Sinhala baashawa rajya baashawa kirime warada kumakdha

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද

මේ‍ ලි‍පි‍ය‍ ස‍ම්‍පු‍ර්න‍යෙ‍න්‍ කි‍ය‍වා‍ repy ක‍ර‍න්‍න‍

මහචාර්ය නලින් ද සිල්ව
දිවයින 2009/06/ 07
http://www.divaina.com/2009/06/07/feature12.html

දෙමළ ත්‍රස්තවාදය පරදවනූ ලැබූවේ මෙරට සිංහල ජාතික මතවාදය විසින් බව බොහෝ දෙනාට විශේෂයෙන්ම ඇතැම් ඇමැතිවරුන්ට අමතක වීම පූදුමයක් නො වෙයි. මේ ඇමැතිවරු බොහෝමයක් බොරු සමාජවාදියෝ වෙති. තම කඳට සරිලන හිසක් ඔවූන්ට නොමැති වීම ඔවූන්ගේ නොව ජාතියේ අවාසනාවකි. ආණ්ඩූව පවතින්නේ ඔවූන් නිසා නොව ඔවූන් පවතින්නේ ආණ්ඩූව නිසා බව මොවූහූ නො දනිති. මේ අයගෙන් ඇතැම්හූ ජනාධිපතිවරණ සමයෙහි දී පිටරට වාසය කළහ. තවත් අය මහින්ද රාජපකෂ මහතාට කිසිම සහායක් නො දුන්හ. තවත් පිරිසක් චන්ද්‍රිකා මතවාදය හිසින් ගෙන රාජපකෂ මහතාට විරුද්ධව වැඩ කළහ. ශ්‍රී ලංකා නිදහස් පකෂයේ ජාතිකවාදී මතවාදය වෙනස් කිරීමට කසිකබල් සතිඅන්ත පත්තරයක කතුවරයකු සමඟ එකතු වූ මොවූහූ විවිධ විජාතික මතවාද අදහති. ඒ ඇදහිල්ලක් මිස අන් කිසිවක් නොවන්නේ තමන් ලත් සූළු බටහිර අධ්‍යාපනයෙන් වූවත් කැඩීමට ඔවූන්ට විචාර බූද්ධියක් නොමැති වීම නිසාය. ඔවූන් කෙසේ වෙතත් ජාතික මතවාදයේ ශක්තිය තේරුම් ගත් මහින්ද රාජපකෂ මහතා බොහෝවිට කියා ඇත්තේ තමන්ට බටහිරයන්ට නොනැමී සිටීමට ශක්තිය ලබාදුන්නේ මෙරට ජනතාව බවය. ජනතාව එතැනට ගෙනගියේ ජාතික මතවාද විසිනි. අවසානයේ දී මහින්ද රාජපකෂ මහතා දෙමළ ත්‍රස්තවාදයට එරෙහි සටනට නිවැරැදි දේශපාලන නායකත්වය ලබා දුන්නේය. ඒ දේශපාලන නායකත්වය ඔස්සේ ආරකෂක ලේකම්තුමා ද ත්‍රිවිධ හමූදාපතිවරු ද සටන් මෙහෙය වූහ. වීරෝදාර රණවිරුවන්ගේ සටනින් දෙමළ ත්‍රස්තවාදය පරාජය විය. එහෙත් දෙමළ ජාතිවාදය තවමත් පරාජය වී නැත. අද බිරිතානිය පූමූඛ ඇතැම් බටහිර රටවල දෙමළ ජාතිවාදය ඒ රටවල ආණ්ඩූ හා විසිරුණූ දෙමළ ජනයා මඟින් ක්‍රියාත්මක වෙයි.

අද ලෝකයේ ක්‍රියාත්මක වන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට එරෙහිව ඇඟිල්ලක් එසවීමට කසිකබල් මාක්ස්වාදීන්ට නොහැකිය. කතෝලික චින්තනය මත පදනම් වූ මාක්ස්වාදයට එක් කලෙක බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අභියෝග කිරීමට හැකිවූවත් අද කතෝලික චින්තනය බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය හමූවේ මූළුමනින්ම පැරැදී ඇත. කස්ත්‍රෝ ජාතිකවාදියකු මිස මාක්ස්වාදියකු නොවන බව පැහැදිලිය. ඔහූ කියූබානූ විප්ලවයෙන් පසූ එකල පැවැති ලෝක බල තුලනය විසින් මාක්ස්වාදය දෙසට තල්ලු කරන ලදී. හැට ගණන්වල හා හැත්තෑ ගණන්වල ට්‍රොටිස්කිවාදීන්ට තිබූ විශාල ගැටළුවක් වූයේ කියූබානූ රාජ්‍යය කුමක් දැයි විග්‍රහ කිරීමය. මහින්ද රාජපකෂ මහතා ද ජාතිකවාදියකු මිස බොරු සමාජවාදියකු නොවන බව අපි දනිමූ. 1989 දී මා පළමූ බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වූයේ එවකට බණ්ඩාරනායක සමරු කමිටූවේ සංවිධායක ව සිටි මහින්ද රාජපකෂ මහතාගේ ආරාධනයෙනි(නලින් ද සිල්වාට ජාතිවාදි කියන අයට මෙතන පිලිතුරක් ඇත,නලින් ද සිල්වා ජතිවාදි නම් මහින්දත් ජතිවාදි විය යුතුය-තරින්ද). මගේ දේශනයේ මාතෘකාව වූයේ "පනස්හයේ දරුවෝ" යන්නය. මහින්ද රාජපකෂ මහතා පනස්හයේ ප්‍රධාන දරුවා වෙයි. එහෙත් එතුමාගේ කැබිනටි මණ්ඩලයේ ඇතැම්හූ පනස්හයේ කරුමක්කාරයෝ වෙති. බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් වරදක් කෙරුවේ යැයි කියන්නෝ පනස්හයේ කරුමක්කාරයෝද වෙති. ඒ මදිවාට බණ්ඩාරනායක මහතාගේ ඊනියා වරද නිවැරැදි කිරීම පිළිබඳ මහින්ද රාජපකෂ මහතාට ප්‍රශංසා කරන්නේ සිංහල හා දෙමළ බස් රාජ්‍ය භාෂා කළේ කවූදැයි නොදන්නවූන් මෙනි. මේ බොරු සෝබන සමාජවාදී ඇමැතිවරුන් ඇමරිකාවේ ගත කරද්දී මෙරට ජාතිකවාදීන් ජනමතය සකස් කෙළේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නොව දෙමළ ජාතිවාදය ද පරාජය කිරීමේ අභිලාෂයෙනි. අද බොරු සමාජවාදීහූ බටහිරයන් පිටූපස යන ඔවූන්ට ස්තෝත්‍ර ගයන ඔවූන්ගේ මත ප්‍රචාරය කරන හොරණෑ බවට පත්වී සිටිති. මෙරට මාක්ස්වාදී සමාජවාදීන් යැයි කියාගන්න අය ලංකාවේ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයේ දී බටහිර ලිබරල්වාදීන්ගෙන් වෙනස් නොවෙති...........
 
Last edited:

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0

සිංහල රාජ්‍ය භාෂාව කෙරුණේ මෙරට යටත් විජිත විරෝධී අරගලයෙහි කොටසක් ලෙසය. එයට විරුද්ධවූවෝ හා අද එයට විරුද්ධවන්නෝ යටත්විජිතවාදී බටහිරයන්ගේ දීන සේවකයෝ පමණක්ම වෙති. අප බොහෝ විට සඳහන් කර ඇති පරිදි ඊනියා පාර්ලිමේන්තු පනතක්ම නැතිව වූවද අවූරුදු දහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය භාෂාව වූයේ සිංහලය. ඒ වෙනස් කළෝ යූරෝපීයයෝය. විශේෂයෙන්ම ඉංග්‍රීසීහූය. දහනව වැනි සියවසේ මූල් කාර්තුවේ සිටම ඉංග්‍රීසීහූ මෙරට සිංහලත්වය දුර්වල කිරීමට හැකි නම් විනාශ කිරීමට දෙමළ ජාතිවාදය යොදාගත්හ. එහිදී ඔවූන් යොදාගත්තේ ඉංග්‍රිරීසි උගත් දෙමළ ජනයා ය. 1949 දක්වා ම ඉංගිරිසි උගත් දෙමළ ජනයාගේ දෙමළ ජාතිවාදය විසින් ව්‍යවස්ථාදායකයේ සහ වෙනත් කෙෂ්ත්‍රවල සිංහලත්වයට හිමිවිය යූතුව තිබූ තැන අහිමිකිරීමට ඉංගිරිසි උගත් දෙමළ ජනයා යොදාගත්හ. සර්වජන ඡන්දයත් සමඟ ව්‍යවස්ථාදායකයෙහි සිංහලයන් සූළුතරය කිරීමට නොහැකි බව තේරුම්ගත් චෙල්වනායගම් 1949 දී උතුර නැගෙනහිර පළාත් සිංහලයන්ට මූළුමනින්ම අහිමි කිරීම සඳහා ලංකා දෙමළ රාජ්‍ය පකෂය පිහිටූවා ගත්තේය. මිථ්‍යා රාශියක් මත පදනම් වූ දෙමළ ජාතිවාදීහූ ඉන්පසූ ඉංගිරිසි නොදත් දෙමළ ජනයා ද තම ව්‍යපාරයට එක්කරගැනීමට උත්සාහ ගත්හ. ප්‍රභාකරන් අවසානයේදී අවි අතට ගත්තේ සිංහලත්වයට එරෙහිවය. ප්‍රභාකරන්ගේ මිනීමැරුම්වලට චෙල්වනායගම් මෙන්ම ඉංගිරිසීන් ද වගකිව යූතුය. ප්‍රභාකරන් බිහිවූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම, විශ්ව විද්‍යාල ප්‍රවේශයෙහි දී ඊනියා ලකුණූ ප්‍රමිතිය නිසා යැයි තර්ක කරන්නෝ රාජ්‍ය භාෂාව යනූ කමක්ද යන්න හෝ ලකුණූ ප්‍රමිතිය යනූ කුමක්ද යන්න හෝ නොදත් අය වෙති. චෙල්වනායගම් තම බෙදුම්වාදී පකෂය පිහිටූවා ගත්තේ 1956 ට හා 1972 ට කලකට පෙර බව තේරුම් ගැනීමට මේ අය උත්සාහ නොගන්නේ ඔවූන් මන්ද බූද්ධිකයන් නිසා ම යැයි කිව හැකි නොවේ. ඉංගිරිසින්ගේ සිංහලත්වයට එරෙහි සටන ඉංගිරිසි කතාකරන දෙමළ ජනයාගෙන් ඉංගිරිසි නොදත් දෙමළ ජනයා අතට ගැනීම ප්‍රභාකරන් ඔස්සේ සිදුවිණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසූ අද නැවතත් ඉංගිරිසි උගත් දෙමළ ජනයාට ඒ සටන තමන් අතට ගැනීමට සිදුවී ඇත. අද එංගලන්තය ප්‍රමූඛ ඇතැම් බටහිර රටවල කෙරෙන්නේ මේ සටනය.

1815 සිටම දේශප්‍රේමීහූ ඉංගිරිසීන්ට විරුද්ධ අරගලයක යෙදුණහ. 1817ඃ18, 1848 දහනව වැනි සියවස අග බෞද්ධ පූනර්ජීවනය, 1956,2005,2009 මේ අරගලයේ නොමැකෙන පියසටහන්ය. 2006ඃ2009 කාලයෙහි අප සටන් කෙළේ මූලික වශයෙන් ඉංගිරිසීන්ට එරෙහිව බවද ප්‍රභාකරන් යනූ ඉංගිරිසීන්ගේ නිර්මිතයක් බවද මේ වන විට සිංහලයන් විශාල පිරිසක් අවබෝධ කරගෙන ඇත. අද එංගලන්තයේ හා වෙනත් ඇතැම් බටහිර රටවල ආණ්ඩූ ප්‍රසිද්ධියේම සිංහලත්වයට එරෙහිව ඒ රටවල සිටින දෙමළ ජාතිවාදීන්ට ආධාර කරයි. එපමණක් නොවේ. සිංහලත්වයට එරෙහිව කරන සටනට ඇමැතිවරුන් ද සහභාගි කරවීමට විජාතික බලවේග ක්‍රියාකරනූ පෙනෙයි. කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුළු සකලවිධ විජාතික බලවේග සිංහලත්වයට එරෙහිව යොදාගැනීමට බටහිරයෝ උත්සාහයක යෙදී සිටිති. විජාතික බලවේග 1956 න් පසූ ඒකරාශි කළ ආකාරයට නැවත වරක් 2009 දී ද විජාතික බලවේග එකතු කිරීමේ වෑයමක් වෙයි. මෙවර විජාතික බලවේග මෙරට ක්‍රියාත්මක වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ සටන සමඟ එක්වෙමින් වීම හේතුවෙන් තරමක අවූල් සහගත බවක් දකින්නට ඇත. ප්‍රභාකරන් පැරැදවීම ගැන උදම් අනන අතරම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවන්නේ මේ පසූබිමෙහිය.
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
අප නැවතත් කියන්නේ සිංහලය රාජ්‍ය භාෂාව කිරීම යනූ තනි සිද්ධියක් නොව යටත් විජිත විරෝධී අරගලයේ කොටසක් බවය. 1815 සිට 1956 වන තෙක් රාජ්‍ය භාෂාව වූ ඉංගිරිසිය වෙනූවට සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද? දෙමළ මෙරට කිසි දිනෙක කිසිම තැනක, ආර්ය චක්‍රවර්තීන්ගේ රාජ්‍යයේවත් (ඒ දෙමළ රාජ්‍යයක් නොවේ) රාජ්‍ය භාෂාව ලෙස තිබී නැත. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණය කුමක්ද? මේ අයගෙන් යම් පිරිසක් සිංහල දැන සිටි බැවින් ඔවූන්ට ඉන් වාසියක් මිස අවාසියක් සිදු නොවීය. යම් අවාසියක් වී නම් ඒ ඉංගිරිසින්ට, බර්ගර්වරුන්ට, ඉංගිරිසි මිස සිංහල නොදැන සිටි දෙමළ ජනයාට හා ඇතැම් සිංහල නොදත් සිංහලයන්ටය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවූවෝ මොවූහූ, ජාතිය යනූ කුමක්දැයි සම්මජාතියේ අවබෝධ කර නොගන්නා කසිකබල් මාක්සිවාදීහූ හා සිංහලත්ව විරෝධී ඇතැම් පූජකවරු හා ප්‍රභූහූ වූහ. අද ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියන්නෝ මොවූහූ වෙති. යටත්විජිතවාදයට විරුද්ධ යැයි කියන කසිකබල් මාක්ස්වාදීහූ ජාතිකත්වය හඳුනාගත නොහැකිව අවසානයේදී යටත්විජිතවාදයට සේවය කරති. බොරු සෝබන සමාජවාදී ඇමැතිවරු ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියමින් යටත්විජිතවාදයට සේවය කරති. සිංහලය හා දෙමළ දෙකම රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක විය යූතු යැයි කීමේ අවසාන ප්‍රතිඵලය ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කිරීමය. 1956 දී සිදුවූ යටත්විජිත විරෝධී සටන තේරුම් ගැනීමට නොහැකි ඇමැතිවරුන් මේ ආණ්ඩූවේ ද ඇත්තේ ජාතියේ අවාසනාවටය. මේ ඇමැතිවරුන් නොදන්නා කරුණක් වෙයි. ඒ එක් පැත්තකින් ගත් කල නොදන්නාකමට වඩා තකතීරුකමය. ඔවූහූ ඒ කරුණ වූවමනාවෙන් ම අමතක කරති. සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කළ පනස්හය නොවන්නට මොවූන්ට 2005 දී හා පසූව (ඇතැමූන් විදේශගත වී සිට ආපසූ පැමිණියේ 2005 න් පසූය) ඇමැතිකම් ලැබීමට තබා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණීමටවත් නොහැකි බව ඔවූහූ වූවමනාවෙන් අමතක කරති. තේමිස් මහතා, පසූව කවූරුන් වූවද, පාර්ලිමේන්තුවට පත් වූයේ පනස්හයේ ව්‍යාපාරයේ කොටසක් ලෙසය. ඒ ව්‍යාපාරය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සමග බද්ධ වී ඇත.
 
Last edited:

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
uocanu said:
england wala Rajya bashawa English, Indiyawe hindu, Japane Japanese.........
ai lankawe sinhala bari ??

lanakawe ithihase thibbe ehema thama eaka danne nethi un thama oya kee gahanne ,wachane thiyenne one nee sankalpane thiyenne onee
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
  1. ආණ්ඩුවේ සමහක් ඇමතිවරු නම් හිතන් ඉන්නේ යුද්දේ කරේ ඒ ගොල්ලෝ කියලා..අමතක කරලා අවතක්සේරු කරලා කතා කරන්නේ අය වැය වගේ අවස්තා කිපයකදී ආණ්ඩුව රැකුනේ කොහොමද කියලා..ඒ වෙලාවදී ආණ්ඩුව පෙරලුනා නම් අද සමරන්න වෙන්නේ ඊලම:eek::eek:
  2. සිංහල භාශාව රාජ්‍ය බාසාව කිරීමෙ පැති කීපයක් තියනවා..ඒත් ඒක අනවශ්‍ය ගැටළු ඇති කරන්නක් නෙවේද?:nerd:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
uocanu said:
england wala Rajya bashawa English, Indiyawe hindu, Japane Japanese.........
ai lankawe sinhala bari ??
ඇත්ත කතාව අපටත් වඩා වාර්ගික හා ආගමික විශමතා තියන රටවල් ඒවා..
3.gif
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,853
    484
    83
    Sri Lanka
    YES it should be Sinhala. But there should be help in other languages too.This issue was a main cause to some extent of so called ethnic problem.Lerning other 2nd language must be good anyway.If we make it a must, it will be a big benifit in the future.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    samruka said:

    එහෙම අනිවර්ය කරන්න ඔනෙ නෑ ,කැමති කෙනෙක් ඉන්නවනම් කැමති ප්‍රමාණෙට ඉගෙන ගනි,

    දැන් චිනෙ,ජපෙනෙ කොරියාවෙ english anivaryadha neane eanglish one aya igena gani,

    anith eka apita lankawe sinhalen weda karanna puluwan ,demala minissu wediyen inna pethi walata yanawanam demala igena ganna puluwan ,nethuwa hemoma igena gena ,moko phd karannaye bashaawan gena
    ehema neththam okkotama issela vedi bashaawa aniwarya karanne one eaka lankawe paranama ekak hinda ,eath kawruth eka igena ganne nee mhebey weddo sinhala english dema dekama igena gannawa ,mona tharam asadarayakda lolzz(meke sankruthyya balan petaviimna karanne api nemey ,suddo karana eewa hinda thamay veddantath meheme wenne)

    loke anith ratawalath ehemay,ratawal gena hewwahama sadaka hamaba wey
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මෙහෙමයි හිතන්නකො ඔයා දෙමළ කෙනෙක් ඔයා සිංහල දන්නෙ නෑ
    ඉංග්‍රීසිත් එච්චර බෑ... ඔයා යනව ආණඩුවෙ කන්තෝරුවකට උවමනාවකට .. එතකොට ඔයාට පුරවන්න වෙන ඕක්කොම ෆෝර්ම් තියෙන්නෙ සිංහලෙනුයි කඩ්ඩෙනුයි(වාසනාවකට ඇත්තටම මෙහෙම නෑ) .. ඒ වෙලාවට ඔයාට මොකක් හිතෙයි ද ??? මට මේ රටේ තැනක් නෑ කියල හිතෙයි නේද ?? ඊට පස්සෙ කව්ද දන්නෙ මේ හැගීම ඉවර වෙන්නෙ තවත් LTTE එකකින් ද කියල ????
    මේ ප්‍රශ්නෙ සෑහෙන්න සංකීර්ණ ප්‍රශ්නයක් අපිට හිතෙනව මේ අපේ නිජබිම ඒක හින්ද සිංහල රාජ්‍ය භාශාව විතරක් කලාම හරි කියල ඒත් තව භාෂාවක් කතා කරන මිනිස්සු මේ රටේ ඉන්නව ඒ ගොල්ලො කාගෙ වැරැද්දෙන් හරි හොදෙන් හරි මේ රටේ ඉන්නවනෙ දැන් ඒ ගොල්ලොත් අපේ රටේ පුරවැසියෝ ..ඉතින් ඇයි අපට ඒ ගොල්ලොන්ගෙ පළමු හාශාවෙන් එදිනෙදා වැඩ කටයුතු කරගන්න ඉඩ දෙන්න බැරි....

    මේව ඔන්නැති පිස්සු විකාර අපේ රටේ ත්‍රස්තවාදය දැන් ඉවරයි ... දැන් ඕනි සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු ඔක්කොම එකා වාගෙ එකතුවෙලා රට හදන එක .... එහෙම නැතිව සිංහල විතරයි රාජ්‍ය භාශාවට ඕනි දෙමල අරන් පළයන් ගෙදර කියල අපේ රට ආයි අර පරණ තැනට ගේන එක නෙමේ..........
     
    Last edited:

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    KHz said:
    මෙහෙමයි හිතන්නකො ඔයා දෙමළ කෙනෙක් ඔයා සිංහල දන්නෙ නෑ
    ඉංග්‍රීසිත් එච්චර බෑ... ඔයා යනව ආණඩුවෙ කන්තෝරුවකට උවමනාවකට .. එතකොට ඔයාට පුරවන්න වෙන ඕක්කොම ෆෝර්ම් තියෙන්නෙ සිංහලෙනුයි කඩ්ඩෙනුයි(වාසනාවකට ඇත්තටම මෙහෙම නෑ) .. ඒ වෙලාවට ඔයාට මොකක් හිතෙයි ද ??? මට මේ රටේ තැනක් නෑ කියල හිතෙයි නේද ?? ඊට පස්සෙ කව්ද දන්නෙ මේ හැගීම ඉවර වෙන්නෙ තවත් LTTE එකකින් ද කියල ????
    මේ ප්‍රශ්නෙ සෑහෙන්න සංකීර්ණ ප්‍රශ්නයක් අපිට හිතෙනව මේ අපේ නිජබිම ඒක හින්ද සිංහල රාජ්‍ය භාශාව විතරක් කලාම හරි කියල ඒත් තව භාෂාවක් කතා කරන මිනිස්සු මේ රටේ ඉන්නව ඒ ගොල්ලො කාගෙ වැරැද්දෙන් හරි හොදෙන් හරි මේ රටේ ඉන්නවනෙ දැන් ඒ ගොල්ලොත් අපේ රටේ පුරවැසියෝ ..ඉතින් ඇයි අපට ඒ ගොල්ලොන්ගෙ පළමු හාශාවෙන් එදිනෙදා වැඩ කටයුතු කරගන්න ඉඩ දෙන්න බැරි....

    මේව ඔන්නැති පිස්සු විකාර අපේ රටේ ත්‍රස්තවාදය දැන් ඉවරයි ... දැන් ඕනි දෙමල සිංහල මුස්ලිම් මිනිස්සු ඔක්කොම එකා වාගෙ එකතුවෙලා රට හදන එක .... එහෙම නැතිව සිංහල විතරයි රාජ්‍ය භාශාවට ඕනි දෙමල අරන් පළයන් ගෙදර කියල අපේ රට ආයි අර පරණ තැනට ගේන එක නෙමේ..........

    එහෙම ලෙඩක් තියෙනවා නම් ඒ දෙමළ මනුස්සයා රටක් එක්ක යුද්ද කරන්න යනව කියන්නේ පුදුම වැඩක්!
    ඊටවඩා හොදයි ඒ මිනිහා ඉල්ලීමක් කලා නම් දෙමළෙන් මේක ප්‍රින්ට් කරලා දෙන්න කියලා..
    සිංහල රාජ්‍ය භාෂාව කියන්නේ පොතක ලියවිල්ලක ලියලා තියෙන දෙයක් විතරයි එහෙම නැතුව හැමදේම සිංහලෙන් කරනවා කියන එක නෙමේ
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    amila_90210 said:
    1. ආණ්ඩුවේ සමහක් ඇමතිවරු නම් හිතන් ඉන්නේ යුද්දේ කරේ ඒ ගොල්ලෝ කියලා..අමතක කරලා අවතක්සේරු කරලා කතා කරන්නේ අය වැය වගේ අවස්තා කිපයකදී ආණ්ඩුව රැකුනේ කොහොමද කියලා..ඒ වෙලාවදී ආණ්ඩුව පෙරලුනා නම් අද සමරන්න වෙන්නේ ඊලම:eek::eek:
    2. සිංහල භාශාව රාජ්‍ය බාසාව කිරීමෙ පැති කීපයක් තියනවා..ඒත් ඒක අනවශ්‍ය ගැටළු ඇති කරන්නක් නෙවේද?:nerd:

    1.methana kiyanne samahara emathi waru gena,samahara aya anduwe hiyata peththakin udaw karata dan kathaa karanne egollo yudde kara wagee,(oya deshapalana vishara thiyena articl kiyawala balanna,parliment ekedith meaka katha wela thiyenwa),ehema kathaakarana emathi waruma dan balaya bedanna kathaa karanawa,
    dan meake kiyanane ee mona emathila hitiyath eegollo parliment awe jaathika mathawade nisaa kiyalay,

    dan oya ehethi warunge katha ahala bayabeduwoth ,ayy prabakaran kenek ethi weema walak wanna bee.thawa awrudu 30 kin thawa ekek ey

    oya giya poyata issela poyedi araliya gaha madire kiyapu bana ehuwada??

    2.ehena anawashya getaluwak wenne kohomada?
    anith ratawalath ehemanam,lakaawe awrudu 100 ganak thibbeth ehenam nam ,oka vivasthaawata demime warada kumakda

    dan 2002 usa wala english rajya bashawa kara ,moko spain un wedi wenne gaththa hoo gaala,koo mukuth unaada?ekewath katak helluwada ?ey mee lankaawe eaka beri?

    meaka uththare mee lipiya deelama thiyenwa ,monawa hari getalu sahagatha thenak thiyenwanam pennanna
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    madurax86 said:
    එහෙම ලෙඩක් තියෙනවා නම් ඒ දෙමළ මනුස්සයා රටක් එක්ක යුද්ද කරන්න යනව කියන්නේ පුදුම වැඩක්!
    ඊටවඩා හොදයි ඒ මිනිහා ඉල්ලීමක් කලා නම් දෙමළෙන් මේක ප්‍රින්ට් කරලා දෙන්න කියලා..
    සිංහල රාජ්‍ය භාෂාව කියන්නේ පොතක ලියවිල්ලක ලියලා තියෙන දෙයක් විතරයි එහෙම නැතුව හැමදේම සිංහලෙන් කරනවා කියන එක නෙමේ

    sinhala rajya baashawa kiyanne sankalpayak,ea sankalpe hariyata wataha ganna onee

    okata uththara prof kiyala thiyenwa eath mee article eke nee ,
    kaala awilla kiyannam
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    madurax86 said:
    එහෙම ලෙඩක් තියෙනවා නම් ඒ දෙමළ මනුස්සයා රටක් එක්ක යුද්ද කරන්න යනව කියන්නේ පුදුම වැඩක්!
    ඊටවඩා හොදයි ඒ මිනිහා ඉල්ලීමක් කලා නම් දෙමළෙන් මේක ප්‍රින්ට් කරලා දෙන්න කියලා..
    සිංහල රාජ්‍ය භාෂාව කියන්නේ පොතක ලියවිල්ලක ලියලා තියෙන දෙයක් විතරයි එහෙම නැතුව හැමදේම සිංහලෙන් කරනවා කියන එක නෙමේ
    හොදයි මධුර එහෙම නෙමෙයි ද දැන් මේ LTTE රෙද්ද පටන්ගත්තෙ ???? 83 ජූලියෙන් පටන් ගත්ත උනත් මේ සිංහල දෙමළ මනුස්සයෝ නොහොද නෝක්කඩු උනේ මේ ප්‍රශ්නෙන් ...
    සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරද්දි අපිටත් අපේ භාෂාවෙන් වැඩ කරන්න දෙන්න කිව්ව දෙමළ
    මිනිස්සුන්ට එදා සරම ගලෝලා ගැහුවෙ ....
    මේ ප්‍රශ්නෙ දිහා බලන්න ඕනි මානුෂිකව , ජාතිවාදීව නෙමේ
    හෙ හෙ මචන් රාජ්‍ය භාශාව කියන්නෙ ආණඩුවේ නිල කටයුතු වලට යොදා ගන්න භාෂාව........
    ඒක CTB බස් එකේ නාම පුවරුවෙ ඉදල ඔයා ඊයෙ පෙරේදා යැව්ව අයදුම්පත්‍රෙ ඉදල පාර්ලිමේන්තුවටම වලංගුයි .......
    ඉතින් එහෙම වෙලාවට සිංහල නොදන්න දෙමළ කෙනෙකුට ආණඩුවේ නිල කටයුතු ඔක්කොම සිංහලෙනුයි කඩ්ඩෙනුයි කරන්න උනොත් මොනව වෙයිද ??
     
    Last edited:

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,853
    484
    83
    Sri Lanka
    tharinda07 said:
    එහෙම අනිවර්ය කරන්න ඔනෙ නෑ ,කැමති කෙනෙක් ඉන්නවනම් කැමති ප්‍රමාණෙට ඉගෙන ගනි,

    දැන් චිනෙ,ජපෙනෙ කොරියාවෙ english anivaryadha neane eanglish one aya igena gani,

    anith eka apita lankawe sinhalen weda karanna puluwan ,demala minissu wediyen inna pethi walata yanawanam demala igena ganna puluwan ,nethuwa hemoma igena gena ,moko phd karannaye bashaawan gena
    ehema neththam okkotama issela vedi bashaawa aniwarya karanne one eaka lankawe paranama ekak hinda ,eath kawruth eka igena ganne nee mhebey weddo sinhala english dema dekama igena gannawa ,mona tharam asadarayakda lolzz(meke sankruthyya balan petaviimna karanne api nemey ,suddo karana eewa hinda thamay veddantath meheme wenne)

    loke anith ratawalath ehemay,ratawal gena hewwahama sadaka hamaba wey
    mekai basha 2k igena ganna eka godak hodaii.2k ariwarya kerama SL standerd wadiwenawa ibema.dan balapan English bari nisa ape samahara ewun kana chater.Locally it can be less trouble,but when you go international it is a big problem
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    KHz said:
    හොදයි මධුර එහෙම නෙමෙයි ද දැන් මේ LTTE රෙද්ද පටන්ගත්තෙ ???? 83 ජූලියෙන් පටන් ගත්ත උනත් මේ සිංහල දෙමළ මනුස්සයෝ නොහොද නෝක්කඩු උනේ මේ ප්‍රශ්නෙන් ...
    සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරද්දි අපිටත් අපේ භාෂාවෙන් වැඩ කරන්න දෙන්න කිව්ව දෙමළ
    මිනිස්සුන්ට එදා සරම ගලෝලා ගැහුවෙ ....
    මේ ප්‍රශ්නෙ දිහා බලන්න ඕනි මානුෂිකව , ජාතිවාදීව නෙමේ
    හෙ හෙ මචන් රාජ්‍ය භාශාව කියන්නෙ ආණඩුවේ නිල කටයුතු වලට යොදා ගන්න භාශාව........
    ඒක CTB බස් එකේ නාම පුවරුවෙ ඉදල ඔයා ඊයෙ පෙරේදා යැව්ව අයදුම්පත්‍රෙ ඉදල පාර්ලිමේන්තුවට වලංගුයි .......
    ඉතින් එහෙම වෙලාවට සිංහල නොදන්න දෙමළ කෙනෙකුට ආණඩුවේ නිල කටයුතු ඔක්කොම සිංහලෙනුයි කඩ්ඩෙනුයි කරන්න උනොත් මොනව වෙයිද ??

    මචෝ මේකට උත්තරේ ඇති මං ලියපු ත්‍රෙඩ් එකේ
    http://www.elakiri.com/forum/showthread.php?t=198272

    උඹ තාම හිතන් ඉන්නේ සිංහල රාජ්‍ය භාෂාව කරාම දෙමළ වල පල්ලට යනවා කියලා එහෙම නෑ දෙමළ කතා කරන අයට ඒ භාෂාවෙන් තමා ලිපියවන්නේ!
    ඕක කියවන්න ඕවා ඔක්කොම පට්ට පල් බොරු
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    madurax86 said:
    මචෝ මේකට උත්තරේ ඇති මං ලියපු ත්‍රෙඩ් එකේ
    http://www.elakiri.com/forum/showthread.php?t=198272

    උඹ තාම හිතන් ඉන්නේ සිංහල රාජ්‍ය භාෂාව කරාම දෙමළ වල පල්ලට යනවා කියලා එහෙම නෑ දෙමළ කතා කරන අයට ඒ භාෂාවෙන් තමා ලිපියවන්නේ!
    ඕක කියවන්න ඕවා ඔක්කොම පට්ට පල් බොරු
    ඕකේ බලමු :)
    නිල භාෂාව කියන එකේ තේරුම මන් අර කලින් කිව්ව එක තමයි:)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    tharinda07 said:
    2.ehena anawashya getaluwak wenne kohomada?
    anith ratawalath ehemanam,lakaawe awrudu 100 ganak thibbeth ehenam nam ,oka vivasthaawata demime warada kumakda

    dan 2002 usa wala english rajya bashawa kara ,moko spain un wedi wenne gaththa hoo gaala,koo mukuth unaada?ekewath katak helluwada ?ey mee lankaawe eaka beri?

    meaka uththare mee lipiya deelama thiyenwa ,monawa hari getalu sahagatha thenak thiyenwanam pennanna

    මම කියන්නේ මේ අව්ස්තාව සුදුසු නෑ කියලා...ඒකෙන් වාසි ගන්න පුළුවන් බෙදුම් වාදීන්..ඒ කියන්නේ අපි 100% ක්ම ජාත්‍යන්තරය අමතක කරන්න හොදනෑ...මෙතන ගොඩක් රටවල් ලංකාවට සහය පළ කරන්න එක හේතුවක් තමයි කලින් ඉදලා පැවති ජාත්‍යන්තර සබදතා...ඒ කිව්වේ විශේශයෙනම70 දශකයේ මුල් බාගේ ඇතිකරගත්ත සබඳතා..අපි මොනවා කිව්වත් බෙදුම් වාදීන් ගේ මාධ්‍ය හා ජාත්‍යන්තර හැසිර වීම අපට වඩා ශක්තිමත්,සංවිධානාත්මකයි..ඔවුන්ට මුදල් වැඩී... ඒවගේම ලොක්වෙ බලවත්ම රටවල් කීපයක් එළිපිටම බෙදුම් වාදීන්ට උදවු කරනවා.ඒ වගේම මේ ප්‍රශ්නේ දිහා මැඩිහත්ව බලන රටවල් අනික් පැත්තට හරවන්න උන් මෙ වගේ දේවල් යොදා ගන්න ඉඩ තියනවා...ඒ අය බලන් ඉන්නේ ලංකාවට පහර දෙන්න..ඇමරිකාව මොනවා කරත් කට අරින්නැති රටවල් අපි වගේ පුංචි රටවල් දිහා කට ඇරන් බලන් ඉන්නේ පහර දෙන්න..විශේෂයෙන්ම යුරෝපීය රටවල්..
     
    ඇමෙරිකාවට වැඩි ආයුෂ නෑ ලගදි කටයි, පු*යි වැහෙන්න වදී north korea වලින්:lol: