Sherlock Holmes in Sri Lanka

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඒ පසුගිය ශීත සෘතුවයි. හෝම්ස් සහ මා ශ්‍රී ලංකාවට පැමිණියේ පරීක්ෂණයක් සඳහා නොව විවේකය ගතකිරීමේ අරමුණිනි. ඇත්ත වශයෙන් කිවහොත් රහස් පරීක්ෂණයක් සඳහා මිස සංචාරයට එතරම් ප්‍රිය මනාප නොවන හෝම්ස්ගේ මෙම සංචාරක ගමන පුදුම සහගතය. ශ්‍රී ලංකාව පිළිබඳ ලිපි සහ පොත්පත් කිහිපයක් කියවීමෙන් ගමනට අවශ්‍ය අඩිතාලම දැමිනි. ශ්‍රී ලංකාවේදී යම් රහස් පරීක්ෂණ කටයුත්තක් කිරීමේ ආශාවද තිබෙන්නට ඇත.

    අප ගුවන් මඟින් ලංකාවට පැමිණ කොළඹ හෝටලයක නවාතැන් ගතිමු. හෝම්ස් හා මා සතියක පමණ කාලයක් සංචාරය කල අතර පුවත්පත් වල තිබූ සොරකම් ඝාතන ආදිය ගැන හෝම්ස්ගේ උනන්දුව පෙර පරිදිම විය. මේ අතර ලංකාවේ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආරාධනා කිහිපයකට සහභාගී වීමටද අපට අවස්ථාව ලැබිනි.

    "වොට්සන්, මෙහේ අපරාධ එච්චර සංකීර්ණ නෑ, නමුත් අපරාධකරුවන්ගේ ජාලය හරිම සංකීර්ණයි, විසඳීම අපහසුයි"

    "ඒ කියන්නෙ හෝම්ස්?...."

    "වොට්සන්ට මතක ඇතිනේ මොරියාටි, මොරියාටි නීතියෙන් කොටුකරගන්න අවුරුදු ගානක් ගියා. ඔහුගේ සිවිල් බලයත්, ඔහු වටා සිටි අපරාධකරුවන් අධික සංඛ්‍යාවත් නිසා කෙලින්ම ඔහු හසුකරගැනීම දුෂ්කර උනා. අන්තිමට ඔහු දිය ඇල්ලෙන් තල්ලු කරල දාන්නයි මට සිදුවුනේ"

    "සර් ඔබතුමා මුනගැහෙන්න කෙනෙක් ඇවිල්ල ඉන්නව"

    හෝටල් සේවකයෙකු අමුත්තෙකු කැඳවාගෙන පැමිණි අතර තවත් අපරාධ පරීක්ෂණයක ලකුණු ඉවෙන් මෙන් මට දැනෙන්නට විය. පැමිණි අමුත්තා අනාරාධිතවම කතා කිරීමට විය,

    "හෝම්ස් මහත්තයා ඔබතුමා මේ උදව්ව කරන්නම ඕන.... මෙහේ පොලිසියට කියල වැඩක් නෑ..... උං&%*&*^ ......"

    "හරි ඉලන්දාරියා....... මෙහෙන් වාඩි වෙන්න.... කියන්න ඔබේ ප්‍රශ්නය මුල ඉඳල" පැමිණ සිටියේ තරුණයෙකි. ඔහුගේ වයස විසි පහක් තිහක් පමණ වෙතැයි සිතිය හැකි විය.

    "හෝම්ස් මහත්තයා දවස් දෙකකට ඉස්සෙල්ල මගේ තාත්ත මැරුව.... පොලිසියෙන් මොකුත් කරල නෑ මේ වෙනකල්....."

    "බොහොම කණගාටුයි මහත්මයා...... කවුද ඔබේ පියාගේ ඝාතකයා.... කතාව මුල ඉඳල කියන්න"

    "මගේ තාත්ත ව්‍යාපාරිකයෙක්. අමාරුවෙන් දියුණු වුන කෙනෙක්. අපේ නගරෙ ඔය තත්වෙට දියුණු උනේ තාත්තගෙ ව්‍යාපාර නිසා.... මෑතක ඉඳල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න කල්ලියක් බිහිවුනා. හැම කෙනෙක්ම කප්පම් දීල තමයි පන බේරගෙන හිටියෙ. තාත්ත ව්‍යාපාර වලින් කප්පම් ගෙව්වෙ නැති නිසයි එයාට මැරෙන්න සිදුවුනේ............................................................................................................................................................................................................"

    "කවුද කප්පම් ගන්නෙ?"

    "ගොක්කොල සිරී! (see the link) ඌ තමයි මෙහේ පාතාල නායකය!"

    ---------------------------------------------------------------------------------

    එදිනම අප පිටත් වූයේ මිනීමැරුම සිදුවූ ස්ථානයටය. පුදුමයකට මෙන්, ඝාතනය සිදුවීමෙන් ගතවී තිබුනේ දින දෙකක් පමණක් වුවද අපරාධයක් සිදුවූ ස්ථානයක් යැයි කිව නොහැකි තරම් සාමාන්‍ය තත්වයට පත්වී තිබුනි.

    "මෙතන විනාශ කරල වොට්සන්, මම හිතන්නෙ නෑ අපිට වැදගත් තොරතුරක් හොයාගන්න පුළුවන් වේවි කියල!" හාත්පස බලමින් හෝම්ස් පැවසීය. මේ සමඟම හෝම්ස්ගේ ඉල්ලීම පරිදි, ප්‍රදේශය අයත් පොලිස් ස්ථානයෙන් එවන ලද නිලධාරීන් දෙදෙනාද පැමිණියහ.

    "සර්, මම සාජන් පෙරේර! මේ පීසී ගුණතිලක! අපේ සර් තමයි එව්වෙ, ඔබතුමාට ඕන උදව්වක් කියන්න....."

    "හ්ම්....... පෙරේරා..... ඇයි මෙතන මිනීමැරුමක් වෙලත් ලේ පාරක්වත් නැත්තෙ?" හෝම්ස් විමසීය. එකෙනෙහිම පිළිතුරු ලැබුනේ ගුණතිලකගෙනි,

    "සර්,.... පැය දෙකක් විතර ගියාට පස්සෙ ඔතන හෝදල දැම්ම! ඒකයි....."

    "මොනව! හේදුව? ඔහේලට පිස්සුද? අපරාධයක් වෙච්ච ස්ථානයක තියන සාක්ෂි හෝඩුවාවල් ඔක්කොම විනාශ වෙනවනෙ මනුස්සයෝ!" හෝම්ස්ගේ කටහ‍ඬෙහි තිබුනේ කෝපයකි.

    "ඕක මොකද්ද සර්, ජනාධිපති කෙනෙක් පාර මැද්දෙ මරල දාපු වෙලාවෙත් හෝදන්න කලින් තිබුනෙ පැය බාගයයි සර්!"

    "මෙහෙමත් බූරුවො!" මට කියවුනේ මවුබසින් වීම භාග්‍යකි! ස්ථානීය පරීක්ෂාව අත්හැර දැමූ හෝම්ස් අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමට විය.

    "ධනවර්ධන මුදලාලි වාහනෙන් බහිනකොටම තමයි බයික් එකේ ආපු, මූන වහගත් දෙන්න වෙඩිතියල තියෙන්නෙ.... නමුත් කවුරුහරි කෙනෙක් ඔත්තුවක් දෙන්න ඇති වොට්සන්!"

    "හරි! මේ තියෙන්නෙ තැන.... මෙතන කිහිප දෙනෙක් ඉඳල තියනව.... මේ තියෙන්නෙ එයාල බීපු සිගරට් කොට.....බීපු ප්‍රමාණය අනුව නම් සෑහෙන්න වෙලාවක් ඔත්තුකාරය මෙතන ඉඳල තියනව වොට්සන්...." එහෙත් ලාංකීය නිලධාරියා බාධා කලේය,

    "සර්.... මේ හරියෙ ඉන්න කොල්ලො කුරුට්ටො අන්න අර කඩෙන් ගන්න සිගරට් බොන්නෙ මෙතන.... ඒකයි මෙච්චර සිගරට් කොට තියෙන්නෙ..... නැතුව ඔත්තුකාරයගෙ වැඩක් වෙන්න බෑ.... නේද සර්?"

    "ඒක එහෙම නං ඒ පැත්ත ගැන වෙහෙසෙන එකත් වැඩක් නෑ වොට්සන්"

    "ඔව් සර්..... ලංකාවෙ හැටි ඔහොම තමයි.... අනෙක ඔතන තාප්පෙ ගහල තියෙන්නෙ දුම්බීම තහණම් කියල..... ඒ තැන්වල තමයි සිගරට් බොන්නෙ....."

    "හ්ම්! "

    පොලිස් නිලධාරීන් දෙදෙනා පිටත්කල හෝම්ස් මා කැටුව "සිගරට්" කඩයට පැමිණියෙමි.

    "අපි බලමු වොට්සන් මෙතනින් හෝඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියල!"

    එහෙත් අවසානයේ එයද අසාර්ථක විය. හේතුව කිසිවෙකු ගොක්කොල සිරීට විරුද්ධව කිසිවක් නොපැවසීම බැව් සිතාගැනීම අපහසු නොවීය. අප නැවතත් හෝටලයට පැමිණියෙමු. සවස් කාලයේ යලිත් අමුත්තෙකු පැමිණ ඇති බැව් සේවකයා විසින් දන්වන ලදී,

    "වයසක ගෑණු කෙනෙක් සර්.... යන්න කියන්නද?" සේවකයා විමසීය.

    "එපා එවන්න,...... බලමු වොට්සන් ඒ ගමන මොකද වෙන්නෙ කියල!"

    පර්දාවකින් වසාගත් හිස පහතට නැඹුරු කරගත් ඕ යන්තමින් හිස එසවීය, පුදුමයකි! ඇය රූමත් තරුණියකි.....

    "හෝම්ස් මහත්තයා.... කරුණාකර ඔබතුමා කරන පරීක්ෂණය වහාම නවත්වන්න..... රහස් පරීක්ෂණ කරන්න ලංකාව හොඳ රටක් නෙවේ.... අන්තිමට ඔබතුමත් අපරාධකාරයෙක් වෙන්න පුළුවන්.... නැත්තං දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන්.....මම යනව මෙන්න මගේ කාඩ් එක!"

    "මේ මොකද වෙන්නෙ වොට්සන්! එක අතකට ඒ කාන්තාව කියපු කතාව ඇත්ත කියලත් මට හිතෙනව, හැබෑටම බලන්න ඔය කාඩ්පත, ඇයගේ නමවත් බලාගන්න!" මා කාඩ්පත බැලීමි,

    "නදීෂා හේමමාලි" යනුවෙන් නමක්ද ලිපිනයක්ද දුරකතන අංකයක්ද එහි විය.

    "වොට්සන්, මේ ගොක්කොල සිරී කියන පාතාල නායකයට සෑහෙන්න සම්බන්ධකම් ඇති! ඒකයි අපිට අනතුරු ඇඟවීමක් ලැබුනෙ.... දැන් මේ ගැන මගේ උනන්දුව එන්න එන්නම වැඩි වෙනව වොට්සන්. අපි හෙට ආයෙත් යන්න ඕන මරණය සිදුවූ ස්ථානයට"

    පසුදින උදෑසන ආහාරය සඳහා පිටත් වීමට මත්තෙන් හෝටල් සේවකයා විසින් කාමරයට ගෙනදුන් පුවත්පත් පෙරලමින් සිටියේ හෝම්ස් සූදානම්වන තෙක්ය. එක්තරා පුවතකට මගේ අවධානය යොමුවිය,

    "හෝම්ස් මෙන්න ඔබට වැදගත් ප්‍රවෘත්තියක්! පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයක්! සැකකරුව ගොක්කොල සිරී!" බාගෙට අඳිමින් සිටි හෝම්ස් ක්ෂණිකව පැමිණියේය.

    "කියවන්න වොට්සන්....."

    පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි!
    "වැල්ලවත්ත පොලිසියේ සේවය කල පොලිස් සැරයන් පියතිලක මහතා ඊයේ රාත්‍රී නිවසේ සිටියදී කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇත....ඝාතකයා ගොක්කොල සිරී බව සැක කරන...."

    "ඇති වොට්සන්.... අපි දැන්ම යමු..... තාම ගෙදර හෝදන්න නැතුව ඇති"

    පැය භාගයක් ඇතුලත හෝම්සුත් මමත් පොලිස් නිලධාරියාගේ නිවසට ලඟාවිය. හෝම්ස්ගේ නම, ඒ වනවිටත් පොලිස් ආරක්ෂාව යොදා තිබූ නිවසට ඇතුළු වීමට තරම් බලවත් විය. විශාල වශයෙන් පැමිණ සිටි රූපවාහිනී මාධ්‍යවේදීන්, හඬමින් සිටි පොලිස් නිලධාරියාගේ භාර්යාව සහ දරුවන්ගේ විස්තර ලබාගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන් සමඟ කතාබහ කිරීමේ අවකාශය මඟහැරිනි. කෙසේ වෙතත් පැයක පමණ පරීක්ෂණ කටයුතු වලින් පසු හෝම්ස් සෑහීමකට පත්වූ අයුරක් දිස්විය.

    "වොට්සන් අපි යමු. සමහර විට උදේ ආහාරය තාම ඇති!"

    එන ගමනේදීද කිසිවක් නොපැවසූ හෝම්ස් නිහඬව ආහාර ගත්තේය. කාමරයට පැමිණ සුරුට්ටුවක් දල්වාගත් හෝම්ස් ඉන් අඩක් පමණ අවසන් කර කටහඬ අවධි කලේය.

    "වොට්සන්, ගොක්කොල සිරී අල්ලගන්න තරම් සාක්ෂි මට තියනව කියලයි හිතෙන්නෙ....බලමු! ලංකාවෙ පොලීසියට මොකද කරන්න පුළුවන් කියල! හෙට හවස අපි යනව ගොක්කොල සිරි අල්ලන්න!"

    එදින සන්ධ්‍යා භාගයේ චිත්‍රපටයක් නැරඹු අප කාමරයට පැමිණෙන විට රාත්‍රී දහය පමණ විය. ඒ සමඟම කාමරයට පැමිණි හෝටල් සේවකයා යම් පාර්සලයක් හෝම්ස් වෙත දිගු කලේය.

    "සර්, පොලීසියෙ මහත්තයෙක් ඇවිල්ල මේක හෝම්ස් මහත්තයට ‍දෙන්න කිව්ව" පාර්සලය හෝම්ස්ට දුන් සේවකයා පිටත් විය.

    "වොට්සන්, ලංකාවෙ අපරාධ සිද්ධි සම්බන්ධ පුවත්පත් වාර්තා ටිකක් ලබාදෙන්න කියල මම අර පොලිස් අධිකාරී කෝන්ගොඩ වික්‍රමපාල මහත්තයට කිව්වනෙ.... අන්න ඒ ටික තමයි මේ.... වොට්සන් නිදාගන්න.... මම මේ ටික කියවන්න ඕන...."

    "එහෙනං සුභ රාත්‍රියක් හෝම්ස්"

    "සුභ රාත්‍රියක් මිත්‍රයා"

    පසුදින අවදිවූ මා හෝම්ස්ට කලින් සූදානම් වීමට සිතුවද ඒ වනවිටත් හෝම්ස් කලබලයෙන් මෙන් ලැහැස්ති වෙමින් සිටියේය.

    "වොට්සන් ඉක්මන් කරන්න.... පරක්කු වෙන්න වෙලාවක් නෑ.... දැන්ම ගියොත් විතරයි අපිට ගොක්කොල සිරී පන පිටින් අල්ලගන්න පුළුවන් වෙන්නෙ...." කඩිනමින් සූදානම් වූ මා හෝම්ස් සමඟ ටැක්සියක නැඟගත්තෙමි.

    "ඇයි හෝම්ස්? ඔබ කලින් කිව්වෙ හවස යනව කියල නේද?"

    "ඔව් වොට්සන්..... නමුත් ඊයෙ රෑ තුන වෙනකල් අර පත්තර වාර්තා කියවපු මට තේරුනා ගොක්කොල සිරි අල්ලගන්නව නං උදේම යායුතුයි කියල.... නැත්තං අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්!..... වොට්සන්ට මතක ඇති අපි වෙනදට මෙහෙම කඩිනමින් යන්නෙ අපරාධ කාරයෙකුගෙන් අහිංසකයෙක් ‍බේරගන්න..... අද යන්නෙ අපරාධ කාරයෙක් ඊට වඩා අපරාධ කාරයෙකුගෙන් බේරගන්න......"

    "ඒ කිව්වෙ හෝම්ස්?"

    "යමුකො..... ඩ්‍රයිවර් මහත්තා ටිකක් ඉක්මන් කරන්න"

    අප ගොක්කොල සිරිගේ නිවසට යන විට එහි සෙනඟ ටික දෙනෙකු රැස්වී සිටියේය.

    "වොට්සන් අපි පරක්කු වැඩියි....."

    "ඇයි හෝම්ස් මොකද වෙලා තියෙන්නෙ මට මොකුත් තේරෙන්නෙ නෑ"

    "ආපහු යමු වොට්සන්..... කෙලින්ම හෝටලයට....එතනින් එංගලන්තයට......!"

    හෝටලයට පැමිණ ලැහැස්ති වූ අප ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානයට ගොඩවී අසුන්ගන්නා තෙක් හෝම්ස් සිටියේ නිහඬවය.

    "වොට්සන්.... මම තීරණය කලා රහස් පරීක්ෂණ කටයුතු වලින් විශ්‍රාම ගන්න!"

    "මොනව.....!" මට කියාගතහැකි වූයේ එපමණය. වසර ගනනාවක් තිස්සේ දිවා රෑ නොබලා හෝම්ස් සමඟ කල පරීක්ෂණ සිතුවම් පටයක් සේ මගේ මනසෙහි ඇ‍ඳෙන්නට විය. එහෙත් රහස් පරීක්ෂණ නැවැත්වීමට තරම් කලකිරීමක් ඇතිවීමට තරම් සිත් වේදනාවක් හෝම්ස්ට ඇතිවීම මවිතයට හේතුවිය.

    "ලෝකයේ එක පැත්තක මේ වගේ දේවල් සිදුවෙද්දි එංගලන්තෙ ඉඳගෙන රහස් පරීක්ෂණ කටයුතු කරන්නත් මට එපාවුනා වොට්සන්..... එදා ගොක්කොල සිරී අත්අඩංගුවට ගන්න තරම් ප්‍රබල සාක්ෂි මම පොලිස් නිලධාරියාගේ නිවසින් සොයාගත්ත.... නමුත් අර පත්තර වාර්තා වල හැටියට නං මේ වෙද්දි ගොක්කොල සිරී ජීවතුන් අතර නෑ!"

    බේකර් වීථියේ නවාතැනට පැමිණි අප ගමන් විඩාව මඟහැරෙන තෙක් නිඳාගතිමු! පසුදින උදෑසනින් අවදි වූ හෝම්ස් ළමයෙකුට පැන්ස දෙකක් දී ලංකාවේ පුවත්පත් කිහිපයක් ගෙන්වාගත්තේය.

    "බලන්න වොට්සන්.... මගේ අනුමානය හරියට හරි! බලන්න මේ ප්‍රවෘත්තිය"

    "දින දෙකකට පෙර වැල්ලවත්ත පොලිස් නිලධාරී ඝාතනයේ සැකකරු වූ සෙත්සිරිගම සිරිමල් හෙවත් ගොක්කොල සිරී ඊයේ පොලිස් වෙඩි පහරින් මියගියේය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු ආයුධ කිහිපයක් සඟවා තිබූ ස්ථානයක් පෙන්වීමට ගොස්, එහි තිබූ තුවක්කුවක් රැගෙන පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව සඳහා පොලිසිය තැබූ වෙඩි පහරින් තුවාල ලබා කොලඹ මහ රෝහලේදී මියගියේය. සිද්ධියෙන් කම්පණයට පත් පොලිස් නිලධාරියෙකුද මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ අතර ගොක්කොල සිරී මියයාම හේතුවෙන් ඔහු නිසා පීඩාවට පත්වූ ගම්වැසියන් මාර්ගය පුරා රැස්වී කිරිබත් පිස කමින් ප්‍රීති වන අයුරු දක්නට ලැබීය......."

    "වොට්සන් මේ සිදුවීම ලියන්න ඔබට අවසර නෑ!"

    "ශ්‍රී ලංකාවෙ සංචාරයෙන් නං හොඳක් උනේ නෑ නේද හෝම්ස්?"

    "නැත්තෙත් නෑ.... එදා එද්දි ගෙනාපු කේජී ටිකක් තාම තියනව වොට්සන්!" පයිප්පයට මොනවාදෝ ඇතුළු කරමින් හෝම්ස් කීවේය.
     
    • Like
    Reactions: rx_storm_aight

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43

    ගොන් joke දාන්න එපා බන් :growl: