Sinduwen Sinduwa II

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රන් වන් මල් දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩදමා සිතින්
    මන් මත් කරන මුදු සිනා මල්සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,603
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු නිවේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,542
    1,347
    113
    Rathnapure
    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පන නල පාගා....
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා...
    මුව ගොළු වූවා...
    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
    පිබිදුනි ආශා...
    ගිනි සිළු සේමා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතකද ඔලුව තදින් නරක් වෙච්ච
    මිනිසුන් පිරිසක් රැඳිච්ච
    රට ගැන මම කිවුව විස්තරේ
    මට ඒ වෙලාවෙ මග හැරිච්ච
    මේ දැන් මතකෙට නැගැච්ච
    ඉතුරු ටිකත් අසණු සුමිතුරේ
    ඒ රටේ මිනිස්සු මහ පුදුම මිනිස්සු
    ඒ ‍රටේ මිනිස්සු මරු අරුම මිනිස්සු
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    සීතල මදනලේ එතිලා සල් මල් සුවඳක්ද පටලා
    යායක තරු රෑට අහසේ නැකතට නළලතට වැටිලා
    පායන හිරු සඳුට වැදලා පියඹගේ හිස දෙපස සරසා
    මං ආවේ එහෙම රටක ඉඳලා ඒ රට මුහුදෙන්ම වටලා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකා ලංකා මගෙ රට ලංකා
    මා ඉපැදුනු ලංකා
    ලස්සන මගෙ ලංකා
    ලොවට උතුම් ලංකා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    කිඳුරා නගින්නේ බසයට බොරැල්ලේ
    මකරා පසුම්බිය පඩි දා විදිල්ලේ
    දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ
    කිඳුරා පපුව පැලිලා ගෙයි තොටිල්ලේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන සුදු ගවුම් ඇඳල පිච්ච මල් වගේ
    පාසල වෙත ඔබ යන එන සොඳුරු මාවතේ
    ලස්සන කවි සිංදු කියන බඹරු ඇත වටේ
    උස්සන පා නොනැවතී තියන්න පාසලේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,972
    20,139
    113
    Panadura
    ලස්සන ලස්සන මගෙ ආදරි‍යෙ
    මෙච්චර ලස්සන ඔ‍යා කොහෙද හිටි‍යෙ
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    යනවානම් අනේ මං අරන්
    යන තැනකට යන්න රත්තරං...
    හිඟා කකා කොළපතක් අරං
    ලුණුයි බතුයි කමුකෝ රත්තරං...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
    දිනක් උදාවේවා
    දොරින් දොරට හසරැළි රළ තෙරපෙන
    කලක් උදාවේවා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වරදක් වුණානම් පෙරදා මගෙන්
    දෙන දඬුවමක් බාරගන්නම් තුටින්
    යලි හැරෙනු බෑ දැන් ආ දුර වැඩියි මං
    සමුගන්න අවසර ඉතින්
    හැමදා ම සතුටින් ඔබ ඉන්න නිඳුකින්
    මගෙ මතක මකලා හිතින්
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුළඟ නීල වළා තුළට ගුලි වෙවී
    සඳ හොරෙන් සිනා විල් දිය මතට පා වෙමින්
    හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නින්දෙදිත් අත තබා නලලත
    මගේ ලොව උණුසුම් කෙරූ
    සොඳුර නුඹමය සොඳුරු දිවි මඟ
    මා දිනූ මා දිනූ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,972
    20,139
    113
    Panadura
    නිහඬ ගමනෙ මේතරම් දුර
    ඇවිද අපි එකවාගෙ
    මිහිරි මතකෙ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිල්වත් යැයි කියන්න බෑ සුදු ඇන්ඳාට
    තැන්පත් යැයි කියන්න බෑ හිමින් ඇවිද්දට
    හිතවත් යැයි කියන්න බෑ ළඟ සිටියාට
    සවිමත් යැයි කියන්න බෑ ඇඟ තිබුණාට

    ඇහෙන් දකින හැම දෙයක් ම ඇත්තයයි සිතා
    රැවටෙන්නට එපා ඇත්ත ඇත්තෙ හැංඟිලා
    කණට ඇහෙන හැම දෙයක් ම ඇත්තනම් නොවේ
    සිහිනුවණින් අහන දකින දෙයයි හරි ලොවේ
     
    • Like
    Reactions: Arthur Curry

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,972
    20,139
    113
    Panadura
    වසන්ත කාලෙට සුරංගනාවන්
    අනන්තවත් ඒවී
    එපා කියද්දි බලහත්කාරෙන් යහනට කඩා වදී
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
    දෙනෝදාහක් මැද ඒ රුවමයි දුටුවේ
    සවන් පිරූ සත්සර මැද්දේ..
    ඔහුගේ ගී හඬ මට ඇසුනේ..
    මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
     
    • Like
    Reactions: Arthur Curry