Sinhalese will lose job opportunities in Middle East ????

සිංහලයින්ට මැදපෙරදිග රැකියා අහිමිවන ලකුණු !
සිංහල- බෞද්ධයින්ට මැදපෙරදිග මුස්ලිම් ලෝකයේ රැකියා අහිමිවීමේ අනතුරක ලකුණු පහළවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ආයතනයේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ශ්‍රී ලංකාව තුල මුස්ලිම්වරුන්ට එරෙහිව මතුව ඇති තර්ජන හේතුවෙන් මෙවැනි තත්වයක් උදාවී ඇති බවයි.
මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට ලක්විය හැකි බවට ඔහු අනතුරු හැඟවිය.
ඇමරිකාව හා යුරෝපා රටවලින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවූ සෑම අවස්ථාවකදීම, ශ්‍රී ලංකාවට සහයදුන් මුස්ලිම් රටවල් ගණනාවක් මේවනවිට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එල්ලවී ඇති තර්ජන පිළිබඳව රාජ්‍ය තන්ත්‍රීක මට්ටමින් ශ්‍රී ලංකා රජය වෙත කනස්සල්ල පළකර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම කාරණය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදීද විශේෂ අවධානය යොමුව ඇතැයි පැවසේ.

Last edited: