විහිලු කථා....

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රීපෝස්ට් නම් ඉතින් සොරි....


    මනමාලිගෙ ඇදුම

    විවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය.


    ''අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ''

    මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේ ඇයගේ සතුට, විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටු දායකම දිනය. මව එලෙස පිලිතුරැ දුන්නාය.

    ''එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන ඉන්නේ...''


    ලාම්පුව

    මාටින් : ''මුදලාලි, මං ඊයෙ ගෙනිච්ච කුප්පි ලාම්පුව හිල්වෙලා මෙහමත් බඩු විකුණනවද...''

    මුදලාලි: ''ඇයි බං මාටින් මං ලාම්පුව ගන්න කොටම කිව්වනේ ලාම්පුව පුංචි උනාට තෙල් බොතලයක් උනත් දාන්න පුලුවන් කියලා''



    මුවහත

    බාස් උන්නැහේ - ''මොකද ලමයොමේ උදේ පාන්දරම. ඈ.....මෙගෙනත් තියෙන්නේ ඊයෙමන් තලල දිපු මන්න පිහිය නේද???''

    ළමයා - ''ඔව් මේ ඒ පිහිය තමයි තාත්ත කිව්වා මේ පිහිය බාසුන් නැහේට දිල කැපෙන පැත්ත ලකුණු කරගෙන එන්න කියලා...''


    කාසිය


    කුඩා දරුවෙකුට සතයේ කාසියක් ගිලිම නිසා මව උදව් ඉල්ලා කෑගසන්නට විය.අසල සිටි පුද්ගලයන් කිපදෙනෙකු පැමිණි අතර ඒ අතර සිටි පුද්ගලයකු ඉදිරියට පැමිණ කුඩා දරැවා දෙපාවලින් අල්ලා හිස පහතට හරවා පිටට තට්ටු කලේය.මද කැස්සක් සමග කාසිය පිටතට පැමිණි නිසා මව මහත්සේ සතුටට පත් වුවාය.

    ''බොහොම ස්තුති ඩොක්ටර් මේ වෙලාවෙ කරපු උදව්වට දරැවගෙ වාසනාව ඔබතුමා වගේ කෙනෙක් මෙතන සිටිම.''

    ''ආ..හ් ඔක මොකක්ද ඒත් මන් ඩොක්ටර් කෙනක් නම් නෙමේ. මං ආදායම් බදු නිලධාරියෙක්''


    නඩුව

    මහේස්ත්‍රාත් වරයා- ''පොලිස් කාන්තාවක ගේ රාජකාරියට බාධාකිරිම බරපතල වරදක් බව තමා දන්නේ නැද්ද''

    විත්තිකරැ- ''දන්නවා ස්වාමිනි ඒත් එයා මගෙ හැදුනුම් පත බලල ලිපිනය ලියාගත්තා.''

    මහේස්ත්‍රාත් වරයා- ඊට පස්සේ

    විත්තිකරැ- ''මං කිව්වෙ ගෙදර ගැනිට අහුවෙන හින්දා ඒ ලිපිනයට ලියුම් එවන්න එපා කියල''


    ආදරය

    බිරිද- ''හා.. නේ මෙයා කන්තොරැ යන්න ලැස්ති වෙලා හොරාවගේ එලියට බැස්සට කොන්ඩෙවත් පිරල නෑ. ෂා.. බලන්නකො ටයිගැටෙවත් දාගෙන නෑනේ හරියට, කො.. ඉන්නකො මන් ඔක හදනකල්...''

    සැමියා- ''හැබැවටම ඔයා ඔහොම කිව්වහමයි මතක් උනේ අද පඩි දවසනේ..''


    එකට එක

    බිරිද- ''අන්න ඔයාගෙ තරහකාරයා කාර් එකක් අරන් උට රිදෙන්නත් එක්ක ඔයත් ගන්න කාර් එකක්.අත අරින්න එපා මිනිහ කරන හැම එකම ඔයත් කරන්න පස්සට යන්න එපා''

    සැමියා- ''ඔව් ඔව් එහෙම තමා මාත් හිතාන් ඉන්නේ, මිනිහ ලගදිම ගෑනියකුත් ගෙනව කියල ආරංචියි.''


    නරක් විම

    කුඩා දරැවා- ''ආච්චි අම්මේ අයිස් පෙට්ටිය දිහා බලාගෙන ඔයා මොනවද කල්පනා කරන්නේ''

    ආච්චි අම්මා- ''පුතේ ඔය අයිස් පෙට්ටිය ඇතුලෙ දැම්මහම ඔනැම දෙයක් නරක් නොවි තියාගන්න පුලුවන් කියන්නේ ඇත්තද...''

    කුඩා දරැවා- ''ඇත්ත තමයි ආච්චි අම්මේ ඇයි ඇහුවේ''

    ආච්චි අම්මා- ''උඔලගෙ සීයගෙ හිත නරක් වේගන එනවයි කිව්වා ඒ හින්දා අන්න ඒක ඔන්න ඔය පෙට්ටිය ඇතුලට දාපන් පුතේ...''


    දැන්විම

    ඇස්කණ්නාඩි සදහා ඇස් පරික්ෂාකරන ස්ථානයක දොරටුවෙහි මෙසේ සදහන්කර තිබිණි.

    ''ඔබට අවශ්‍යදේ දැකිමට නොහැකි වුවත් ඔබ නියම ස්ථානයට පැමිණ ඇත.''


    පිරිසිදු කම

    මහත්තයා- ''වේටර්... මොකද අයිසේ බිත්තරේ අතින් අරන් එන්නේ ඔක පිරිසියක තියාන් එනවා ඔහොමද වැඩකරන් නේ..''

    වේටර් - ''නෑ සර්.. නැත්තම් මේක ආයිමත් බිම වැටෙයි.''


    බෙහෙත


    මැදිවියෙ පසුවන සිල්වා හදිසියේ බලවත් ලෙස රොගාතුර විය බැරිම තැන ඔහු වද්‍යවරයකු වෙත ගියේය. සිල්වා හොදින් පරික්ෂාකල වද්‍යවරයා බෙහෙත් පෙති හතරක් ඔහු අත තබමින් මෙසේ කිය.

    ''අද රෑ නින්දට පෙර මේ බෙහෙත් පෙති දෙකක් ගිලින්න. උදේ නැගිට්ටොත් අනිත් දෙකත් ගිලින්න. ලෙඩේ නිට්ටාවටම හොදවෙයි.''


    කෑම


    කම්කරුවන්ගෙ කෑම ශාලාවක හැමදාම එක් කම්කරැවෙක් තම බත් පාර්සලය දිගඅරින විට ''තුං..විතරක් අදත් තියෙන්නේ බතුයි සම්බොලයි'' කියා දොස් පවරයි.

    මෙය අසා සිටි තවත් කම්කරැවෙක් මෙසේ කිය

    ''ඇයි බං හැමදාම ඔක කියන්නේ ගෑණිට කියපන්කො වෙන මොනාහරි උයන්න කියලා''

    ''මොන ගැණීයෙක්ද බං මන්මයි හැමදාම උයන් නේ...''


    ෆුට් බෝල්

    තමන්ගෙ කුඩාකාලය ගැන පියෙක් තම පුතුට විස්තර කරන්නට විය

    ''මං පොඩිකාලේ ෆුට් බෝල් ගහන කොට, මංනැතුව අනික් කවුරැත් සෙල්ලම් කරන් නෑ. මං නිකන් හරි සෙල්ලම් කරන්න නොගියොත් අනික් අයත් එන් නෑ''

    ''ආ..හ් තාත්තා එතරම් දක්ෂ ෆුට් බෝල් ක්‍රිඩකයෙක්ද...''

    ''නෑ බං මට විතරයි ෆුට් බෝලයක් තිබු නේ,ඒක මං අරන් නොගියොත් උන් මොකෙන් සෙල්ලම් කරන්නද...''


    අලුත් කාරය

    තම අලුත මිලදිගත් කාරයෙන් නුවරයාමට පිටත්වු පියසොම ගෙදර පැමිණියෙ දින හතරකට පසුවය.මේ පිලිබද මහත් උරණ වි සිටි ඔහුගේ බිරිද ඔහු නිවසට පැමිණි විගස ඇගට ගොඩවන්නට විය.

    ''ආ...හරි අපුරැයි මිනිහා ගෙදර එන දවස මෙච්චර දවස් මොන මගුලක් කලාද එහෙට වෙලා''

    ''මන් කරපු මගුලක් නෑ හාමිනේ,මේ කාර් හදපු සුද්දා ඉස්සරහට යන්න ගියර් හතරක් හැදුවට පස්සට යන්න හදල තියෙන් නේ එක ගියර් එකයිනේ........''


    හපන්කම

    තම කාලෙකින් හමුවු මිතුරා සමග සුනිල් සතුටු සාමිචියේ යෙදෙන්නට විය.''මේ මාර වැඩක් උනානේ මචං. දවසක් මන් පාරේ යනකොට හෙන ඇගපත තියන පොරක් කෙට්ටු අහිංසක මනුස්සයකුට හොදටම ගහනවා''


    ''ඉතින් උඔ මොනාද කලේ...'' මිතුරා විමසිය

    මන් මිනිහට කෑගහල කිව්වා බං, ''මේ ඔයි ඔයවගේ අහිංසකයකුට තලන් නැතුව තමුන්ගෙ ඇගට හරියන අපි වගේ හාදයෙක් හොයා ගන්නවකො ගහගන්ඩ ඔනේනම්'' කියල

    ''මයි ගොඩ්..ඉට පස්සෙ මොකද වුනේ''

    මචං මට ඉට පස්සෙ උන එක නම් මතකනෑ. වැඩට ගිහාම අපේ ලොක්කා,
    ''තමුසේ දවස් පහක් තිස්සෙ වැඩට එන්නැතුව මොන මගුලක් කලාද මිනිහො'' කියල ඇහුවනම් මතකයි.



    පුතාගේ කරැණාව




    නිමල් ලගට දුවගෙන ආ ඔහුගෙ පුතා

    ''තාත්තේ තාත්තේ මට රැ 10 ක් දෙන්න පුලුවන්ද අර පාරෙ ඉන්න අංකල්ට දෙන්න''එකවරම තම පුතා පිං දහම් කිරිමට පෙලඹිම ගැන සතුටුවු නිමල්,

    ''හොදයි පුතා මන් දෙන්නම්, ඇයි ඔයාට එකපාරටම හිතුනේ මෙවගේ වැඩක් කරන්න''

    ''නෑ තාත්තේ මන් ඒ අංකල්ගෙන් අයිස් ක්‍රිම් එකක් ගත්තා.''
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    විමල් කාරයගෙ ගොන් කතාවලට හිනාවෙලාම දැන් මෙවට හිනා යන්නෙත් නැ වගෙ:P
    එල එල ++++පට්ට හොදෙ:rofl:
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    විමල් කාරයගෙ ගොන් කතාවලට හිනාවෙලාම දැන් මෙවට හිනා යන්නෙත් නැ වගෙ:P
    එල එල ++++පට්ට හොදෙ:rofl:

    සිරාවටම...:lol: