Fedrika Janz and Lal Wickramathunga left the country a shortwhile ago before the most awaited White flag verdict tomorrow
........await more details



ඉස්තුතියි හර්ද ශාක්ෂියට ගරු කරන උඹල ඔක්කොටම![]()
සුදු කොඩි නඩුවේ නිර්මාතෘ ලාල්-ෆෙඩි්‍රකා යුවල තීන්දුවට පෙර මහජන විරෝධයට බියේ රටින් පනී
ජනරල් ෆොන්සේකාට එරෙහි සුදු කොඩි නඩුව පැටලැවූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ කුප්‍රකට ෆෙඩි්‍රකා ජෑන්ස් සහ එහි අයිතිකාර ලාල් වික්‍රමතුංග දෙදෙනා එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම හෙටට යෙදී තිබියදී අද උදෑසන ජනතා විරෝධයට බියේ රටින් පලාගොස් තිබේ.
දෙදෙනාම මේ වන විට එංගලන්තයට ලඟා වී ඇති අතර එකම ස්ථානයක එකම කාමරයක් වෙන්කරවාගෙන ඇතැයි වාර්තා වේ. ඔවුන් වෙසෙන ස්ථානය කුමක්දැයි යන්න අප සතුව ඇති නමුත් ආරක්ෂාව පතා පැමිණි කෙනෙකුට හිරිහැරවීම වළක්වනු පිණිස අප එය හෙළි නොකරමු.
සත්‍ය හෙළිකරන මාධ්‍යවේදීන් රාජපක්ෂ රෙජීමයේ මර්දනයට බියෙන් රටින් පළා යද්දී මොවුන් දෙදෙනා පළාගොස් ඇත්තේ අසත්‍ය ප්‍රවෘත්ති පැළ කිරීමත් රෙජීමයට පක්කලිකම් කරමින් නිවැරදි ජනතා වීරයෙකු හිරේ විලංගුවේ ලැග්ගවීමට උඩගෙඩි දීම නිසා නැග ආ මහා ජනතා විරෝධයට මුහුණ දීමට බිය වීමත් නිසා ය.
පසුගිය කාලයේ ෆෙඩි්‍රකා ජෑන්ස්ට ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දී තිබිණ. මහජන විරෝධය මගහැරවීම පිණිස පක්කලියන් ලවා මර්වින් සිල්වා පහර දෙන්න එනවා යයි නිවේදන නිකුත් කරමින් තවත් වටයකින් ජනතාව මුලා කිරීමට කළ උත්සාහය ද ලංකා ඊ නිව්ස් වැනි වෙබ් අඩවි විසින් හෙළි කිරීම නිසා අසාර්ථක විය.
ලාල්-ෆෙඩි්‍රකා යුවලට ජනතා විරෝධය මග හැරෙන තුරු මෙසේ රටින් පිටව සිටින්නැයි ආරක්ෂක ලේකම්වරයා ද උපදෙස් දී තිබේ. මේ අනුව සුදු කොඩි නඩු තීන්දුව කුමන ආකාරයේ තීන්දුවක් දැයි යන්න උපකල්පනය කළ හැක.
මේ අතර අද සවස් වන විට කොළඹ අධිකරණ ප්‍රදේශයට මාර්ග බාධක විශාල ප්‍රමාණයක් පොලීසිය විසින් ගෙනැවිත් දමා තිබේ.
එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා හෙට අධිකරණ කලාපයට පැමිණ ජෙනරාල් ෆොන්සේකා මහතාට සහාය පළකරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ජෙනරාල් ෆොන්සේකා මහතාට සෙත්පතා අද රාත්‍රී කොස්වත්තේ ශ්‍රී සිද්ධාරාම විහාරයේ බෝධි පූජා පිංකමක්ද පැවැත්වෙන බව කරු ජයසූරිය මහතා ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.




උන් රට පැන්න එක හොඳයි නැත්නම් මිනිස්සු අල්ලගෙන ගහනවා![]()



