SHANGRI-LA HAMBANTHOTA JUNE 1 විවෘත_වේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,000
    113
    SLHT-About_the_resort.jpg

    හම්බන්තොට ඉදිවෙමින් පවතින හම්බන්තොට රිසෝට් ඇන්ඩ් ස්පා එළඹෙන ජූනි 01 වන දින විවෘත කරන බව සමාගම ප්‍රකාශ කර සිටී. අක්කර 145 ක් පුරාවට විහිදුණු මෙම නිකේතනය, වෙරළට මුහුණ ලා ඉදිවුණු කාමර 300 කින් හා සිදුරු (Golf hole) 18 ක ගොල්ෆ් පිටියකින් සමන්විත අතිසුඛෝපභෝගී හෝටලයකි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෂැංග්‍රි-ලා හි සභාපති හා ප්‍රධාන විධායක, ග්‍රෙග් ටොගන් මහතා මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉන්දියානු සාගරයේ ඉතා සුන්දර තැනක පිහිටි ශ්‍රී ලංකාව වසර 2,000 කට අධික ඉතිහාසයකට හිමිකම් කියනු ලබනවා. එහි ස්වභාව සෞන්දර්ය අතිරමණීයයි. එසේම එහි ජනතාව අතිවිශිෂ්ටයි. ෂැංග්‍රි-ලා අතිසුඛෝපභෝගී නිකේතනය හම්බන්තොට ඉදිවන්නේ ඒ අනුවයි.“

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ෂැංග්‍රි-ලා සභාපතිවරයා කියා සිටියේ ෆ්ලයි ඩුබායි හා රොටානා ජෙට් ගුවන් සේවයන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ වෙත සෘජු ගුවන්ගමන් ක්‍රියාත්මක වන බැවින් ඉතා පහසුවෙන් ෂැංග්‍රි-ලා හම්බන්තොට රිසෝට් වෙත ළඟා විය හැකි බවයි. මත්තල ගුවන් තොටුපළේ සිට හෝටලයට ඇති දුර කිලෝමීටර 35 කි.

    මේ අතර කොළඹ ගාලු මුවදෙර ඉදිවන ෂැංග්‍රි-ලා හෝටලය2017 වසරේ දී විවෘත කිරීමට නියමිත බව සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.






    Biz-Final2-Land-compressedgfgf.png
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Aparade. Mahindage kale hadanna patangatte hambantota next big city kiyala hithagana wennathi. Okata wadiya kattiya eida kiyala sure na

    මේක මෙහේ උන්ට ප්‍රමෝට් කරන්නෙ නෑ කියල තමා බන් කියන්නෙ.මේක 5 ස්ටාර් + හෝටලයක්.ඒ කියන්නෙ 7 වගේ තමා.එක නයිට් එකට බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් 200$ + වගේ කියල තමයි අරන්චි.ඊට වැඩි වෙන්න පුලුවන්.ෆුල් බෝඩ් කියල එකක් නෑ.බුෆේ එකක් නෑ.අලාකාට් තියෙන්නෙ.ඒවට වෙනම ගෙවන්න ඔන.ලන්කාවෙ උන්ට හරියන්නෙ නෑ.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    As someone involved in aviation industry I've repeatedly said in this forum why Mattala airport is not functioning properly.

    for an airport to function you need two things. a sizable hotel and a good hospital nearby.
    without those no airline would fly to an airport.

    Mattala was a giga project. it included an airport, a hospital, hotel complex, industrial zone and a interconnecting road network.

    brainwashed bastards in the country didn't see the big picture.

    see what's gonna happen to mattala after the opening of Shangri-La and the new hambantota hospital