සෝඩි ලැම හස පෑයු පමණින්
බඹර ගුම් නද ඇසූ තරමින්
නුඹ තවම කැකුලක් කැකුලු බව මල සිතන්න
එපා දෑතින් මලේ පෙති දිග හරින්න
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න
දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න
නුඹේ පියාපත් තව ළපටි නොවෙදැයි සිතන්න
සිහින ඇති නිමාවක් නැති තරම්
ඒත් මේ ගැන සිතන්න
අපා දුක් විඳ වුවද කම් නැත
පොළොවේ පය ගහ සිටින්න
පොළොවේ පය ගහ...