අප දේශයේ “අවනීතයට අවනත නොවූ අභීත අභිමානනීය” සංකේත වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පුනරාගමනය සනිටුහන් කරමින් දේශයේ අභීත සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා ජනතාව අතරට පැමිණෙන මොහොතේ, ඔබේ නිවසේ ජාතික කොඩිය ඔසවා, කිරිබතක් පිස, රතිඤ්ඤා හඩින් තම ගෞරවය හා සොම්නස පළකරන මෙන් “ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී.