Singapore

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මේ මාසේ අන්තිම සින්ගා යන්න ඉන්නෙ මචන්.. :D
    එලකිරි 1 තිබ්බ thred ගොඩක් කියවලා තියනවා.. :yes:
    3 nights යන්නෙ wife එක්ක..
    ගිය උන් පොඩි ප්ලැන් 1ක් ඩිපන්කො කොහොමද දවස් ටික බැලන්ස් කරගෙන attraction ටික බලන්නෙ කියලා.. :love::love:



    Senthosa
    cable car
    garden by the bay
    flyer
    Madame Tussauds
    oya wage ewa balanna tama one..
    තව suggestions තියනවනම් කියපල්ලා..
    shopping කරන්නත් ඕන.. :D


    recommend කරන හොටෙල් එහෙමත් තියනවනම් කියන්න.. :yes:
    තවම hotel book කලේ නැත.
    attraction book කලෙත් නැත. klook 1න් කරන්න හිතගෙන ඉන්නෙ..
    එවෙලෙම ඔන්ලයින් book කරන්න පුලුවන්ද?
    පැයකට කලින් වගේ?

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Universal Studio walata dawasak ma giya.
    cable car Madame Tussauds 4D film Sea Aquarium Flyer ehema cover karanna puluwan deweni dawase anik dawas tike nam shopping and foods thamai

    Klook book karanna puluwan machan ona welawaka combo deal book karanna balapan labia. Klook points watinawa 2nd bookings walata. api nam giye 4 Nights 5 Days
     

    naziz

    Banned
    Jun 23, 2018
    80
    10
    0
    අපි නිරය ගැන ඇත්තටම හරි විදිහට දැනගත්තේ අප සරණ ගිය ඒ භාග්යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් . පුංචි කාලේ අපාය අපාය කියලා අහල තිබ්බ්ට කවුද හිතුවේ මේව ඇත්ත කියලා.. ඇත්තටම මට නම් මේ අපාය ගැන දශමෙකවත් බයක් තිබ්බේ නැහැ පොඩි කාලේ. ඒත් මේ විස්තර අහන්න ලැබුනම තේරුම් ගියා මේ යන සංසාරෙනම් එච්චර යන්න සුදුසු එක්ක නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ පවා අසුරු සනක් ගසන තරම් කාලයක්වත් මේ භවය වර්ණනා කළේ නැහැනේ.

    ඒ සම්බුදුරජුන්ට මේ ලොව.. පරලොව... දෙව්ලොව.. බඹලොව.. ආදී කිසිම තැනක තියා මේ දස දහසක් වූ ලෝක ධාතුවේ හෝ මේ මුලු මහත් විශ්වයේ හෝ කිසිදු රහසක් නැහැ. උන්වහන්සේ මේ සියල්ල අවබෝධ කළා. ඒ නිසයි උන්වහන්සේට "ලෝකවිදූ" කියලා කියන්නේ.

    උන්වහන්සේ තමා විසින්ම අවබෝධ කර ගත් ඒ තොරතුරු ශ්රාවකයන්ට දේශනා කළා. ඒ දේශනාවන් තමයි අද අපිට අසන්නට ලැබෙන්නේ. ඇත්තටම මේක දුර්ලභ කාරණයක් නේද?

    "භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභො බුද්ධුප්පාදො ලෝකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං"

    පින්වත් මිතුරනේ.. මෙය බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂුන් වහන්සේලාට කළ අනුශාසනයක්.

    "පින්වත් මහණෙනි, අප්රමාදයෙන් යුක්ත වන්න. ලෝකයේ බුද්ධොත්පාදය දුර්ලභයි. මිනිසත් බව ලැබීම දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. පැවිදි බව දුර්ලභයි. සද්ධර්ම ශ්රවණය දුර්ලභයි."

    මේ දුර්ලභ කාරණා අපට ලැබී තිබෙනවා නේද? අපට ඒ සිරිසදහම් අසන්නට ලඅබුන නිසා තමයි මේ නිරය ,තිරිසන්,ප්රේත,අසුර ඒ වගේම දෙව්ලොව ගැන පවා තොරතුරු අපි දන්නේ.. ඉතින් ඒ අප සරණගිය ගෞතම නම් වූ භාග්යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් විශ්මිත අවබෝධයන් යුතුව දේශණා කළ , නිරයන් පිළිබද විස්තරයක් මේ ලිපියෙන් මම කියන්නයි සූදානම්.

    පින්වත් මිතුරනේ..

    තම තමන් කළා වූ කර්මවලට අනුව උපදින භව තුනක් ගැන භාග්යවතුන් වහන්සේ වදාළා. ඒ තමයි,

    කාම භවය
    රූප භවය
    අරූප භවය.

    මෙහි කාම භවයට,

    සතර අපාය
    මිනිස් ලොව
    දිව්යලෝක හය , ඇතුළත් වෙනවා.

    සතර අපාය කියන්නේ,

    නිරය
    තිරිසන්ප්රේත
    අසුර ලොක වලට යි.

    මේවා කරුණු විදිහට ලියන්නේ ඔයාලට පහසුවෙන් තේරුම් ගැනීම පිණිසයි.

    නිරය

    බුදුරජාණන් වහන්සේ මේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශණා කර තිබෙනවා. මේ නිර අතුරින්,
    සඤ්ජීව නිරය, කාල සූත්ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් තිබෙනවා. මේ නිරයන හතරැස් හැඩයෙන් යුක්ත යි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයක් වටේට කුඩා නිර 16ක් තිබෙනවා.

    සඤ්ජීව නිරය - යමපල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවෙහි පෙරලා කෑලි කෑලි වලට කපද්දී ත් ඒ සත්වයන් කර්මය අවසන් වනතුරු නැවත නැවත ජීවත් වන නිසා මේ නිරය සඤජීව නමින් හැදින්වෙනවා. අධික ක්රෝධයෙන් හා මාන්නයෙන් අනිත් අය සමග කොළාහළ කළ, දුලභයන් පෙළූ රජවරු හා නිලධාරීන්, දිළින්දන් පෙළූ පොහොසතුන් හා මැරයන්, සතුන් මරන්නන් මේ සඤ්ජීව නිරයේ උපදිනවා.

    කාල සූත්ර නිරය - මෙහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාල සූත්ර නිරයයි. දෙමාපියන්ට හා මිතුරන්ට, ගුණවත් පැවිදි උතුමන්ට අපරාධ කළ අය මේ නිරයේ ඉපදී දුක් විදිනවා.

    සංඝාත නිරය - මේ නිරයේ උපන් සත්වයන් යොදුන් නවයක් වූ ඝන පොළවේ එරී නිෂ්චලව සිටිනවා. මෙහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඩ නංවමින් පොළවේ එරී සිටින සතුන් අඹරමින් එහාට මෙහාට විශාල පර්වතයන් පෙරලී යනවා. මේ පර්වතයන්ට යටවෙන සත්වයන් සුනු විසුනුවී යනවා. ඇත් අස් ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ ගත් අයත් සතුන් මැරූ අයත් මේ නිරයේ ඉපිද දුක් විදිනවා.

    රෞරව නිරය - මේ නිරයේ, සත්වයන්ගේ සිරුරු වලට ඇතුලු වෙලා පිච්චෙන දුමක් තිබෙනවා. ශරීරය ඇතුළත් පිටත් දැවෙන නිසා මර හඩ දෙන සත්වයන්ගේ හඩ නිරතුරුවම මේ නිරයේ ඇසෙන නිසා රෞරව නිරය කියා කියනවා.

    මහා රෞරව නිරය - අතිශයින්ම දරණු ගිනිජාලාවලින් හා දුමෙන් පැසෙන සත්වයන්ගෙන් නැගෙන මහා ශබ්දය නිරතුරුව ඇසෙන නිසාත්, නිරසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසාත් මේ නිරයට මහා රෞරව කියා කියනවා. තුණුරුවන්ට අයති, දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගත් අයත් විනාශ කළ අයත් මේ නිරයේ උපදිනවා.

    තාප නිරය - මෙහි යමපල්ලන් විසින් ගිනියම් වූ පොළවේ ගිනියම් වූ යකඩ උල් වල ගසා ඇති නිර සතුන් ගින්නෙන් දැවෙමින් බොහෝ දුක් විදිනවා. සතුන් පණ පිටින් මැරූ අය, අනුන්ගේ ගෙවල් ගිනිතැබූ අය මෙහි උපදිනවා.

    ප්රතාප නිරය - මෙහිද තාප නිරයේ වගේම උපත් නිර සතුන් බොහෝ කාලයක් ගින්නේ පැසෙමින් දුක් විදිනවා. මරණින් මතු ඉපදීමක් නැත යන මිත්යාදෟෂ්ටිය අරගෙන පව් කළ අය එහි උපදිනවා.

    අවිචි මහා නිරය - මේ නිරයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරනවා. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ කෙළවර දක්වා ගමන් කරනවා. උඩින් නැගෙන ගිනි ජාලය පොළව දක්වා ගමන් කරනවා. මෙහි උපදින සත්වයෝ හැම පැත්තකින්ම එන ගිනි දැලි වලින් වට වී පිච්චෙනවා. මේ නිරයේ හිඩෙසක් නැති තරමටම සත්වයන්ද සිටිනවා.ගිනිදැල් වලින්, දුක්වලින් හා සත්වයන්ගෙන්ද අඩුවක් නැති නිසා මේ නිරයට අවිචි මහා නිරය කියා කියනවා. ආනත්තරීය කර්ම කළ, බෝසතුන් නැසූ, ගුණවතුන් නැසූ, චෛත්යයන් කැඩූ, පිළිම විනාශකළ, බෝධි රුක්ෂයන් විනාශකළ, බුද්ධශාසනයට අයත් වස්තූන් පැහැර ගත්, මිත්ර ද්රෝහීන් , භාර්යාවන්ට අපරාධ කළ සහ බොරු කීව අය, මත්පැන් පානය කළ අය සහ මිත්යාදෟෂ්ඨිකයින් එහි උපදිනවා.

    කුඩා නිරයන් - ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලීවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකෑරුණු අසුචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන , උණ ගස්,පොළ ගස්,තල් ගස් පමණ මහත පණුවන් ගැවසීගත් තැනක්. කුක්කුල නිරය කියන්නේ, යටින් ගිනි අගුරු ඇති අළු වලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලීවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි. තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැන වදාළා.

    ලෝකාන්තරික නිරය - ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අදුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතය ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලී ගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැම්ම පිටි බැදෙනවා වගේ ඔවුන්ගේ ශරීර පුපුර පුපුරා ශීතලෙන් බැදෙනවා.

    මේ ලෝකනාතරික නිරය පවා එකම එක අවස්ථාවක ආලෝකමත් වෙනවා. ඒ තමයි සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහල වන විට.

    එසේ මේ තුන් ලොවම කම්පා කරවමින් වැඩම කළ බුදුරජාණන් වහන්සේනමකගේ බුද්ධශාසනයක යි අප මේ ඉන්නේ. ඒ ගෞතම බුද්ධශාසනය යි.

    මේ ගෞතම බුද්ධරාජ්යය තුළ, මෙකළ මනු ලොව උපන් පින්වත් මිනිසුනේ , ඔබට නැවත සතර අපායට නොවැටෙන්නටත්, සතර අපා දුකින් මිදෙන්නටත්, ගෞතම සසුනේ පිහිට ලබන්නටත් උතුම් වු තිසරණයේ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා..!

    තෙරුවන් සරණයි !
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    Universal Studio walata dawasak ma giya.
    cable car Madame Tussauds 4D film Sea Aquarium Flyer ehema cover karanna puluwan deweni dawase anik dawas tike nam shopping and foods thamai

    Klook book karanna puluwan machan ona welawaka combo deal book karanna balapan labia. Klook points watinawa 2nd bookings walata. api nam giye 4 Nights 5 Days

    Thanks macho