නෑ, නෑ, උඹලා ඕය හිතන ඇබ් එකක් ගැන නෙවෙයි මේ කතා කරන්න හිතුවේ.
වාහන වල තියෙන ෂොක් ඇබ්සෝබරය ගැනයි මට දැන ගන්න වුවමනා වෙන්නේ.
මගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික මම පහලින් දාන්නම් දන්න කියන පින්වතුන් ඒ අයට පුලුවන් විදියට මේ ගැන කෙටියෙන් හරි විස්තර කන්න.

වාහන වල තියෙන ෂොක් ඇබ්සෝබරය ගැනයි මට දැන ගන්න වුවමනා වෙන්නේ.

මගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික මම පහලින් දාන්නම් දන්න කියන පින්වතුන් ඒ අයට පුලුවන් විදියට මේ ගැන කෙටියෙන් හරි විස්තර කන්න.
- දැන් ඕය කියන ඇබ් එක වාහනයකට කොයි තරම් කාලයකින් ද මාරු කර ගන්න වුවමනා වෙන්නේ.
- දැන් අපි කාර් එකක් ගැන කතා කලා නම්, කාර් එකේ ඇබ් මාරු කරනවා නම් හැම එකම එක පාරටම මාරු කරන්න ඕනේද.
- ෆුල් සර්විස් කරන්න යන කොට එවුන් ඕය ඇබ් එක ගැන විමසිලිමත් වෙන්නේ නැද්ද..
- ඒක වෙනම පරික්ෂා කරලා අපි බලන්න ඕනේද.
- ඇබ් එකේ ගුණාත්මක බව පරික්ෂා කරන්න වෙනම පරික්ෂණ තියෙනවා ද ?
- එකට කියන නම සහ ඒ පරික්ෂණයට යන මිළ ගාණත් පුලුවන් නම් සදහන් කරන්න.
- ඕය ඇබ් එකේ තත්වය අපිට පෙනුමෙන් මණින්න පුලුවන් ද හොදයි ද නැද්ද කියන වග.
- ඇබ් වලත් එක එක වර්ග තියෙනවා ද . හොද නරක කියලා.
- හරි අන්තිම ප්‍රශ්නේ, කාර් එකට ඕය එක ඇබ් එකක මිළ ගණන් ගැන පොඩ්ඩක් විස්තර කරන්න.
මට මේවාට නිසි උත්තරයක් ලැබෙන කම් බම්ප් එකක් හරි දීලා සහයෝගයක් දියල්ලා. ලොකු උදව්වක්.