හෙලයාගේ අදහසට මාත් එකඟයි,
මචන් මටත් හිතෙන්නේ මේ site එකේ පොත් දාන අයට මහලොකු recommendations දෙන අය හුඟක් වැඩියි කියලයි. කොහොමටත් අපි හැමෝම දාන්නේ අපි ගාව තියන සහ අපිට හොයාගන්න පුළුවන් පොත්. සමහර අය ඉල්ලා සිටි අවස්ථාවල, විශේෂයෙන්ම හොයල බලලා ඒ පොත් upload කරපු අවස්ථාත් තිබුනා. මගේ අදහසේ හැටියට කෙනෙක් පොතක් upload කලාම එයට ස්තුති කරලා, තමන්ගාව ඊට වැඩ හොඳ පොත් තියනවනම් ඒවත් මේ site එකට upload කරන එකයි කෙනෙක් කරන්න ඕන. නමුත් මට notice වෙලා තියන විදියට මේ site එකට පොත් දාන්න ඉන්නෙත් කීපදෙනෙක් විතරයි. ඒ වගේම හුඟ දෙනෙක් ඒ පොත් download කර ගන්න අවස්ථාවල අඩුම වශයෙන් ස්තුතිය පල කරලා comment එකක් දාන්නවත් කාරුණික වෙන්නේ නැහැ. නමුත් පොත් දාන කීප දෙනාට recommendations නම් මහා ගොඩක් ලැබෙනවා.
මම කියන්නේ අනෙක් අයට සේවයක් කරන්න කැමති අය ඉන්නවනම්, කරන්න ඕන, ඒ අයත් තමන් ගාව තියන පොත් මේ site එකට දාල මේක පෝෂණය කරන එකයි.
අනික් කාරණය තමයි, අපි මේ කරන්නේ නරක වැඩක් නෙවෙයි කියන එක.
අපි කරන්නේ සම්පුර්ණයෙන්ම online පුස්තකාලයක් පවත්වාගෙන යාම. තියන එකම වෙනස සාමාන්‍ය පුස්තකාලයකින් පොත් ගන්න විදියට නැතුව e-book format එකෙන් පොත් ලබා ගන්න තිබීම.
තව ටික දිනකින් අපි පොත් download කර ගන්නේ නැතුව online ඉඳගෙන කියවන්න විතරක් පුළුවන් ක්‍රමයක් හදනවා. එතකොට අපිට එක 100% online library එකක් විදියට පවත්වාගෙන යන්න පුළුවන්. බොහෝම ස්තුතියි෴