නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුලක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න
දුක් දොම්නසින් ගහණ හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ නුඹට සිහිලක් නොවේ
නිල් වන රොදේ නිලන මල් මදහසින් දුලන
මල් වල පැණි උරණ යෞවන වියේ