Shrek ගෙයි Fiona ගෙයි wedding එක
බොහෝ යුවතියන් තමන්ගේ මංගල දිනයේදී සුදුවතින් සැරසී උත්සවශ්‍රීයෙන් එය සමරන්නට සිහින මවනවා. එහෙත් එක්තරා මනාලියක් ඒ සිහිනෙන් මිදී මංගල දිනයේ දී හැඩවුණේ තමන් කැමතිම සුරංගනා කතාවක ප්‍රධාන චරිතයක් ලෙසයි. ඇයත් මනාලයාත් තම මංගල දිනයේදී කොළ පැහැයෙන් සැරසී සිටියේ Shrek සුරංගනා කතාවේ ශ්රෙක් හා ෆියෝනා කුමරිය ලෙසින්. මේ පුවත වාර්තා වූයේ එංගලන්තයේ බටහිර මිඞ්ලන්ඞ්හි කින්ග්ස්වින්ෆෝර්ඞ් ප්‍රදේශයෙන්.
අමතුම ආකාරයේ මංගල උත්සවයක් වූ මෙහි මනාලිය වූයේ 44 හැවිරිදි ඇමැන්ඩායි. ඇයගේ මනාලයා වූ නෙතන් ගිබ්ස් 39 හැවිරිදි අයෙක්. ඔවුන්ගේ මංගල්‍යයට පැමිණෙන අමුත්තන්ට ඔවුන් පවසා තිබුණේ කාටුන්, සුරංගනා කතාවල එන චරිත හා සමාන අයුරින් අරුමෝසම් ඇඳුම්වලින් සැරසී එන ලෙසයි. ඒ අනුව ඔවුන් ඉඟුරු පාන් මල්ලී, මිකී මවුස්, ජැක් ස්පැරෝව් ආදි ලෙස සැරසී පැමිණ තිබුණා.
වසර 8ක් තිස්සේ එක්ව ජීවත් වූ මේ යුවළගේ හිතමතුරන් බොහොමයක් පිළිකා රෝගයට ගොදුරුවීමෙන් මියගොස් තිබුණා. ඒ නිසාම මොවුන් දෙදෙනා තම විවාහ මංගල දිනයේ මේ අයුරින් සැරසී මංගල්‍යය මෙන්ම පිළිකා රෝගීන්, අසරණ මිනිසුන් වෙනුවෙන් මුදල් සොයාගැනීමේ දිනයක් ලෙසත් සැලසුම් කර තිබුණා. ඒ අනුව ඔවුන්ගේ මංගල දිනය අසරණ මිනිසුන් වෙනුවෙන් වෙන් කළ දිනයක් ලෙසයි ඔවුන් සැළකුවේ. ඔවුන් ලද මුදල් තෑගි හා නොයෙකුත් තෑගි අසරණයන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් ඔවුන් යොදවන්නට කටයුතු කළා.
ව්‍යාපාරයක් ලෙස ඇඳුම් මැදීමේ සේවාව සපයමින් ජීවත්වන ගිබ්ස් පවසා තිබුණේ තම යාවජීව පාරිභෝගිකයන් 7 දෙනකු මාස 15ක් තුළදී මියගිය බවයි. මේ නිසා බොහෝසෙයින් දුකට පත්වුණු මේ යුවළ තම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා තිබුණේ පිළිකා රෝගීන් සදහා ආධාර කිරීමට සහය දෙන ලෙසයි. මේ අනුව පිළිකා රෝගයෙන් පෙළෙන්නන්ට ප්‍රතිකාර සදහා මෙන්ම, පිළිකා රෝගය ඇත්දැයි පරීක්ෂා කරවාගැනීමේ පරීක්ෂණ සදහා ඔවුන් එකතු කරගන්නා ආධාර මුදල් ලබාදීමට ඔවුන් කටයුතු කර තිබුනා.

ඈයි බොල ටිටී නංගිව සෙට් කරලා දෙමු......