coolnishan said:
ගොඩාක් ස්තුතියි නලීන්.ඒත් ඇයි බ්රෝ මේ මට විතරක් ස්පෙශල් Plz Say Thanks කියලා දාලා තියෙන්නේ..?
මම ස්තුතියි කියලා කියන්නේ නැති වෙයි කියලා හිතලද..?
මම එහෙම නෑ බ්රෝ.
සින්දුවක් ගත්තොත් අනිවා තෑන්ක්ස් කරනවා.
(Upset)
මල්ලිලා මෙක ගැන මට ටිකක් කතා කරන්න හිතුනා..මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි...
පලමුවෙන්ම කියන්න ඔනේ මෙක ලියන්නෙ කාවවත්ම් ඉලක්ක කරගෙන නොවන බව.
සින්දුවක් දෙන්න වෙන මහන්සිය අපි සියලු දෙනාටම රහසක් නෙවෙයි. ඒක මම හැම්තිස්සෙම කියනවා වගේ ජනතා සේවයක් සහ එක්තරා අන්දමකින් කෙනෙක්ගේ හිත සුවපත් කිරීමක් කිව්වොත් වඩා නිවෑරදියි...
නමුත් සින්දුව ලබා දීලා ඒකට ස්තුතිය බලෙන් ලබා ගැනීමට උත්සුක වීම් හා එය පසුපසින් හඹාගොස් ස්තුතිය ඉල්ලා සිටීම කළ යුතු දෙයක් නොව්න බවයි මගෙ හැඟිම...
දානයක් දෙන්නේ පිරිසිදු චේතනාවකින්නේ..දානය ලබාගත් තැනැත්තා ඕනෙ ඒකට පින් දෙන්න. බලෙන් පින් ඉල්ලගන්න බැහැනෙ...පින් දෙන එක නොදෙන එක එය ලබාගත් තැනැත්තා විසින් සිතා මතා කලයුතු දෙයක්...එයා පින් නොදුන්නයි කියලා ආනිසංසයේ කිසිදු වෙනසක් ඇතිවෙන්නේ නැහැ...
සින්දුවට ස්තුති නොකලොත් pvt කරනවා නැත්නම් Password දානවා...Plz say thanks.. වැනි දේවල් ටිකක් විතර බර වැඩි බවක් මට දෑනෙනවා..
ඇත්ත... courtesy එහෙමත් නැත්නම් ආචාර ධර්ම කියල දෙයක් තියෙන්න ඔනෙ නමුත් ඒ කෙරෙහිම වැඩි උනන්දුවක් හා විසේසයෙන් බලාපොරොත්තු තබා ගැනීමක් කිසිසේත් නොකල යුතු දෙයකි...මිනිසුන් හැම දෙනාම එකසේ නොසිතන.... විවිධ සිතුම් පැතුම් ඇත්තෝ බව සරලව වටහාගත් කල්හී ඔය පැනය පැන නොනඟී.....
එසේ බලපොරොත්තු තබාගත් තැනැත්තාට් බලපොරොත්තු කඩවුන විට් දෑනෙන්නෙ මහත්වු චිත්ත පීඩාවක් බැවිනි....