SF වෙනුවෙන් 16දා යළිත් උද්ඝෝෂණ
නිදහස දුන් විරුවාගේ නිදහස වෙනුවෙන් හඩක් නගන්නැයි ඉල්ලීමක්
දේශීය 2010 මාර්තු 14 වෙනි ඉරිදා, 13:06
පුරා වසර 30ක් තිස්සේ මේ රට වෙලාගෙන පැවැති බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කර ජනතාවට බිය සැකයෙන් තොරව ජීවිත් වීමට ඉඩ සලසා දුන් යුද විරුවා අයුක්ති සහගත ලෙස නීති විරෝධීව යුද අධිකරණය හමුවට පැමිණවීමට එරෙහිව එළඹෙන 16 වනදා නගරවලට පැමිණ විරෝධය පළකරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනොමා ෆොන්සේකා මහත්මිය මෙම ඉල්ලීම කළේය.
ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ අනෝමා ෆොන්සේකා මහත්මිය, "මේ ආකාරයෙන් සැලකිළි ලැබීමට මගේ සැමියා කළ වරද ඔහු මව්බිමට සේවය කිරීමද? අද රටේ තිබෙන්නේ සධාචාර ධර්මවලට විරුද්ධව යන ගමනක්. ත‍්‍රස්තවාදය විනාශ කොට රට නිදහස් කර ගත්තත්, රටේ යුක්තිය සහ සාරධර්ම නැති වෙනවා. නිදහස නැතිවෙමින් තිබෙනවා.
බොරු චෝදනා මත මගේ සැමියා දේශද්‍රෝහියෙක් බවට පත් කරන්න දරන වෑයම පරද්දන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ සඳහා අප ගන්නා උත්සාහයට ඔබේ දායකත්වයත් දක්වන්න." යැයි පැවසීය.
නිදහස දුන් විරුවාගේ නිදහස වෙනුවෙන් හඩක් නගන්නැයි ඉල්ලීමක්
දේශීය 2010 මාර්තු 14 වෙනි ඉරිදා, 13:06 පුරා වසර 30ක් තිස්සේ මේ රට වෙලාගෙන පැවැති බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කර ජනතාවට බිය සැකයෙන් තොරව ජීවිත් වීමට ඉඩ සලසා දුන් යුද විරුවා අයුක්ති සහගත ලෙස නීති විරෝධීව යුද අධිකරණය හමුවට පැමිණවීමට එරෙහිව එළඹෙන 16 වනදා නගරවලට පැමිණ විරෝධය පළකරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනොමා ෆොන්සේකා මහත්මිය මෙම ඉල්ලීම කළේය.