sinhala unicode lyrics {සින්දු}

අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චි
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චි

...වළාකුලේ දාබීඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉමන්කඳු මුදුනේන් හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා

අන්දර යායේ.......

තුරු හිස මුදුනේ මල් පළදා
කැකුළු මුවට පළවැල නෙළුවා
ඒ දඬුමං බැඳ සත්කුළුපව් බිද
සිදාදියට එන මං තැනුවා

අන්දර යායේ..........
 
සංසුන් වූ කල්පනා...ජීවිතයෙ පාවුණා...
ඔබේ සෙනෙහස ගෙනා...මිහිරි ආරධනා...
මල් පිපුණු තාරකා...විමානේ තනි වුණා...
හැඟුම් මන්මත් කලා...සුසුම් ආරධනා...

...සිනිඳු මල් පෙති පුරා...බඹර ගී ලියැවුණා...
සිවු නෙතක්‌ ලංකලා...ඔබේ ආරධනා...
කුරුළු ගී පාවුණා...නිල් ගුවන් ගැබ පුරා...
වසත් කල ලංකලා...සෙනෙහෙ ආරාධනා...
 
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව...කවදා හෝ යළි දකින තුරා.......
රැවු පිළිරැවු දී ඇසෙන ඔබේ හඬ...යළි මගෙ සවනට වැකෙන තුරා....

දෙලොවක්‌ අතරේ සරණ ඔබේ සිත...මෙතරම් සසැලෙන්නැතුව ඇති........
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට...වැඩියෙන් දුක දැනෙනවා ඇති.......
...
භවයෙන් භවයට අහිමිව හිමිවන...නොපිරූ පාරමිතාව පුරා......
සමුගනිමුද අපි අපේම වී මතු...දිනයක හමුවෙමුයි සිතා.........

විඳින්න දුන් ජීවිතය අරන් මම...විඳවන්නද මේ සසර පුරා.........
 
එක්පෙති මලක් විය නුබ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බොසත් කමට
හැර ගියෙ දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට

...විස්මිත් කමට අදහන්නට බෑ තවම
මා හැර දම නුඹ ගිය මග දැන අරුම
සතු කර ගන්න මුල් පෙම නොපිදු බැවින
දුක් බර හතට කිවෙමි නොහඩන ලෙසින

එක්පෙති මලක් විය...

සිටිනා කොදෙවුවක නුඹ සැප විදි නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නිඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
 
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැතිවී...නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
...
ඇගේ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ..
නැතිදා ඇගේ ගී රාවේ
කොවුලනියයි ගී ගැයුවේ..//

වනයේ පිපී මල් ගොමුවේ
සමනලයින් ඇයි හැඩුවේ..
නැතිවී...නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී

පායා ඇයි හිනැහෙන්නේ..

ඇගේ දිමුතු දසුන් නොපෙනී
මට මොකටද මුතු පංතී..
ඇගෙ කඳුලැලි නැති විට දී
ඕනෑ නෑ දියමන්තී...//

පායා ඇයි හිනැහෙන්නේ.....!
 
ඔබ හිමි වුනා නොවෙයි
ඔබ මට හිමි කලා
අප ලංවුනා නොවෙයි
ඔබ මා ලංකලා
...හිත් හැදිනුවා නොවෙයි
දෑගිලි එක් කලා
අප සැනසුනා නොවෙයි
වෙන අය සැනසුවා...

හිත නතර වුන තැනින්
හිත ආපසු ගන්න බැරී...//
ඔබ නගන විටදි හසරැලී
හදවතින් නොවෙයි සියුමැලී.....

ඔබ හිමි වුනා නොවෙයි....

අපි අසරණයි නමුදු
දැන් ආපසු යන්න බැරී...//
අපි එකට වසමු මියුලැසී
ලෝකයට බයෙන් ගල්ගැසී.....

ඔබ හිමි වුනා නොවෙයි....
 
සරසවි බිම පිනි පලසේ
පිය මනිනා සියුමැලියේ
මද සිනහව ඔබෙ දෙතොලේ
සරසවියම එළිය කලේ

...මල් වැටිලා සතර අතේ
පිය නගනා පිනි පලසේ
සුවඳ හමා යයි ද්සතේ
ඔබ පිළිගන්නට වාගේ

පිනි දිය මත හීන් සැරෙ
එන විට මල් සුවඳ දිගේ
කෙහෙරැල්ලක් ඔබෙ නලලේ
දඟ කෙරුව මද පවනේ

ළහිරු කිරණ අරුණෝදේ
වැටිලා පිනි පලස දිගේ
දිදුලයි පිනි බිදු මිණි සේ
එන විට ඔබ සමනළියේ
 
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයචනා
හිරු සඳු ඇති තුරා
සසර සරනා තුරා
ඉන්නට බැහ තරහ වෙලා
...ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයචනා

පැව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා
සත සැනසුම් සාදනා
ඔබේ හසරැල් මට වාසනා

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයචනා

තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා ආයේ
යළි නොමයේ වේදනා
ඔබේ හසරැල් මට වාසනා

ඔබටයි මේ.........
 
දුර ඈත අතිත්යෙ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයෙත් එන්නට
අප පෙම බිදුණු තැනින්

ඔබ සිත මා සිත දෙලොවක රැදුනා
...නොසිතු නොපැතු ලෙසින් ගැටි
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැදි

දුර ඈත අතිත්යෙ.....

බොලද සිහිනයක මා සිත දකිනා
සැබැ ලොවක ඉටු නොවනු ඇති
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලේ රැදී

දුර ඈත අතිත්යෙ.....
 
මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවේ වේදනා වේ

...සිතුවිලි සිතුම් සැඳැල්ලේ
ලතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙලීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඇතට ඇදී හලා ඒ
සොයමින් හෙවු අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවු
යුගයකි ගෙවා නිමා වු
 
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ලගයි
ආයෙත් දවසක අප හමුවන්නට
කල පිං මදිද සිතෙයි

...යොදුන් ගනන් දුර ආවද පසුකර්
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ

ආපසු යන්නට.....

කල්ප කාලයක් පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවෙයි
ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ

ආපසු යන්නට.....
 
හෙට දවසේ අප දෙදෙනා
අදවාගේ හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගේනා
මිහිර හෙටත් ගෙන ආයුතුවෙ

...කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා ලැබු ඔබෙ ආදරයයි
මගෙ ජිවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි

හෙට දවසේ........

අද සුපිපෙන මල හෙට නොපිපේවි
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන ලොවෙහි අනුපත
ආදරය මම ඉදිමි බලා

හෙට දවසේ........
 
මේ ගුරු පරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා

පටු මාවත් වල දුවිලි අතරේ
...අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොළ මත දිදුලන පෙන පිඩු අතරේ
අපේ කතාවෙ කෙටි පටුනක් ඇත

මේ ගුරු පරේ.....

ඉර හඳ ඇසුවා ඇල දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ
එනමුදු එදවස් සගවනු හැකිවේ
ඉරට හඳට ඇල දොළට කතා බැහැ

මේ ගුරු පරේ.....
 
ඔබ ඇස්‌ දෙක නම්...
ඇස්‌ පිල්ලම මම...
ඔබවත් නොදන්නා ලෙස...
ලගටම වී ඉන්න...
ඇහි පිල්ලම මම...
...
ජිවිතේ වින්ද දුක්‌ සේරම...
ඔය ඇස්‌ වලින් වටකුරුවකදුලක්‌ව ගලනවිට රැයක...
ඔබටත් කලින් තෙත්වෙන...
පුංචි ඇහිපිල්ලම මම...

ආදරේ දුන්නු සැප විදගෙන...
මෙහෙම්මම ගැලියන්නට පතාගෙන...
ජිවත් වෙනතුරුවත් ඔබ ලග...
ගැහෙන්නට හිතගෙන...
ඉන්න ඇහිපිල්ලම මම...

 
මම හිනා වෙනවා.....
අඩන්න බැරි හින්දා නෙමෙයි....
අඩන්න බැරි හින්දා නෙමෙයි......
ඇඩූවොත් නවත්තගන්න බැරිවෙයි කියලා........

...මම බලාගෙන ඉන්නවා.....
ඔයා එයි කියලා නෙමෙයි .....
ඔයාව දකින්න වත් ලැබෙයි කියලා......

මම හින දකිනවා....
වෙන මුකුත් ගැන නෙවෙයි.....
ඔයා මගේම වෙයි කියලා....

මම ජිවත් වෙනවා...
මැරෙන්න බය හින්දා නෙමෙයි...
මැරුනොත් මට ඔයාව නැතිවෙයි කියලා.....
මම මැරුනොත් ඔයා තනිවෙයි කියල.....
 
සුදු පාට මල් පිපුණු අරලියා හෙවණ යට
බාලිකාවේ සුවද තනිවෙලා
අපි ඉතින් වෙන්ව යමු
අපි අතින් ගිලිහි ගිය
සියලු දේ අතිතෙට පවරලා
...
ඇසළ සඳ දිය නොවුන වැව් තල කොනෙක
ගයා නිමවු කවිය ඉකිබිඳී
අපට අප පමණක් නොවේ
නෑණ නුවන් සැදු තක්සලාවත් අහිමීලා

සුදු පාට මල්.........

සිනා සරදම් පිරුණු පංති කමර
ගෙවී ගිය සමය සිහිනෙකී
සඳට ඉකිබිද හඩන නොදෘවන් නොවේ අපි
සිනාසෙමු අතිතෙට සෙනෙහසින්

සුදු පාට මල්.........
 
රැ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

...තුන් තිස් පැයේ දෑඟිලි නිදි වන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ මයියෙන් හඩන්නේ

නුඹෙ කඳුලැලිද ස්යුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පඅවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජිවිතයද මහන්නේ
 
ඇත රන් විමන් තුලින්
පාට සේලයෙන් සැදි
මුදු සිත හිම මුදුන් අතරින්
එබී බලනවා

...මේ ලොවෙන් එහා සිටන්
ඇත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා

රෑට තරු දහස් ගණන්
ඈත සුර පුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා

ගීත රවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කථා ඇසුරින්
ගීත මැවෙනවා
 
මාගෙ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා
ඔබ මගෙ යයි කියා
...පැතුවෙ සිතුවේ බොරුවටද ඔයා

පාසල හැර අපි වෙන්ව ගියා
මතක සේයා මවා
ඔබ ලියුදේ තියා
කී දේවල් පවා
සුළගේ විසිටි දුවිල්ල වගේ

උණුසුම් ආදර වදනක් ඔබේ
අද ඇතේ තනිවෙලා
මා සිතින් වැළපිලා
සොදුරු සැමරුම් බලා
සැමදා මෙලෙසේ
සිහිකරමි ඔයා
 
ඈත සිතිජය සයුරු වෙරලක
සෙනෙහසින් තව ළංවෙලා
ඒදා මා හා පෙමින් බැඳි ඇය
අද කොහේදෝ සැඟ විලා

...හදේ තනිකම මකා ගන්නයි
තවත් හද කට ළං උනේ
මගේ සෙනෙහස සිඳි වියැකි
සෝසුම් මැද තනි උනේ

සෙනෙහසින් මා කඳුලු බිදුවැල්
උරුම කරගෙන අද දිනේ
සැබෑ සෙනෙහස පුදන්නෑ මා
යළිඳු කිසිදා මතු දිනේ