මතයන් අමතක කෙරුවත්, අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත්, එපා වෙන්නේ නෑ
යලි ඒවි යැයි සිත කීවත්, ඔබ යලි එන්නේ නෑ
සිත පුරා අදරේ කරන්නට, මට දැන් කවුරුත් නෑ
අඩ අඩා මම කල් ගෙවුවත්, ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිව්වත්, සිත පිළි ගන්නෙත් නෑ
මම නොමැති ලොව කවදාවත්, ඔබ තනි වෙන්නේ නෑ
ඔබ නොමැති ලොව කවදාවත් මට, සිතේ සතුටක් නෑ
සිහිවෙනා හැම මොහොතක දී, නොසිතා ඉන්නත් බෑ
හුදෙකලාවේ ඉන්නට සිතුවත්, එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගැන හැමදාමත්, මට අඩන්නත් බෑ
ඔබ නැති පාළුව මට දැනුනත්, වෙනස් වෙන්නත් බෑ