:::::::: SL Amu Miris Challenge අමු මිරිස් චැලේන්ජ් 2014 :::::::

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    :::::::: SL Amu Miris Challenge අමු මිරිස් චැලේන්ජ් 2014 :::::::

    SL Amu Miris Challenge අමු මිරිස් චැලේන්ජ් 2014


    10556417_350364978464130_3091336904962772388_n.jpg



    10570359_350364985130796_8571440992756779095_n.jpg









    1. අපි උදව් කරන්නේ පොළොන්නරුව මූලික රෝහලට. ඒකට හේතුව වකුගඩු රෝගීන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරපු වෛද්‍ය ඒකක තියෙන්නේ පොළොන්නරුව මූලික රෝහලේ. ඉතින් අපේ මේ සමාජ සත්කාරය පොළොන්නරුව මූලික රොහල කේන්ද්‍ර කරගෙන සිදු කරන්න අපි තීරණය කළා...

    ඒ වගේම මේ අරමුදලෙන් පොළොන්නරුව මූලික රොහලට ලබාදෙන්නේ මොනවද කියනදේ ගැනත් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුනා. අපි රෝහලට ලබාදෙන්න ඕනේ ඔවුන්ට අවශ්‍ය දේ. ඔවුන්ගේ අවශ්‍යතාවය මොකක්ද, ඒ අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරනවා මේ ව්‍යාපෘතිය මඟින්... මූලිකවම අපි අදහස් කළේ වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් ඔවුන්ට ලබාදෙන්න. ඒ සඳහා වෙන වියදම ආසන්න වශයෙන් රුපියල් මිලියන 03ක්. රුපියල් ලක්ෂ 30ක්. මේ රුපියල් ලක්ෂ 30 ඉලක්කයට #SLAmumirisChallenge ව්‍යාපෘතිය තුළින් අපි ගමන් කරනවා...

    2. අරමුදල එකතු කරන බැංකු ගිණුම...
    අපේ රටේ වගේම රටෙන් පිට ඉන්න අපේ සහෘදයින් බොහෝ දෙනෙක් මේ වනවිටත් නිරන්තරයෙන් අහන දේ තමයි ගිණුම් අංකය මොකක්ද කියන එක...
    ඕනෑම කෙනෙක්ට පහසුවෙන් මුදල් එවන්න හැකිවෙන්න සහ අන්තර්ජාලය හරහා පහසුවෙන් ආධාර කරන්න හැකිවෙන්න අපි තීරණය කළා සම්පත් බැංකුව හරහා බැංකු ගිණුමක් ආරම්භ කරන්න... SL AID නම යටතේ, සම්පත් බැංකුවේ කොළඹ සුපිරි ශාඛාවේ ගිණුම් අංක 117561000881 ට, දැන් ඔබට මුදල් ආධාර බැර කළ හැකියි..
    ආධාර ලබාදීමේදී අනිවාර්යයෙන්ම, අනිවාර්යයෙන්ම සහ අනිවාර්යයෙන්ම පහත සඳහන් කොන්දේසි පිළිපදින ලෙස සියලුම සහෘදයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා...
    *. බැංකුව, ගිණුම් අංකය සහ ශාඛාව නිවැරදිදැයි දෙවරක් පරීක්ෂා කරන්න. ගිණුම් අංකය සහ SL AID යන නම ගැළපේදැයි නැවත බලන්න.
    *. සියලු මුදල් බැරකිරීම් වලදී ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කරන්න. (reference).
    *. සියලු මුදල් බැරකිරීම් වලින් අනතුරුව, මෙම කණ්ඩායමේ ඇඩ්මින් වරයකු හට පුද්ගලික මෙසේජයක් ලබාදී කළ මුදල සහ දිනය දැනුම්දෙන්න.

    3. අමුමිරිස් අභියෝගය කොහොමද වෙන්න ඕනේ...
    ඇයි මේ අභියෝගයට අමු මිරිස්ම කන්න යොදාගත්තේ... මොකක්ද ඒකට හේතුව? ඔබ දන්නවාද වකුගඩු රෝගය හේතුවෙන් ඒ අහිංසක රෝගීන් විඳින වේදනාව... ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි.. ඔවුන්ගේ ඒ වේදනාව අපිටත් දැනෙනවා කියන දේ අර්ථගැන්වෙන්න තමයි අමුමිරිස් කන්න යෝජනාවුනේ... ඔබ දන්නවා අමුමිරිස් කරලක් කන එක කොච්චර වේදනාත්මක වැඩක්ද කියලා...
    ඒ වගේම බොහෝ දෙනෙක්ගෙන් ඉල්ලීමක් තිබුනා අමුමිරිස් කරල් 3ක් කියන එක ඊට වඩා අඩු කරන්න කියලා... හරි.. ඔබේ ඉල්ලීමට අපි ගරු කරනවා...
    ඔබට මේ චැලේන්ජ් එක සඳහා අමුමිරිස් කරල් එකක් උනත් කාලා සහභාගී වෙන්න පුළුවනි... අමු මිරිස් කරලක් කන එක මහ වැඩක් නෙමේ... විශ්වාස කරන්න... ඔබ වීඩියෝවේ දැක්කා මම කරල් 3ක්ම කන හැටි...
    ඒ වගේම අමුමිරිස් කන්න අමාරුම අයටත් පුළුවනි මේ වැඩසටහනට දායකත්වය ලබාදෙන්න... ඒක කරන්නේ මෙහෙමයි... ඔබ වීඩියෝ එකක් කරන්න #SLAmuMirisChallenge එකට ඔබ සහය දක්වනවා කියලා... ඒ වීඩියෝ එක මේ ෆේස්බුක් ගෲප් එකට අප්ලෝඩ් කරන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න, ඔබ අමුමිරිස් කන්නේ නැතුව ඔබට බැහැ වෙන කෙනෙක්ට අභියෝග කරන්නත්...

    4. ඊළඟ වැදගත්ම දේ... කව්රුවත් ඔබට අභියෝග කරනකං බලාගෙන ඉන්න එපා... ඔබ අභියෝගය පටං ගන්න... අද ඔබ ඔබේ මිතුරන් 3 දෙනෙක්ට අභියෝග කළාම, හෙට ඔවුන් 3 දෙනා තව 9 දෙනෙක්ට අභියෝග කරනවා... ඔබ දන්නවා මේ වැඩේ සිද්ධ වෙන විදිය... ඉතිං ඇයි තවත් පරක්කු කරන්නේ... දැංම පටං ගන්න...
    එහෙනං ඔක්කොම හරි... දැං #SLAmuMirisChallenge පටං අරගෙන තියෙන්නේ... එන්න... අපිත් එක්ක එකතු වෙන්න... අපේම දයාබර මිනිසුන්ගේ යහපත වෙනුවෙන්...

    FB page

    FB Group

    #SLAmuMirisChallenge ව්‍යාපෘතියට ජයවේවා!!!
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ලාබ දෙයක් හොයන් කාපන්කෝ.අමු මිරිස් කරල රුපියල් දෙකට ගියා.:dull:.කන උන්ටත් ඕකෙන් හොදක් වෙන් නැහැනේද.ඔයාගේ අරමුණට මන් ගරු කරනවා.එත් ඕක ඔයිට වඩා හොද විදියට කරන්න පුළුවන් නේද?හැම දේටම චැලේන්ජ් කරන්න යන්න එපා.ඔයාගේ අරමුණ හොදනම් මිනිස්සු උදවු කරයි :cool: සුබපතනවා සාර්ථක වෙන්න කියල
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලාබ දෙයක් හොයන් කාපන්කෝ.අමු මිරිස් කරල රුපියල් දෙකට ගියා.:dull:.කන උන්ටත් ඕකෙන් හොදක් වෙන් නැහැනේද.ඔයාගේ අරමුණට මන් ගරු කරනවා.එත් ඕක ඔයිට වඩා හොද විදියට කරන්න පුළුවන් නේද?හැම දේටම චැලේන්ජ් කරන්න යන්න එපා.ඔයාගේ අරමුණ හොදනම් මිනිස්සු උදවු කරයි :cool: සුබපතනවා සාර්ථක වෙන්න කියල

    මිරිස් කරල් තුනටම යන්නෙ රුපියල් 6 :rolleyes:
    අපිට මිරිස් කරල් තුනක් කන්න බැහැ දනව
    වකුගඩු ලෙඩ උන මිනිස්සු ජීවිත කාලෙම දුක් විදිනව :confused: