sirisenata wada hoda atahl wiruwa denawa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් කර පෙරේදා (11) දිනයේ සිට කන්කසන්තුරේ කොට්ඨාශය වෙත මාරුකර යවන ලද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාව ඊයේ (12) දිනයේදී නැවත ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

    ඒ, කන්කසන්තුරේ කොට්ඨාශයෙහි සිට පොලිස් මූලස්ථානයේ කොවිඩ් 19 පොලිස්පති පාලන මැදිරිය සඳහා ය.

    ජාලිය සේනාරත්න මහතාව පෙරේදා දිනයේදී කන්කසන්තුරේට මාරු කර තිබුණේ විනය හේතූන් මත වන අතර ඊයේ දිනයේ යළි පොලිස් මූලස්ථානයට මාරු කර ඇත්තේ විශේෂ රාජකාරි පදනම මත බවයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නිකුත් කළ නියෝගයෙහි දැක්වෙන්නේ.

    වත්මන් රජය බලයට පත්වූ දා සිට විවිධ තනතුරු සඳහා පත් කළ පුද්ගලයින් ඉතාම ඉක්මනින් එම තනතුරුවලින් ඉවත් කිරීම සහ විවිධ හේතූන් මත නිකුත් කළ ගැසට් නිවේදන කෙටි කාලසීමාවක් තුළ අවලංගු කිරීම ජනතාවගේ හාස්‍යයට හේතු වී ඇති අතර ජාලිය සේනාරත්න මහතාගේ ස්ථාන මාරු දෙක ද ඒ ලැයිස්තුවටම එකතු වේ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    120091308_10223492368366291_3832735487864966629_n.jpg