Sliders (1995)
Season 5කින් සමන්විත ලස්සන කතාවක්.
කතාව ගැන කියනවා නම් Quinn කියන විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සමාන්තර ලෝක වලට ගමන් කරන්න පුළුවන් උපාංගයක් නිපදවනවා. මේ උපාංගයෙන් වෙන්නේ තවත් සමාන්තර ලෝකෙකට portal එකක් විවර වෙන එක.ඉතින් Quinn එක්ක මේක අත් හදාබලන්න ඔහුගේ විශ්ව විද්‍යාලයේම මහාචාර්ය වරයෙක්, ඔහුගේ මිතුරියක් සහ අත් වැරදීමකින් ප්‍රසිද්ධ ගායකයෙකුත් මේකට එකතු වෙනවා. කොහොම හරි සමාන්තර ලෝකෙකට ගියාට පස්සේ ඕනි නැති වැඩක් කරන්න ගිහින් මේ උපාංගයේ සෙටින්ස් වෙනස් වෙලා මෙයාලට ආයෙත් තමන්ගේ ලෝකෙට එන්න බැරි වෙනවා. දැන් ඉතින් මෙයාලා තමන්ගේ ලෝකේ හම්බ වෙනකල් එක එක සමාන්තර ලෝක වලට යනවා. මෙයාලා යන එක්තරා සමාන්තර ලෝකෙක. රුසියාව විසින් ඇමරිකාව යටත් කරගෙන ඇමරිකාව සමාජවාදී රාජ්‍යක් බවට පත් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගොඩාක් සමාන්තර ලෝක වලට මේගොල්ලො යනවා. කතාව මාරම ලස්සනයි අරන් බලන්න කියලා කියනවා හැමෝටම
(මායා බන්ධන වගේ කතා හොයන අයට මේක නම් සුපිරියක්)