Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,987
    20,168
    113
    Panadura
    තව එක සැරයක්
    ඔබ හමුවන්නට ඇතිනම්
    නොසඟවා පවසන්නම්
    ඔබට ආදරෙයි මං
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    නෙත් යුග රන් තරු යුවල තමයි
    තොල් පෙති නා දළු වලට සමයි
    මගෙ හද ඔබෙ සුව යහන තමයි
    ඔබ සොයනා කළු කෙල්ල මමයි..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,168
    113
    Panadura
    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දීග නොයන් රත්තරනේ
    නුඹට නොකීවට දැක්ක දිනේ සිට
    ආල හිතින් බැඳි මා දමා
    දීග නොයන් රත්තරනේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,168
    113
    Panadura
    නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
    දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
    අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යලි උපදිනා මතු භවෙක හෝ
    ඔබ මාගෙ කරගන්න මං පතනවා
    නැතිමුත් අගේ කහවණු අතේ
    හිත පිරෙන ආදරය තව තියෙනවා
    අඩුවෙන්නෙ නෑ ලෙන්ගතු සෙනේ
    පණ සේ ම හිත තියෙනවා
    ඔබ තව ම මගෙ හිතෙනවා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවා නම්
    මගේ උයනේ නිකැළැල් - පීදිලා එනු හැම කල්..

    මම දුරින් සුපිපෙන්නම් - නුඹට ළං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං - පීදිලා ලතවෙන්නම්..
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,542
    1,347
    113
    Rathnapure
    වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවා නම්
    මගේ උයනේ නිකැළැල් - පීදිලා එනු හැම කල්..

    මම දුරින් සුපිපෙන්නම් - නුඹට ළං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං - පීදිලා ලතවෙන්නම්..

    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
    සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රත්තරන් මාගේ සුරඟනක් වාගේ
    ඇස්වලින් කීදේ ආදරෙයිනේ
    හුරතලේ මූණේ මල් මිටක් වා‍ගේ
    කම්මුලක් ගානේ හාදු ඕනේ
    හිත්යායේ පෙම් මල් පීදී
    අමරසදෝ වෑහෙන්නේ
    වස්සානේ ඇවිදින් වාගේනේ නෙතු මානේ
    නිල් මානෙල් පාටයි දෑසේ
    තුරුළේමයි මා ඉන්නේ
    ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    මහා දළදා වඩම්වන්නට සත්සියක් නැව් තනවනා ලෙසිනී..
    ප්‍රේමයත් ශෝකයත් නුඹ ළඟ සිහින තනවා තනිව ඉනු නොහැකී..
    වීර වඩවන මහා දැහැනක කඩවරිඳු දුන් වරම් ගනු නොහැකී..
    හවස් වරුවක සයුරු තොට ළඟ නුඹේ රුව මට මැවි මැවී පෙනුනී...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදි දෙව්දුව පවා තරු සොයනා නිසා
    රැයනම් හැමදා ම දිග වැඩි වුණා
    ඉඟි බිඟි කළ නිසා දුර තරුවැල් පවා
    මමනම් සිතුවේම සිත දෙයි කියා
    මම සිතුවාට ඒ වාගෙ නොසිතූ හැටී
    රැවටිලිකාර මදහාස අසුරා ලයේ
    කවදා ද මට ආදරේ සිත ළඟ දැවටිලා
    තව තව ළංවෙලා උණුසුම් ආදරේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,217
    1
    59,458
    113
    Mother Earth
    SuperX & vinky ගෑනියි මිනිහයි ද බන් ? දෙන්නම රත්නපුරේ. ඇයි රත්නපුරේ අය ගීයෙන් ගීය කරන්න ආස ?:confused:
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    SuperX & vinky ගෑනියි මිනිහයි ද බන් ? දෙන්නම රත්නපුරේ. ඇයි රත්නපුරේ අය ගීයෙන් ගීය කරන්න ආස ?:confused:

    මචං මේ.. මම මේ උඹේ කුප්ප හැසිරීම දැක්ක පළවෙනි වතාව නෙවෙයි. උඹ යන යන තැන කුණුහරුප කියලා පොරක් වෙන්න හදන්නේ. කුණු හරුප කියන උන් හෙන රැඩිකල් කියල ද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ. සමහරුන්ට නම් එහෙම අය පෙන්නේ මෝඩයෝ වගේ. දුකයි උඹේ මානසිකත්වය ගැන.. :no::no:
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    නිදි දෙව්දුව පවා තරු සොයනා නිසා
    රැයනම් හැමදා ම දිග වැඩි වුණා
    ඉඟි බිඟි කළ නිසා දුර තරුවැල් පවා
    මමනම් සිතුවේම සිත දෙයි කියා
    මම සිතුවාට ඒ වාගෙ නොසිතූ හැටී
    රැවටිලිකාර මදහාස අසුරා ලයේ
    කවදා ද මට ආදරේ සිත ළඟ දැවටිලා
    තව තව ළංවෙලා උණුසුම් ආදරේ

    රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස් ගුණේ සැමදා බැබළේ..
    එය රැකීම අප උරුමේ.. වේ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,168
    113
    Panadura
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    ලස්සන ලෝකෙක ඉපදීලා
    නූපන් හෙට ගැන නොතැවීලා
    හද සැණකෙළියේ වල්මත් වීලා
    රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,168
    113
    Panadura
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින් පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඩන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා..