විනය පිටකය
භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා
බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට
ආනා දෙසනා යැයිද කියනු ලැබේ.
විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.
සූත්‍ර පිටකය
ප්‍රධාන ලිපියන්: සූත්‍ර පිටකය සහ මහායාන සූත්‍ර
සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට
වෝහාර දේසනා යැයිද කියනු ලැබේ
සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.
දීඝ නිකාය
මෙහි
සූත්‍ර 34ක් වේ.
බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද දීඝ නිකායේය. මෙහි ඇතුලත් වනුයේ ඉතා දීඝ්‍ර සූත්‍රය. මෙහි කොටස් තුනකි . එනම්
- . සීලක්ඛන්ධ වග්ග
- . මහාවග්ග
- . පාටික වග්ග
මජ්ඣිම නිකාය
මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත.
චතුරායර්ය සත්‍යය,
කර්මය,
ධ්‍යාන,
සමාධි, ආත්මවාදයේ දෝෂ සහ
නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.
සංයුක්ත නිකාය
මෙහි කෙටි සූත්‍ර 56ක් අඩංගුය.
අංගුත්තර නිකාය
මෙය නිපාත 11 කට බෙදා ඇත.
ඛුද්දක නිකාය
මෙම නිකායට ග්රන්ථ 15 ක් අයත් වේ.
අභිධම්ම පිටකය
එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ
නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්රතිපාදනය කිරිම නිසා මෙම පිටකය
අභිධම්ම ලෙස නම් කරයි.
සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට
පරමත්ථ දේසනා යැයි ද කියනු ලැබේ. මෙහි ග්රන්ථ 7ක් ඇතුලත් වේ.
- ධම්මසංගණිප්පකරණය
- විභංගප්පකරණය
- කථාවත්ථුප්පකරණය
- පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
- ධාතුකථාප්පකරණය
- යමකප්පකරණය
- පට්ඨානප්පකරණය