හරි හැටි තොරතුරක් දැන ගැනීමට අපහසුය. දින අටක් පමණ අපි එහි නො ඉවසිල්ලෙන්, වේදනාවෙන්, අපහසුවෙන්(විටෙක විහිලුවක් කර සතුටින්) බලාපොරොත්තු සහගතව බලා සිටියෙමු.

    "අපි අල්ලා ගත්තා" සතුටු දායක සුභාරංචිය සියලු දෙනා සතුටින් උද්දාමයට පත් කළේය.නමුත් ආරංචිය පැවසූ සෙබලා ජයග්‍රාහී විලාසයෙන් අත් ඔසවා දකුනු ඇලයේ අලුත දැමූ මැහුම් තුනක් කඩා ගත්තේය.


    අද ආපසු හැරී බැලුවෙමි...
    දශක දෙකකට ඉහත අතීතය...
    එදා මා ඉතාමත් තරුණ වියේදී
    යුධ බිමේ ගෙවූ කටුක ජීවිතය හා ජවයෙන් එඩියෙන් යුතුව
    එකම අරමුනක් කරා පියනැග්ග අපූරුව....
    අසීරුම අවසිථා වලදී එකට එක්ව එකා මෙන්
    එකම සතුරු කැලකට එරෙහිව යුධ වදින්නට අප වාසනාවන්ත වූ හැටි...
    පුදුමයි....
    ඒ එකමුතුකම උස් පහත් කමක් නොමැතිව
    අපේ මනුස්ස කම වෙනුවෙන් කැප වූ හැටි....
    ඒ සියල්ලටම වැඩියෙන්...
    එදා සිට අද වන තෙක්
    මේ බලකාය වෙනුවෙන් මගේ සිතේ පැසවන ආදරය....

    -ලුතිනන් අජන්ත රාජපක්ෂ



    උපුටා ගැනීම- කිසි විටෙකත් සතුරාට යටත් නොවෙන මා කෘතියෙන්
    අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා
    ශ්‍රි ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය
     

    Bravo-02

    Member
    Jan 17, 2012
    1,508
    483
    0
    නිදහස්ව නිවහල්ව ලක
    ඔබ හෙලූ සිංහ ලේ මත
    ඉපිලෙයිද අපි සැවොම අද
    නොසිටින්නට විරුවානනි ඔබ



    militaire-3.gif


    patta...