දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා
දිවි ගමනේ ජය මාවත හදුනාදුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා
නෙත් මානේ නෑ රැඳුනේ~
මිහිරාවී ඉන්නේ හදේ..
ප්‍රේමෙහී සුවදේවී~
නුඹ මාගේ හදෙහි රැඳී..
පා සලකුණු නෑ දිගු මාවතෙහී~
රූබලයට නෑ අප..
![]()
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේ ම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතුවෙනවා
වියෝවූ පසුවයි දැනෙන්නේ~
ප්‍රේමයේ අභිමන්..
හැඞූදා කඳුලයි දකින්නේ~
සිනහවේ සරදම්..
![]()
මල් මුතුලැල් නිල් තරුවැල්
සපුන විජිතයෙ........
මා සගවා තබයි ඔබේ රාජදානියෙ.
යස ඉසුරූ පිරුනු තැනා~
සිරි දෙව්දූ සිටිනා තැනා..
ළඟම ඇතේ දුරක නැතේ~
අපි යන්නේ ඒ පාරේ..
දිනෙක හිරු බැස යන වෙලාවක~
සයුරු වෙරළක හුදකලාවෙක..
කල්පනාවේ සිටිය මොහොතක~
මතක් විය සිතුවිලි අතීතෙක..
![]()
කදුල ඉතින් සමාවෙයන්........
අපි වෙන්වෙමු අද හවසට.........
මතු දිනෙක ඔබ පොලොවේ වැලලෙන තුරූ..![]()
