මේ ගීතය මම ගත්තා. සුරංග මල්ලී ඔබට ස්තූතියි.අහස් විලෙන් හඳ පිටමං වෙලා
රහස් හඬින් මගේ දුක අහනවා
හඬන අහස පීරලා තරුද හඳම හොයනවා
මගේ රැයක අඳුර නිවෙනවා
ගැලුවාට ගඟක් බාධක හිරිහැර පෙළා
කවුරුන්ද ගියේ උල්පත කොහිදැයි සොයා
ගඟුලසේ ඇදී සයුර ආ වෙලී
ඈ ආදරේට නව අරුතක් සොයනවා
හැමුවාට සුළඟ මලේ සුවඳ පොද දරා
කිසිදාක මලක් දිව ගියේද තටු ලබා
සුළඟ සේ ඇඳී සුවඳ ලොවට දී
මුළු ජීවිතේම ඈ සුළඟින් වහනවා...
අහස් විලෙන් හඳ පිටමං වෙලා
සෝමතිලක ජයමහ
Ahas Wilen Sanda Pitaman Wela
Somathilaka Jayamaha



