මේ වැඩේ ගැන මගෙත් තියෙන්නේ ඉතාම ලොකු කළකිරීමක්.අපේම රටේ කෙල්ලන්ගෙ-ගැහැනුන්ගෙ පිංතූර (සමහර ඒවා පුද්ගලිකව නිවසේ-සංචාර වලදි ගත්-)මේ විදිහට අනවසරයෙන් පලකරණ එක සදාචාර විරෝධීයි.කෙනෙක්ට කියන්න පුළුවන් උන්ට (අතළොස්සක්)මේ වගේ අඩනිරුවතින් නටන්න හොඳනම් අපි ඒ පිංතූර බැලුවම මොකද තියන වැරද්ද කියලා? එයාල නිළියන් වුනත් (ආන්දෝළනාත්මක)මම දන්න විදිහට අනවසරයෙන් පලකරන එක වැරදියි.ඒක ඒ ඒ කෙනාගෙ නිදහස හා අයිතිය.අපි පොදුවේ සියල්ලන්ගේම අයිතියට ගරුකල යුතුයි.අනිත් කාරණය ගැහැනුන් වුවද (මනුශ්‍යයෝය)දවසේ හෝ යම් අවස්ථාවක ඇඳුම් පැළඳුම්වලින් නිදහස්ව(සැහැල්ලුව-විවේකව) ගත කරණ නිමේෂයක නොදැනුවත්ව ගත් ජායාරූප මෙහෙම ප්‍රසිද්ධියට පත්කිරීම කෙතරම් අශෝභනද?
මා දුටු බොහොමයක් ඒවා පාර්ටිවලදි ඉතා විනෝදයෙන් සිටින අවස්ථාවලදි ගත් පිංතූර.ඒවත් බහුතරයක් ඉතාම පහත් ආශ්වාදයක් උදෙසා මානසික ව්‍යාධියෙන් පෙළෙන අසහනකාරයන් ගත්(කලාත්මක හෝ සිහිවටන ජායාරූප නොවේ) විසින් ගත් පිංතූර බව ඉතා පැහැදිලියි.ඒ ජායාරූපවලින් බියගැන්වීම් හෝ අපහාස කිරිම තුලින් ඔවුන්ගෙන් අනියම් අපේක්ෂාවන් ඉටුකරගැනීමේ කලාවකුත් තිබෙනවා.
කෙසේ වුවත්,(අමනාප නොවන්න-මම පුහු සුචරිතවාදිනියක් නොවේ-මේ කියන්නෙ ලොකු සිත් වේදනාවක් නිසයි) එළකිරියේ සිටින ආදරණීය අය්යලා-මල්ලිලාගෙන් මා කරුණාවෙන් ඉල්ලාසිටිනවා,යම් තරමක් දුරට හෝ නිරුවතට බර-ලංකාවේ සදාචාරයට නොගැළපේයැයි සිතන පිංතූරවත් පලකිරීමෙන් වළකින්න කියා.තමන්ගේ බිරිඳගේ-නැඟනියකගේ-මවගේ ඇදුමක් සුළඟට හෝ එහා මෙහා වුන වෙලාවක අහම්බෙන් කැමරාවක සටහන් වුනොත් මා කියන දේ බරපතලකම ඔබටත් වැටහේවි.
සමහර අය කියලා තියනවා ...අපි මේ..නිකං විනෝදෙට ඔහේ කෙල්ලන්ගේ හැඩ රුව බලන එකේ තියන වැරද්ද මොකද්ද-අසභ්‍ය ඒවා බලනව නම් ඔය ඕන තරම් තියෙන්නෙ කියලා.ඇත්ත! අපේ කෙල්ලන් අතළොස්සක් අසංවර විදිහට හැසිරුණත්,ඒක ලෝකයටම ගෙනියන්න එපා.ඔය කියන තරම් අවිහිංසක සතුටක්ද ලබන්නෙ කියලා පේනවා බහුතරයකගේ පෝස්ට් දැක්කම.මේක කරගෙන යන්න ඕනම නං ස්වයං විනයක් ඇතිව කරගෙන යන්න.උඩ බලාගෙන කෙළ ගහන්න එපා.පුද්ගල චරිතවල වැරදි තිබුනත්,මේ රටේ නම්බුව ගැනවත් පොඩ්ඩක් හිතමු.
මම මේ ටික කියන්නෙ ලොකු හේතුවක් ඇතිවයි.(කීප දෙනෙක් කාරණය දන්නවා)ඉතාම උගත් කීර්තිමත් අයගෙත් පුද්ගලික ජායාරූප මෙතන අනවසරයෙන් පලවෙලා තියනවා.සමහර විට ඉදිරියේදී මේවා නීතිමය පැත්තට ගියොත්, ඔබලාගේ ...සතුට වෙනුවෙන් නින්දාවට පත්වෙන්නේ අපේ එළකිරියයි.