Simple_Corona_Test

Banned!

Member
Jun 30, 2013
11,617
1,130
0
ගැඹුරු හුස්මක් ගෙන තත්පර 10 කට වඩා ඔබේ හුස්ම තබා ගන්න. කැස්ස, අසහනය, හුස්ම හිරවීම හෝ තද ගතිය වැනි දේ නොමැතිව ඔබ එය අවසන් කළහොත් පෙනහළු වල ෆයිබ්‍රෝසිස් නොමැති බව පෙන්නුම් කරයි.

වැදගත් කාලවලදී, නැවුම් වාතය සහිත පරිසරයක ඔබ සෑම උදෑසනකම ඔබම පරීක්ෂා කර බැලිය යුතුය!
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    26,118
    4,758
    113
    වෛරස් එක ඇඟට ඇවිල්ලා ටික කාලයක් ගියාට පස්සෙනේද හුස්ම ගන්න බැරි තරමට වැඩි වෙන්නෙ? මුල් කාලෙදි හොයාගන්න බෑනේ. බත් එක්ක අමු සුදුළුුණු කෑවා බන්. දැන් මේ ඉඟුරු දාලා ප්ලේන් ටී එකක් බොනගමන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    27,638
    9,465
    113
    වෛරස් එක ඇඟට ඇවිල්ලා ටික කාලයක් ගියාට පස්සෙනේද හුස්ම ගන්න බැරි තරමට වැඩි වෙන්නෙ? මුල් කාලෙදි හොයාගන්න බෑනේ. බත් එක්ක අමු සුදුළුුණු කෑවා බන්. දැන් මේ ඉඟුරු දාලා ප්ලේන් ටී එකක් බොනගමන්.

    තව ටිකකින් පෙරුංකායං ටිකක් බෙල්ලෙ එල්ලගෙන නිදාගන්නවා නේහ් :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    21,818
    1,456
    113
    තව ටිකකින් පෙරුංකායං ටිකක් බෙල්ලෙ එල්ලගෙන නිදාගන්නවා නේහ් :lol:

    බෙල්ලේ එල්ලලා වැඩක් නැහැ වල්ලේ එල්ලන්න ඕන
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,295
    8,037
    113
    වෛරස් එක ඇඟට ඇවිල්ලා ටික කාලයක් ගියාට පස්සෙනේද හුස්ම ගන්න බැරි තරමට වැඩි වෙන්නෙ? මුල් කාලෙදි හොයාගන්න බෑනේ. බත් එක්ක අමු සුදුළුුණු කෑවා බන්. දැන් මේ ඉඟුරු දාලා ප්ලේන් ටී එකක් බොනගමන්.

    මුල් කාලේ නෙවෙයි බන් ඌක සමහරුන්ට හැදිලා හොදත් වෙනවා හෙම්බිරිස්සවවත් එන්නේ නැතුව , හැබැයි උන්ගෙන් බෝවෙනවා අනික් උන්ට

    ඒනිසයි මේක මෙච්චර පැතිරෙන්නේ


    මම දන්නා විදියට , අර ඉතාලි සෙට් එකටත් එච්චර අමාරුවක් තිබිල නෑ :no:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,118
    4,758
    113
    තව ටිකකින් පෙරුංකායං ටිකක් බෙල්ලෙ එල්ලගෙන නිදාගන්නවා නේහ් :lol:
    පෙරුම්කායම් ගැන නම් මට විශ්වාසයක් නෑ බන්. නැත්නම් අනිවා ඔයින් කෑල්ලක් සාක්කුවෙ දාගෙන හරි ඉන්නවා. සුළුවට තකන්න බෑනේ බන්, කී දෙනෙක් මම නිසා ජීවත් වෙනවද.

    තමන්ගෙ ජීවිතේ ගැනම නෙවෙයි බන් බය. තමන් නැති උනොත් කීදෙනෙක්ගෙ ජීවිතය අනතුරේද කියලා මතක් වෙනකොටයි ඕවා කරන්න හිතෙන්නෙ. මම කතාකරන්නෙ කන්න බොන්න දෙන එක ගැන නෙවේ. කන්න බොන්න නැති උනොත් පුළුවන් අය තණකොල කාලා හරි ජීවත් වෙයි ඒත් ලෙඩ තියෙන අය? කලට වෙලාවට බෙහෙත් නොලැබුනොත්, බෙහෙත් නැතුවයි මැරෙන්නෙ. අපි මැරුනොත් මේ වගේ කේස් එකක් යන වෙලාවක නෑදෑයො උදව්වට එන්නෙ නෑනේ බන්. එහෙම උදව් බලාපොරොත්තු වෙන්නත් බෑ. අපිම ඉන්න ඕන.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,118
    4,758
    113
    මුල් කාලේ නෙවෙයි බන් ඌක සමහරුන්ට හැදිලා හොදත් වෙනවා හෙම්බිරිස්සවවත් එන්නේ නැතුව , හැබැයි උන්ගෙන් බෝවෙනවා අනික් උන්ට

    ඒනිසයි මේක මෙච්චර පැතිරෙන්නේ


    මම දන්නා විදියට , අර ඉතාලි සෙට් එකටත් එච්චර අමාරුවක් තිබිල නෑ :no:
    කිසිම රොග ලක්ෂණයක් නැතුව ලෙඩේ හැදිලා ඉබේම හොඳ වෙනව නම්, අද ඔය වෛරස් එක ආපු කෙනෙකුට කොච්චර කාලයක් යනවද හොඳ වෙන්න. රෆ්ලි කියන්න. සති 2ක් 3ක්?


    හොඳ වෙලත් තමන්ගෙ ඇඟේ ලෙඩේ නැතුව අනිත් අයට බෝකිරීමේ හැකියාවක් තියෙනවද? එහෙනම් ඒ හොඳ වෙලා කොච්චර කාලයක් වගේද?


    සමහරවිට උත්තර තාම හොයාගෙනත් නැතුව ඇති. උබට අයිඩියා එකක් හරි තියෙනව නම් කියපන්. මටත් අයිඩියා එකක් ගන්නයි අහන්නෙ. කොරෝනා ගැන ලියලා තියෙන සයිට් වල පල් හෑලි කියවන්න ඇස් පෙන්නෙත් නෑ, වෙලාවකුත් නෑ, කියලා තියෙන ඒවා තේරෙන්නෙත් නෑ බන්.