got it via email.
විහිලු කථා එකක් නෙමේ ගොඩාක්....
විහිලු කථා එකක් නෙමේ ගොඩාක්....
- මනමාලිගෙ ඇදුම
විවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය.
''අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ''
මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේඇයගේ සතුට, විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටු දායකම දිනය. මව එලෙස පිලිතුරැ දුන්නාය.
''එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන ඉන්නේ...''
-------------------------------------------------------------------------------------------------------------
ලාම්පුව
මාටින් : ''මුදලාලි, මං ඊයෙ ගෙනිච්ච කුප්පි ලාම්පුව හිල්වෙලා මෙහමත් බඩු විකුණනවද...''
මුදලාලි: ''ඇයි බං මාටින් මං ලාම්පුව ගන්න කොටම කිව්වනේ ලාම්පුව පුංචි උනාට තෙල් බොතලයක් උනත් දාන්න පුලුවන් කියලා''
-------------------------------------------------------------------------------------------------------------
මුවහත
බාස් උන්නැහේ - ''මොකද ලමයොමේ උදේ පාන්දරම. ඈ.....මෙගෙනත් තියෙන්නේ ඊයෙමන් තලල දිපු මන්න පිහිය නේද???''
ළමයා - ''ඔව් මේ ඒ පිහිය තමයි තාත්ත කිව්වා මේ පිහිය බාසුන් නැහේට දිල කැපෙන පැත්ත ලකුණු කරගෙන එන්න කියලා...''
-------------------------------------------------------------------------------------------------------------
කාසිය
කුඩා දරුවෙකුට සතයේ කාසියක් ගිලිම නිසා මව උදව් ඉල්ලා කෑගසන්නට විය.අසල සිටි පුද්ගලයන් කිපදෙනෙකු පැමිණි අතර ඒ අතර සිටි පුද්ගලයකු ඉදිරියට පැමිණ කුඩා දරැවා දෙපාවලින් අල්ලා හිස පහතට හරවා පිටට තට්ටු කලේය.මද කැස්සක් සමග කාසිය පිටතට පැමිණි නිසා මව මහත්සේ සතුටට පත් වුවාය.
''බොහොම ස්තුති ඩොක්ටර් මේ වෙලාවෙ කරපු උදව්වට දරැවගෙ වාසනාව ඔබතුමා වගේ කෙනෙක් මෙතන සිටිම.''
''ආ..හ් ඔක මොකක්ද ඒත් මන් ඩොක්ටර් කෙනක් නම් නෙමේ. මං ආදායම් බදු නිලධාරියෙක්''
Last edited:

Keep posting 
