සයිටම්, අද්යාපනය පිලිබඳ ප්‍රශ්නයක් නම් එය සියලු අද්යාපන අංශ වලට සමාන ලෙස බලපෑ යුතුය. එහෙත් එය එසේ නොවේ. මේ රටේ වෛද්‍ය උපාදියට වෙනම පූජනීය අහවල් එකක් ඇතැයි යන මන්ද මානසික පරාදීන බලු ගැත්තර චින්තනය මීට හේතුවයි. අපේ සංස්කෘතියේ එන ජීවක ආදී සංකල්ප නිසාද මේ මානසික බයාදු මානසිකත්වයට පොහොර වැටී ඇත. මේ කොදෙව්වෙන් පිට රටක් රාජ්ජයක් නොදැකපු ලපටි ලාමකයෝ කොදෙව් චින්තනයෙන් මත්වී සයිටම් විරෝධයට කඩේ ගියාට සැබෑ ප්රශ්නය නම් එය Status quo පිලිබඳ ප්‍රශ්නයක් වීමයි. මෙතෙක් කල් තිබූ දොස්තර හෙජමනිය, එකාදිකාරය හා වරප්‍රසාද එක කල්ලියක් පමනක් භුක්ති විඳි යුගයේ අවසානය සනිටුහන් වීම නිසා ඇසෙන මර ලතෝනියයි.