sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්ථනය කලේ ජෝර්ජ් ටර්නර්.. ඊට පස්සෙ තමයි ද සොයිසා මහත්තයා ඉංග්‍රීසියට පරිවර්තනය කරපු ත්‍රිපිටකය සිංහලට පරිවර්ථනය කලේ. පාලි ඉංග්‍රීසියට පරිවර්ථනය කරනකොට ගොඩක් තැන් වැරදියට පරිවර්ථනට්ය උනා.. ඒ වගේ ම ඉංග්‍රීසි එක සිංහලට පරිවර්ථනය කරනකොටත් ගොඩක් තැන් වැරදුනා.. සිංහලට පරිවර්ථනය වුන එකේ ගොඩාක් වැරදි තැන් තියෙනව. අද වෙනකොට මුළු පිරිසිදු බුද්ධ ධර්මයම ගොඩක් වෙනස් වෙලා...
 
madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    විනය පිටකය

    භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.
    විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.

    • සුත්ත විභංග
    • බන්ධක
    • පරිවාර
    සූත්‍ර පිටකය

    ප්‍රධාන ලිපියන්: සූත්‍ර පිටකය සහ මහායාන සූත්‍ර
    සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ
    සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.
    දීඝ නිකාය

    මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය. මෙහි ඇතුලත් වනුයේ ඉතා දීඝ්‍ර සූත්‍රය. මෙහි කොටස් තුනකි . එනම්

    1. . සීලක්ඛන්ධ වග්ග
    2. . මහාවග්ග
    3. . පාටික වග්ග
    මජ්ඣිම නිකාය

    මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.
    සංයුක්ත නිකාය

    මෙහි කෙටි සූත්‍ර 56ක් අඩංගුය.
    අංගුත්තර නිකාය

    මෙය නිපාත 11 කට බෙදා ඇත.
    ඛුද්දක නිකාය

    මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.
    අභිධම්ම පිටකය

    එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.
    සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.

    1. ධම්මසංගණිප්පකරණය
    2. විභංගප්පකරණය
    3. කථාවත්ථුප්පකරණය
    4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
    5. ධාතුකථාප්පකරණය
    6. යමකප්පකරණය
    7. පට්ඨානප්පකරණය
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්ථනය කලේ ජෝර්ජ් ටර්නර්.. ඊට පස්සෙ තමයි ද සොයිසා මහත්තයා ඉංග්‍රීසියට පරිවර්තනය කරපු ත්‍රිපිටකය සිංහලට පරිවර්ථනය කලේ. පාලි ඉංග්‍රීසියට පරිවර්ථනය කරනකොට ගොඩක් තැන් වැරදියට පරිවර්ථනට්ය උනා.. ඒ වගේ ම ඉංග්‍රීසි එක සිංහලට පරිවර්ථනය කරනකොටත් ගොඩක් තැන් වැරදුනා.. සිංහලට පරිවර්ථනය වුන එකේ ගොඩාක් වැරදි තැන් තියෙනව. අද වෙනකොට මුළු පිරිසිදු බුද්ධ ධර්මයම ගොඩක් වෙනස් වෙලා...
    පාලි දත් පමනින් ත්‍රිපිටකය පරිවර්ථනය කිරිමට යෑම “ගොන්” කමක් විනා වෙන දෙයක් නොවන බව මට වැටහෙන්නේය. එය ඉංගිරීඉය යන්තමින් දැන ගෙන ශේෂ්පියර්ගේ කෘති සිංහලයට නැගීමත්, එයට විචාර දීමත් වැනි හර සුන් ක්‍රියාවකි.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    “තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො.”
    "මහණනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි."
    (අඬ්ගුත්තර නිකාය, තික නිපාත - භරණ්ඩු වර්ගය, 9 සූත්‍රය.)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදු දහමේ එක් ශාඛාවක් වන ථේරවාදයේ ඉගැන්වීම් පදනම් වී ඇත්තේ ත්‍රිපිටකය මතය. පිටක යනු පැස නොහොත් කූඩයට පාලි බසින් යෙදෙන පදයයි. මෙසේ බුදුන්ගේ දේශනා අඩංගු පිටක තුනකි නොහොත් ත්‍රිපිටකයයි.

    දැනට පවත්නා පරිදි ධර්මය සහ විනය, ත්‍රිපිටකයකට බෙදා සකස් කරන ලද්දේ ප්‍රථම සංගායනාවේ දීය. මෙම ත්‍රිපිටකය රහතන් වහන්සේලාගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු වර්ෂ 80 දී පමණ ශ්‍රී ලංකාවේ රජකල වළගම්බා රජතුමාගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරයේ දී රහතන් වහන්සේලා විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී.
     
    ත්‍රිපිටකයේ විවිධ කොටස්වල කර්තෘත්වය විවිධ වේ

    බුද්ධ භාෂිත - ත්‍රිපිටකයේ බොහෝ අන්තර්ගත බුද්ධ භාෂිත වේ
    ශ්‍රාවක භාෂිත
    කර්තෘත්වය නොදන්නා

    ත්‍රිපිටකය ආශ්‍රිතව ගොනුකළ අතිපුජ්‍ය රේරුකානේ මහා නාහිමි විසින් රචිත ග්‍රන්ථ
    http://www.ogatharana.org/