බහිරව කන්දේ සමාධි බුදු රැස
සෙංකඩගලපුර බැලුවා
කොලඹ වීදියේ සුරාසැල් අසල
පොදිකන මිනිසුන් දුටුවා
Music
නිසල එහිමිරුව සංසුන් පැවතුම්
තාදී ගුණ සිහිකෙරුවා
රන් වියනේ රන්වන් එලියෙන් වත්
මග නොපෙනේදැයි සිතුවා
Music
අස්ගිරියෙන් ජය ඝෝෂා නාදය
බඹලොව දක්වා ඇසුනා
ඒ ජය හඩ මුසු දූවිලි සුලගට
රහ මෙර සුවදත් දැනෙනා
Music
අමන බමන ගී ගැයෙනා
කුමන අරුතදැයි නොදැනා
ඒ ගීයෙන් නැගි අපුල සුවරයට
හේවානාදය මැකෙනා
මට දැනෙන විදිහට, මේ පද පේලි හතරෙම කියවෙන්නෙ එකම කතාවක්...
බුදු හිමිගේ පහස ලබපු බෞද්ධ රටක් වෙච්ච අපේ රටේ ජනතාව මත් පැණට ඇබ්බැහිවීම ගැන තමයි මේ කියන්නෙ.....
වැව රවුමේ මහ මන්දිර පසු කර
කලු දිය දහරා ගලනා
ඒ දිය මුසු වී වැව් දිය නිල් පැහැ
කොල පැහැ ගැන්වී පෙනුනා
Music
වැවේ මසුන් මියාඇදුනා
දුගදින් නගරය වැසුනා
දළදා මැදුරේ මල් ආසනයේ
මල් වල සුවදත් මැකුනා
ජලාශ වලට අප ජලය බැහැර කිරීම ගැන තමයි මේ පද පේළි දෙකෙන් කියන්නෙ.
ශ්රී ලංකාවේ මුදුන් මල්කඩ විදිහට සලකන, දළදා වහන්සේ වැඩ සිටින භූමියේ පිහිටල තියෙන බෝගම්බර වැවත්, අප ජලයෙන් අපවිත්ර කරල දූශනය කරල තියෙනව කියන්නෙ, රටේ අනික් තැන් ගැන කවර කතාද....

