නෙවිල් ප්‍රනාන්දු විසින් උසි ගන්වනලද SLIIT සහෝදරයන් දැන හෝ නොදැන රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පහර ( තාර්කික නොවුනත්) ගසමින් සිටී. තනි වී සිටි SAITM එක තමන්ගේ ගොඩ යාම සදහා අනෙකුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන තමන් වෙත ඇදා ගනිමින් සිටී...
ප්‍රශ්ණය තිබෙන්නේ මෙතනය ..... ඔය SAITM එක වෙනුවෙන් සද්දේ දාන සහෝදරයන් බහුතරයකගේ දරුවන්ට පවා අනාගතේ එතරම් මුදල් ප්‍රමාණයක් ගෙවා SAITM එකෙන් වෛද්‍යවරයෙක් වන්නට නොහැකි වනු ඇත. SAITM එක කරන්නේ බළලුන් ලවා කොස් ඇට බවා ගැනීමකි.
බොහෝ අයගේ තර්කය උසස් පෙළ අසමත් වුන අයගේ අධ්‍යාපනය එතැනින් නතර විය යුතුද? යන්නය .. කිසිසේත්ම නැත. ඔවුන්ට එතනින් ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඇති පරම අයිතිය සුරැකිය යුතුය. එසේ කල හැක්කේ තැන තැන හතු පිපෙන්නාසේ උපාධි කඩ දැමීමෙන් නොව. නුගත් අමන මැති ඇමතියන්ට කොටි ගණන් වියදම් කරන රජය, අධ්‍යාපනයට වැඩියෙන් මුදල් වියදම් කර විශ්ව විද්‍යාල වලට බදවා ගන්නා පිරිස වැඩි කල යුතුය. නොමිලේ අධ්‍යාපනය ලබාදෙන සිසුන් ඔවුන්ගේ විභාග ප්‍රතිපල අනුව තෝරා ගෙන, ඉතිරි සිසුන්ට ඔවුන්ගේ ප්‍රතිපල අනුව යම් සහනදායි මුදලක් ගෙවා එම විශ්වවිද්‍යාල වලම අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසා දිය යුතුය. රැකියාවක් කරන විට ගෙවන පදනම අනුව ඔවුන්ට රජයෙන් ණය පහසුකම් ලබාදිය යුතුය. උපාධි කඩ මුදලාලිලා අසීමිතව උපයන මුදලින් කොටසක් වත් මෙමගින් රජයට ලබා ගත හැක.
රජය ඒ වගේ කරදර වැඩ වලට අකමැතිය ... උන් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදල් තව තවත් කප්පාදු කරමින් පුද්ගලික අධ්‍යාපනය promote කරන්නේ උන්ගේ පහසුව තකාය. සිසුන්ගේ සටන එතැනය. අධ්‍යාපනයට වැඩි මුදලක් වියදම් කිරීමට රජයට බල කල යුතුය. ඒ වෙනුවෙන් සටන් කල යුතුය. දැන් විශ්ව විද්‍යාල වල ඉන්නා පිරිසට කොහොමත් ලැබෙන්නේ නිදහස් අධ්‍යාපනයයි. ඔවුන් හඩ නගන්නේ අනාගත පරපුරට එය රැක ගැනීමටයි. එය සමහරුන්ට අනුව කුහක කමක් උනාට කම් නැත.
තවත් දෙයක් නම් SLIIT එකෙන් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් එන IT professionals ලා අතින් වරදක් උනොත් BUG එකක් දාල , ඒක prioritise කරලා ඊළග SPRINT එකක ඒක fix කරලා අයෙත් test කරලා PRODUCTION යැවිය හැක. නමුත් SAITM හොර උපාධි කඩෙන් එලියට එන බාල තත්වයේ දොස්තරලා අතින් වරදක් උනොත්? සමහර විට ඒක මේ ආත්මේ fix කර ගත නොහැකි වනු ඇත.
ඉතින් හිතාදර SLIIT නංගිලා මල්ලිලාත් "පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න, වනන්න" වගේ දෙකේ පංතියේ තුට්ටු දෙකේ ඉල්ලීම් නොකර "SLIIT පාඨමාලා ගාස්තු අඩු කරව්" වගේ තමන්ගේ දෙමාපියන්ගේ මුදල් ඉතිරි කරලා දෙන වැදගත් ඉල්ලීමක් සටන් කරලා දිනා ගත්තොත් හොදයි නේද? SAITM එකට කඩේ නොයා ?
එතකොට ඔබලා මුදල් ගෙවා ලබාගත් අධ්‍යාපනය ඔබලාගේ දරුවන්ට හරි නොමිලේ හෝ සාධාරණ මුදලකට ලබා ගැනීමට හැකි වනු ඇත.
ප.ලි - මගේ යහළු SLIIT කොල්ලෝ මොනවා උනත් හොද බොක්කවල් ඈ ....මම මෙහෙම ලියුවට මාත් එක්ක අරෝවක් ඇති කරගන්න ඕනි නෑ හරිය?. අපි පොදු සතුරා හදුනා ගමු
උපුටා ගත්තේ බුකියෙන්