SF's Political Manifesto

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජෙනරල් ෆොන්සේකා ප‍්‍රමුඛ පොදු විපක්‍ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දකී


    sf1-copy.jpg
    sf2-copy1.jpg
    sf3-copy.jpg


    (ලංකා ඊ නිව්ස් -2010.ජන.07, ප.ව.12.50) පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රමුඛ විපක්‍ෂ සන්ධානය සිය අනාගත දේශපාලන ගමන් මඟ පැහැදිලි කරන ‘විශ්වාසනීය වෙනසක්’ නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අද (07) කොළඹ සිලෝන් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවැති චාම් උත්සවයකදී එළිදැක්විය.


    මෙම අවස්ථාව ආරම්භයේදීම තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමැති එස්. සෙල්ලසාමි මහතා ජෙනරාල්වරයාගේ සහායට එක්වීම විශේෂ සිදුවීමක් විය.


    මෙය මැතිවරණයක් ලඟ එන විට ඉදිරිපත් කරන සුපුරුදු මැතිවරණ ප‍්‍රකාශනයක් නොවන බවත් ඉදිරියේ රට ගොඩනගන ගමන් මාර්ගය කුමක්දැයි තහවුරු කරන තිරසාර ප‍්‍රතිපත්ති මාලාවක් බවත් මෙය ඉටු කිරීමට මා ඇතුළු මා සමඟ සිටින සියලූ දේශපාලන පක්‍ෂ බැඳී සිටින බවත් මෙහි ඇති සෑම ඉස්පිල්ලකටම පාපිල්ලකටම ජනතාවට වගකියන බවත් පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.


    ජෙනරාල් වරයා දෙන පොරොන්දු ලෙස ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවෙල ප‍්‍රධාන කරුණු 10 කින් සමන්විතය. එය මෙසේය.


    x ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරන අතර සාමය දිනා ගනිමි.
    x දූෂණය හා නාස්තිය මුලිනුපුටා දමමි.
    x අතමිට සරු කර ගැනීමට හැම පවුලකටම උපකාර කරමි.
    x ජීවන බර සැහැල්ලූ කරමි.
    x ජාතික ඒකාග‍්‍රතාව ගොඩනගමි.
    x සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය ක‍්‍රමවත්ව නගා සිටුවමි.
    x කාන්තා අයිතීන් සුරකින ගෞරවාන්විත තත්ත්වයක් ඇති කරමි.
    x තරුණ පරපුරට රැුකියා ලබාදෙමි.
    x යුක්ති ගරුක හා විනය ගරුක සමාජයකට අඩිතාලම දමමි.
    x ජාතික ආරක්‍ෂාව සුරකිමි.


    එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන එම පෙරමුණේ සාමාජික පක්‍ෂවල නායකයෝ ද, ජවිපෙ, මුස්ලිම් කොංග‍්‍රසයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායකයෝද, තැපැල් නියෝජ්‍ය ඇමැති එස්. සෙල්ලසාමි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.