උපුටා ගැනීමකි.
http://www.ela.lk/budhsim%20beyond%20the%20sky.html
""වරක් බුදුන්වහන්සේ අඹරේ දිලෙන තාරකාවක් පෙන්වා එක්තරා භික්ෂුවකගෙන් මෙසේ ඇසීය:
"ඔබ සිතනවද අර පෙනෙන තරුව දැන් ඇත්තටම එතන තියෙනවා කියා..?"
පිළිතුර "ඔව්."
එවිට බුදුන් වහන්සේගේ පිළිතුර:
"ඔබ වැරදියි. ඒ තරුව මීට වසර කිහිපයකට කළින් පුපුරා ගියා. දැන් එය එතැන නැහැ. තිබෙන්නේ වසර ගණනකට පෙර අවසන් වරට එයින් නිකුත් කළ ආලෝකය පමණයි. අප දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහේද....?"
මේ සංවාදය මවිසින් කියැවීමට මූලාශ්‍ර සපයන ලද ග්‍රන්ථය, එහි මුළ් කතුවරයා විසින් ලියන ලද ඇත්තේ සියවස් ගනණකට කළිනි. කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන සංකල්පය තබා ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත් සොයාගෙන තිබුණේ නැත....! සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව එය ලියැවුණු ලංකාවේ පමණක් නොව දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් කිසිදු අත්දැකීමක් නොවීය, මන්ද දියුණු දුරේක්ෂ පවා නිපදවනු ලැබුයේ ඊට පසුකාළීනවය...!
අධ්‍යාත්මික වැඩිදියුණු කරගැනීම්, දැනීම් සහ බලවේග ගැන අත්දැකීම් හුදෙක් පුහු හිතළු සහ මනෝවිකාරික මනස්ගාත ලෙස අවඥාවෙන් බැහැර කරන ලංකාවේ භෞතිකවාදීන් මේ ගැන කියන්නේ කුමක්ද...?
සෘජු ලෙසම කියනවානම් ලංකාවේ හේතුවාදීන් තමන් කෙතරම් විවෘත මනස් ධාරීන් යයි කියාගත්තද යම් අන්තවාදී අදහස් දරන බව කණගාටුවෙන් කිව යුතුව තිබේ.
ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙය එක්තරා විදියක මාන්නාධික කමකි. සිද්ධාර්ථ ගෞතම වැනි පුද්ගලයෙකු විශිෂ්ට සොයාගැනීම් කළ එකළ විසූ දාර්ශනිකයෙකු සහ ප්රාඥයෙකු බව පිළිගැනීමට මොවුන් පැකිළේ.
මීට හේතු ඉතා පැහැදිළිය. ලංකාවේ භෞතිකවාදීන් 99.99%ක්ම එක්කෝ බටහිර විද්‍යාව ලොව පරම සත්‍යය ලෙස අදහන අයය. නැතහොත් සමාජවාදීන්ය. පරම සත්‍යය බටහිර විද්වතුන්ගේ බුක්තියට සරි වූවක් යයි මොවුන් සිතති. මොවුන්ට අනුව සිද්ධාර්ථ ගෞතම වැනි පසුගාමී ආකල්ප දරණ දකුණු ආසියාතික ගොඩයෙකුට එවැනි විශිෂ්ටයෙකු වීමට කවදාවත් නොහැකිය. සමාජවාදීන්ට අනුවනම් ඉතින් තර්කය සරලය. ආගම අබිං යැයි සමාජවාදී නායකයින් කියා ඇත. බුදුන් යනු ආගමික නායකයෙකි. ඒ නිසා සමාජවාදීන්ට අනුව ඔහු සත්‍ය ප්‍රකාශ කළා වෙන්නට කොහොමටත් බැරිය. නමුදු සත්‍ය ඉන් ඔබ්බෙහි ඇති බව මොවුන් නොදන්නවා විය හැකිය. ගෞතම බුදුන් ලෙනින්ට සමාන කළ හැකිද? ලෙනින් දුටු කෝණය පළල් කර බැලිය හැකි සමාජවාදීන් සිටීද? ""