සීතල ක්ලයිමේට් එකේ හැදෙනවානම් ලෝම සුපිරියට එනවා මචන්.
ජර්මන් ශෙපර්ඩ් උන්ගේ ලෝම දිග,ලෝම කොට උන් ඉන්නවා.
ලෝම දිග උන්ට තමා ලයන් ශෙපර්ඩ් කියන්නේ.
මෙන්න මේකයි කතන්දරේ.
අපේ රටේ ගොඩක් අය ජර්මන් ශෙපර්ඩ් කිව්වාම අහනවා ලයන් ශෙපර්ඩ්ද කියලා.
ලයන් ශෙපර්ඩ් කියලා කිසිම බ්‍රීඩ් එකක් නෑ මේ ලෝකේ කොහෙවත්.
අපේ රටේ විතරයි ඉන්නේ ලයන් ශෙපර්ඩ් කියලා.
ඒක අපේ ගොන් හැත්ත විසින් හදාගත්තු දෙයක්.
මේ ලෝකේ ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් ඉන්නවානම් ඔප්පු කරන්න.
ඒක ඔප්පු කරන කෙනාට ඒ කෙනා කැමති , ඉල්ලන ඕනෑම දෙයක් දෙනවා මම.
අභියෝගයක් කරන්නේ මම.
කැමති කෙනෙක් බාර ගන්න ඒ චැලේන්ජ් එක.
ලොවෙත් නැති ලයන් ශෙපර්ඩ් එකක් කොහොමද මේ අපේ රටට ආවේ?
මෙහෙමයි සීන් එක.
ලෝක යුද්ධ කාලේ ගොඩක් රටවල් ජර්මන් වල දේවල් රිජෙක්ට් කෙරුවා.
අපේ රටේ අය ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ව රිජෙක්ට් කරා.
ඒ නිසා අපේ අය කරේ ජර්මන් ශෙපර්ඩ් බල්ලන්වම රුසියාවෙන් ගෙන්නපු අලුත් බල්ලෝ ජාතියක් කියලා ජර්මන් ශෙපර්ඩ් උන්වම ලයන් ශෙපර්ඩ් කියලා නම වෙනස් කරලා වික්කා.
ඔන්න ඔහොමයි ලයන් ශෙපර්ඩ්ලා ආවේ අපේ රටට.
දැන් එතකොට ඇල්ටේශන් කියන්නෙත් ජර්මන් ශෙපර්ඩ් කියන්නෙත් එකම බ්‍රීඩ් එකක්ද?
උත්තරේ තමා ඔව් කියන එක.
ඇල්ටේශන් කියන නම භාවිතා කරේ එන්ගලන්තේ උදවිය.
ඒකට හේතුව උනේ ලෝක යුද්ධ කාලේදි ජර්මන් දේවල් රිජෙක්ට් කරනකොට එන්ගලන්තේ අය ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ට ජර්මන් ශෙපර්ඩ් කියන්න අදිමදි කරා.
ඒ නිසා එයාලා ඇල්ටේශන් කියන නම භාවිතා කරා ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ට.
අන්න එහෙමයි ඇල්ටේශන් කියන නම ආවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1751792