sinhala unicode lyrics {සින්දු}

ඇසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාශය නගේ කිය
මගෙ ලොව දිලුදු නිසා
...විදගත්තා හැම රන් යහනා සිහිනයක් කිය

ඒ උනාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුනු මගෙ ආදරයෙත් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නිහැඩු මගෙ යුග දෑසත් බොඳ කර දැමුවා
දැනත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විදගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
 
පුංචි දඟකාරියේ
විහඟ ගීතෙන් ගැයු
කිමද රණතිසර ලියතඹර
පෙති ගිලිහියේ
කවිරුන්ද මල් වයසෙ
...මඩෙ යහන ගිනිබත් කළේ
මනමාළියේ මනමාළියේ දඟකාරියේ

බිඟු දබර කළ සිතේ දිය බොරවෙලා
විෂ බඹර තුඩුවලට පෙති ඇකිලිලා
දෙකොපුල් රිදුනාද දඟකාරියේ
කියන් ළඳේ මට ටහසේ
ඔබට මං පණ වගේ ආදරේ

පෙම වහන් කළ සිතේ නෙතු පැටලිලා
විහඟ ගී රාවයෙන් තෙරපිලා
සෙනෙහස ලැබුණාද දඟකාරියේ
කියන් ළඳේ මට රහසේ
ඔබට මං පණ වගේ ආදරේ
 
මල් පිට මල් හැලෙනදිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරු පත් පව
අත්තල නගයි තුරු පත් පව
...
දිය පිට දියරැලි නගනගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගි
ඒතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි

මල් පිට මල්........
 
මලක් විඔබ කිමද පිපුණේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ

...මලේ සුවඳ සිතට ළංවී
සෙනේහෙන් මට ඉඟි කළ
දොලේ සිසිලස ගනෙන සුළඟේ
මගේ සිතුවිලි පිබිදිලා

නෙතේ කඳුලෙන් දරා ගමු දුක
පැතුම් අතරේ තනිවෙලා
අපේ යැයි අප සිතාගෙන සිත්
හදාගමු දෙතැනක වෙලා
 
මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
...ඇසක් ඉගිමරා රැගුම් පා මුවට යා කලා
හැගුම් තෙරපිලාදෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවී

රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් ඒනතුරා සුරන් ගී හිදිමි මග බලා
හෙටත් සඳ උදාවි රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී සුරඹ මා සොයාවී
 
කුමරියක පා සළබ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඹසර අසපුවේ මා
සමවැදි උන් දැහැන් බිදුනා

...උකුල ළැමහස මලවි කරලිය
මුවාකල ඇගේ දුහුල් ඩළුතිර
විවර කෙරුවා මනස් සළෙලුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අභියස මැවුණු තුසිතය
සුරන් නැලවු සුවයාමය

නිසල ජිවන තපෝවන මැද
නැගුම් ගජයෙන් යදම් බිද වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල්පෙති
මා හඩවයි බිදුණු තුසිතය
සුරන් නැලවු සුවයාමය
 
සුදු හංසිනී..
ප්‍රේමය නමින් නුඹ වගේ මං..
වින්ද දුක් අනන්තයි..
සුදු හංසිනී..

...විල් දිය තරම් ඇස කඳුළු ගැලුවා..
කල් බැලූ සිත සෙනෙහසම පැතුවා..
සිත එකලසක් කරගන්න බැරිදා..
මට ප්‍රේමයද සරදමක් වූවා..

රන් එළි වැටක සිත පහන් දල්වා..
මං මුලා කර කළුවරෙහි ගිල්වා..
සිත පෙම් හසින් අසරණම වූදා..
මට මා ගැනම නොසිතුනේ මොනවා..
 
අද හෙට ඔබ මා අත හැර යන බව
දැනගන්නට ලැබුණා..
රහසින් මට ඇසුණා...

ඔබ රවටා නැත ඔබ හඩවා නැත
...දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසක තතු නොහැගෙයි...

යොමුවී වෙනතක ඔබ තනි වූ දින
තනියට හිටියේ මා පමණකි ළග
දැන් ඔබ මා රිදවා
යළි වෙනතක බැදිලා...
 
එක දවසක්‌ මට ඉස්‌සර වාගෙ
ඔබ ලඟ ඉන්නට ඉඩ දෙන්න
තව එක දවසක්‌ හදවත මාගේ
සුවඳින් ඔබගේ සරසන්න .........
...
සිතුවේ හද ඔබ ගැන විතරයි
ඒ හින්දා වෙන් වෙන්න දුකයි
සෙනෙහස දෙන්නට ළංවී ඉන්නට
මට නම් ඉන්නේ ඔබ විතරයි........

පැතුවේ හද ඔබ ගැන විතරයි
ඒ හින්දා සමුගන්න දුකයි
නිදිනැති මුළු රෑ ඔබ ගැන සිහිවී
කඳුලැලි සැලුවේ මම දුකටයි ..........
 
කිරි මුහුදු වෙරළේ නැලවි තරංගා
කාගේද පිළිරු අදි
ඒ රුප චායා ඔබගෙ නොවේ දෝ
ඒ රුප චායා ඔබගෙ නොවේ දෝ

...සැන්දැ ස්ඳේ දුර නිම් තෙරේ
කවුදෝ ඉද්න් හිනැහේ බලා
අකුලේ පිපි කුසුමක් වගේ
තිබුනත් අනේ ලංවෙන්න බැ
ලා රෝස දෙතොලේ සිනා
මට ප්‍රේම ආරාධනා

කිරි මුහුදු වෙරළේ.....

සුළගේ එති සුවඳක් දැනේ
ඒ මාරුතේ මට වාසනා
කනකින් දුරින් නොකියා කියයි
පෙර නැසු ඒ මදු ගිතිකා
ඔබ කවුද කොහි ඉන්නෙ දෝ
සිහිනේක හමුවෙන්න දෝ
 
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්

...සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සඟවන්න එපා......

සිලිසිලි පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්

සඟවන්න එපා......
 
නෙතේ කඳුලු පිසදමන්න ඇඟිලි තුඩු අගින්
සරාසඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් ..............
...
තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක්‌ ලෙසින් //........

සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක්‌ ලෙසින් ..........
 
නීල දිලෙන නිම්නයේ...සුමුදු සයනයේ...
නෙතු පියන් වැසී වැසී වැසී...
ස්‌වප්නයක්‌ද මේ තරම් පුදුම වූ...
ඔබේ ආදරේ............

...කැකුළු හදින හිරිපොදේ...පිපුණු සීතලේ...
දෙතොල් පෙති ලිහී ලිහී ලිහී...
මධු විතක්‌ද මේ තරම් මධුර වූ...
ඔබේ ආදරේ...............

මේ සුරම්‍ය පාරාදීසේ...හදවතින් උමතු වූ....
සදානන්ද කල සරාග සුවඳ විජිතයේ.................
 
ඇස ගැටෙන දස දහසක්‌ නෙතු මත...ඔබෙ දෑසම මා සෙවූ තරම්...
ඒ නෙතු කිසිදින මා සතු නොව බව...දැන දැන මා පෙම් කෙරූ තරම්...

ඔබෙ දෑස්‌ මතින් මා පැතු පැතුම්...ඔබෙ නෙතු මගෙමයි පිරූ පෙරුම්...
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්...කඳුලැල්ලක්‌ වී ගැලූ තරම්...
...
ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා...ඔය නෙතු තුල මා සිතූ සිතුම්...
බොඳ වූ සිතුවම් බිඳුනු හසරැල්...සොවින් මා ඒ හෙලූ සුසුම්...

ඔබ නොදනී මුළු ලොවම දනී...ඔබ නොදනී මුළු ලොවම දනී...
 
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ ගැවෙන්න තරමට
ගී සැයක් බදිමි

...සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන

ටජ් මහලක් .........

මගේ උදානය අමිල නිධානය
ඔබමය ජිවය මිහිරිය දෙසවන

ටජ් මහලක් .........

නිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහ තරු ඔබය මියයෙන තුරු

ටජ් මහලක් ........
 
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම් රිය මොහොතක් නතර උනේ

...මකක් වගේ රොන් සුවඳ වගේ
ජිවිතයේ සුව අපමණ වේ
දොලක් වගේ දිය දොත වගේ
ජිවිතයේ අම සිසිල දැනේ

පෙරුම් පුරාගෙන......

වරක් නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක් විදෝ
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ

පෙරුම් පුරාගෙන......
 
සිහිනයක්‌ වෙලා ඔබ ඇවිදින්
කියා දුන්නු කවිය
ජීවිතය වෙලා මටත් හොරෙන්
මගෙම ජීවිතේ

...එක්‌ දිනෙක ඔබ මගේම වෙලා
පෑයූ සඳ අහසේ
අද කළුවර වෙලා අයි නුඹ
කොහෙද කියපංකො රහසේ

ඈත අතීතයේ සොඳුරු මතකයන්
නුඹ අරගෙන ගියේ කොහෙදෝ අද
මට කියන්න
අවිහිංසක සිනහව තවමත්
සිත රිදවනවා මොහොතකට වරක්‌

මේ සිත විඩාබරයි
නෙතු තවම මග බලයි
අතරමංව ඔය සිනහවේ
ජීවිතය සොයයි
ඔබ මගෙන් දුර ඈත බව
මම නොදන්නවා නෙමෙයි
 
සඳසේ නිලම්බරේ
පායා ආ පාවි
ඔබ ආවෙ නැති
දවසම පාලුයි
තරහක් නැහැ මං ආයේ
...හිත රිදවන්නෙපා ආදරේ

අප යන එන තැන
මල් උයනෙ හිදි
පාරාදිසේ පෙම්වන්තු
ඇය නොම දුටුදා
උන් විමසනවා
නුඹ කොහෙදෝ
හිත අරගත්තු
නපුරු වෙලා හිත
නම් පට බැන්දට
අමනාපෙන්වත් දෝ
හිත රිද්වන්නෙපා ආදරේ
 
ගැලු දිය කද හැපි බිදුනා
තිසා වැව් බැම්මේ
ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉව් රේ

...එදා සාලිය අසොඅකාවන් වගේ අපි දෙන්නා
මගුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා විල් තලය හැඩ නෑ

ගැලු දිය කද..........

පැතැලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැතිදා
ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතිං දැන්නම් නැ
පව් කෙරුව හින්දා වෙන්ව යන් නොහඩා

ගැලු දිය කද..........
 
හිනවෙන්න බැරි තරමට
හඩාගන්න බැරි තරමට
නුඹේ නමින් මගේ හිතේ
තැනු මාලිගා...තැනු මාලිගා...
කතා කියන තරු දැසට
...ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හදේ
මැවෙන ගිතිකා... මැවෙන ගිතිකා..

දෙතොල නම් ගොළුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන ගිය
නුඹ රහසින් ඇවිත්
මගේ ලොවම හිනයක් කලා

අහස නම් දුරයි
සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාළු දෙනෙත බොද කලා