Sinhala Kavi-Ajith Thilakasena

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මල්ලි මේ කරනා දැනුවත් කිරිම හා උසස් සාහිත්‍යය වින්ඳනය සඳහා අපට මෙසේ ලබා දෙන දුර්ලභ ගනයේ නිර්මාන මා ඉතා අගේ කොට සලකනවා...

කාලයෙන් කාලයට අපේ රටේ බිහිවු සාහිත්‍යය නිර්මානකරුවෝ හිටියා..එයිනුත් අජිත් තිලකසේනට හිමි වන්නේ විශේෂ තැනක්..ඔහු අපේ කාලයේ ජනතාවාදී නිර්මානකරුවෙක්.....

මං ආශා කරන චිත්‍රපටයක් තමයි "පාර දිගේ" ..

මේ පාර දිගේ අජිත් තිලකසේන අතින් ලියැවුන විශිෂ්ඨ පොතක්..ඒක සිනමාවට නැඟුවේ අපේ සිංහල සිනමාව යථාර්ථවාදී සිනමාවක් බවට පෙරලු ධර්මසේන පතිරාජයන් විසින්...

පාර දිගේට අමතරව ඔහු විසින් නිර්මානය කරන ලද අනෙකුත් විශිෂ්ඨ සිනමා පට අතර අහස් ගව්ව....බඹරු ඇවිත්...සොල්දාදු උන්නැහේ ප්‍රධාන තැනක් ගන්නවා..

නවක නිර්මානකරුවන්ගෙන් මං ඉල්ලනවා පුළුවන් කමක් තියෙනවනම් ඔය පාර දිගේ සිනමා පටය හොයාගෙන බලන්න..විජය කුමාරණතුංගගේ අති විශිෂ්ඨම රංගනය තියෙන්නේ ඔහු රංගන දායකත්වය දුන් ඔය සිනමා භූමිකාව තුලයි...

මල්ලිට ජය!!