වැරැද්දක් කරාට පස්සෙමම වැරදි නෑ, අපි වැරදි නෑ. එහෙනම් අරුන් කොච්චර වැරදි කරනවාද? ඒවා වැරදි නෙමේද? ඒවා පෙන්නෙ නැද්ද? කියලා කියන්න එපා.
මිනියක් මැරුවට පස්සෙ ආ ඇයි මාව විතරද පේන්නෙ.ඇයි කුලියට මිනී මරන උන්ව පේන්නෙ නැද්ද? ගෑනු දූෂණය කරලා මරන ඒවා පේන්නෙ නැද්දකියලා අහන එක සාධාරණද?
කවුරුහරි මිනියක් මැරුවනම දඩුවම් ලැබිය යුතුයි.
ඒ වගේම තමයි දෙමළ මිනිස්සුන්ව පුච්චපු එකවැරදියි. ඒකෙ ආයිත් කතා කරන්න දෙයක් නෑ. තර්ක කරන්න දෙයක් නෑ. ඒක අසාධාරණයක් නෙමෙයිකියලා කියන්න පුලුවන් විදියක් නෑ.
ඊට පස්සෙ LTTE එකෙන් මරපු ඒවා හරියි කියනවානෙමෙයි. ඒවත් මහා ම්ලේච්ඡ වැඩ. ඒකනෙ ඒ තිරිසන්නුට අපි ත්‍රස්තවාදීන් කියන්නෙ.
LTTE එකෙක් ඒ කාලෙ කිව්වනම් ඇයි උඹලා අපේ දෙමළඋන්ව මැරුවෙ ඒකයි අපි සිංහල උන්ව මරන්නෙ කියලා උඹලා ඒක පිළිගන්නවද ඔව් ඔව් ඒක තමයිකියලා?
පොඩ්ඩක් හදවතින් හිතන කට්ටිය මොළෙන් හිතන්නබලන්න.
මම මේ ත්‍රෙඩ් එකට මීට එහා දෙයක් කියන්නබලාපොරොත්තු වෙන්නෙ නෑ
හරියට හරි මචං!
චොගමෙ විතරක් නෙමේ. මේවා කොහොමත් මාධ්‍යාය් හරියට කතා වෙනවා. විශේෂයෙන් අන්තර්ජාතික. අපි මචං මේ යුද්දේ පරදින්නයි යන්නේ දෙමළා ජය ගන්නවා. දුක මචං මේ වගේ ගොන් ඩයල් හින්දා මේ දේ වෙන එක.කුනු කන්දල් අවුස්සන්නෙ මු නෙවෙයි යකො , ටික ටිකවැහිල යන ගමන් තිබුනු කුනු ආපහු කරලියට ආවෙ චොගම් එකෙන් ... මහින්ද ඉල්ලන් ගාගත්තමාමයිට් එකක් එක , අන්තිමෙදි ආපු ආයොජනෙකුත් නැහැ පැකර් කාරයයි , හිටපු චින කාරයයිඇරෙන්න ... අන්තිමට උනෙ කොටියගෙ හඩ කලින්ටත් වැඩිය හොදට ලොකෙට ගිය එක ... දැන් ඔන්නඉලග මනවහිමිකම් සමුලුවෙදි තද තිරනයන් වලට එනව කියල අනතුරු ඇගවිම් කරනව , කොහොමත් ඔයසමුලුව අමෙරිකවෙයි ,එන්ගලන්තෙයි බහුතරයනෙ ..එකයි ඔය කතාව ආපහු ඇදෙන්නෙ ....
83 නේ යම් සිංහල කොට්ටාශයක්විසින් යම් දෙමල පිරිසකට අසාධාරණයක් වුණා.ඒ කඩ පුච්චපු සෑම දෙනාටම දඬුවම් දිය යුතුයි.හැබැයි ඔවුන්ට "මේ රටෙන්" වැරද්දක් සිදුවෙලා තිබෙනවා කියන එක වැරදි. මුළු රටම පලිනෑ සුළු කොට්ටාශයක් කරපු දේවල් වලට.
හැබැයි අපිට ඊටත් වඩා අසාධාරණ කම් වුනා අවුරුදු 30 ක් තිස්සේ
ඒ වැරැද්දට නිසි දඬුවම් නොදිම, එම අවස්ථාවේදී රටේ නායකත්වය හා ආරක්ෂක අංශ ඔවුන් ආරක්ෂා නොකිරීම හා එය වැරැද්දක් ගෙස නොපිලි ගැනීමම මේ රටෙන් සිද්ද වෙච්ච අසාධාරණයති.
ත්‍රෙඩ් එක දාපු හාදයට......
මේ රටේ දෙමළ මිනිස්සු දෙමළවීම නිසා වෙලා ියන අසාධාරණය මොකක්ද කියල කලින්මකියන්න. ඒ අසාධාරණය මොකක්ද කියල කියල කිව්වම මම කරුණු කියන්නම්.
ඔබ කියන්න තියෙන්නේ පොඩි දෙයක්. ඔය රතු පාටින් දාල තියන කාරණා ඓතිහාසිකව ඔප්පුකරන සාක්ෂි දාන්න. නිජබිම්ක් කියල ඔප්පු කරන්න ලෝකය තුල පිළිගත කකරුණු 5ක් තියනවා.උතුරු-නැගෙනහිර දෙමළ නිජබිම සම්බන්ධයෙන් මේ කරුණු 5 ඔප්පු කරල පෙන්වන්න.
චෙල්වනායගම් ගේ පක්ෂය -ඉලංකෙයි (ශ්‍රී ලංකා) තමිල් (ද්‍රවිඩ) අරසු(රාජ්‍ය)කච්චි(පක්ෂය). නමින් විතරක් බලපං මොකක්ද කාරනේ කකියල පැහැදිලියි. පෙඩරල් පක්ෂය කියලෆෙඩරල් ඉල්ලනව කියල දාගත්ත පිරුවට ගැන කියන්න එන්න එපා ලොක්කා. ඉතිහාසෙ දැනගෙනකතාවට එන්න.
දන්න දේ තමා ඔය................
කොටි සංවිධානෙ පටන් ගත්තේ පුලිහ පාදෙයි (කොටි මග) කියල 1974 දී. ඔය වගේම තමාතමුං ඔය නොදැන කරන කෑ ගැහීම. අනික 83 ජූලි ලබල වලට සම්බන්ධ වුනේ යූඑන්පී එකේම මැරයෝකියන එකත් ඒ මැරයන්ට ජේආර් පැය 24ක් දුන්න බවත් අමතක කරන්න එපා. ඒ වෙලාවෙදිදෙමලුන්ට සිංහලයෝ ගැහුව නම් අපේ ගෙදර දෙමල පවුල් 2ක් ඉන්න විදියක් නෑ නේද? සුළුතරයකගේ වැරැද්ද බහුතරයක කරෙන් තියල කතා කරන තමා ගේ කතාව සාධාරන ද නැද්ද කියල කලින් මතීරණයකට එන්න.
මම කළිනුත් කිව්ව වගේ කියන්න කෝ දෙමළ මිනිසුන්ටදෙමළ වීම නිසා මේ රට ඇතුලෙ වෙලා තියන අසාධාරණකම්.
1. 83 වැරැද්දට නිසි දඬුවම් නොදිම, එම අවස්ථාවේදී රටේ නායකත්වය හා ආරක්ෂක අංශ ඔවුන් ආරක්ෂා නොකිරීම හා එය වැරැද්දක් ගෙස නොපිලි ගැනීමම මේ රටෙන් සිද්ද වෙච්ච අසාධාරණයති.
2. 58, 65, 77 සංහාරයන්
3. 56 භාෂා පනත (මෙයින් දෙමළ භාෂාව දෙවනි තැනට දැමුණු අතර දෙමළ අයට සිංහල බලෙන් පැටවීම සිදුවිය.)
4. 1987 ඉන්දියාව විසින් ඇති කළ ගිවිසුම වන තෙක් 56 දී සිදු වූ වැරැද්ද නිවැරදි නොකිරිණි.
5. රටේ සුළු ජාතින් ආරක්ෂා වන පරිදි තිබූ නීති ඉවත් කිරීම.
6. යුනිවර්සිටි ස්ටැනඩඩ්යි සේසෂන් නීතිය (1970)
7. දෙමළා මේ රටේ 100% පුරවැසියෙක් ලෙස පිළි නොගැනීම. උන්ට මේ රටේ අයිතියක් නැති බව පුන පුනා කීම.
8. 58, 65, 77 සංහාරයන් වලදී රටක පුරවැසියන් ලෙස ලැබිය යුතු ආරක්ෂාව නොලැබීම.
9.තවමත් මෙම කාරණා එලෙසම වගේ තිබීම.
මිනිස්සු නිකං ආයුධ අතට ගන්නේ නෑ. තමන්ට ඉන්නම බැරි තැනට වැඩ සෙට් වුණාම තමයි එහෙම කරන්නේ.