sliit එකේ සෙට් එකට

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෙවිල් ප්‍රනාන්දු විසින් උසි ගන්වනලද SLIIT සහෝදරයන් දැන හෝ නොදැන රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පහර ( තාර්කික නොවුනත්) ගසමින් සිටී. තනි වී සිටි SAITM එක තමන්ගේ ගොඩ යාම සදහා අනෙකුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන තමන් වෙත ඇදා ගනිමින් සිටී...
    ප්‍රශ්ණය තිබෙන්නේ මෙතනය ..... ඔය SAITM එක වෙනුවෙන් සද්දේ දාන සහෝදරයන් බහුතරයකගේ දරුවන්ට පවා අනාගතේ එතරම් මුදල් ප්‍රමාණයක් ගෙවා SAITM එකෙන් වෛද්‍යවරයෙක් වන්නට නොහැකි වනු ඇත. SAITM එක කරන්නේ බළලුන් ලවා කොස් ඇට බවා ගැනීමකි.
    බොහෝ අයගේ තර්කය උසස් පෙළ අසමත් වුන අයගේ අධ්‍යාපනය එතැනින් නතර විය යුතුද? යන්නය .. කිසිසේත්ම නැත. ඔවුන්ට එතනින් ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඇති පරම අයිතිය සුරැකිය යුතුය. එසේ කල හැක්කේ තැන තැන හතු පිපෙන්නාසේ උපාධි කඩ දැමීමෙන් නොව. නුගත් අමන මැති ඇමතියන්ට කොටි ගණන් වියදම් කරන රජය, අධ්‍යාපනයට වැඩියෙන් මුදල් වියදම් කර විශ්ව විද්‍යාල වලට බදවා ගන්නා පිරිස වැඩි කල යුතුය. නොමිලේ අධ්‍යාපනය ලබාදෙන සිසුන් ඔවුන්ගේ විභාග ප්‍රතිපල අනුව තෝරා ගෙන, ඉතිරි සිසුන්ට ඔවුන්ගේ ප්‍රතිපල අනුව යම් සහනදායි මුදලක් ගෙවා එම විශ්වවිද්‍යාල වලම අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසා දිය යුතුය. රැකියාවක් කරන විට ගෙවන පදනම අනුව ඔවුන්ට රජයෙන් ණය පහසුකම් ලබාදිය යුතුය. උපාධි කඩ මුදලාලිලා අසීමිතව උපයන මුදලින් කොටසක් වත් මෙමගින් රජයට ලබා ගත හැක.
    රජය ඒ වගේ කරදර වැඩ වලට අකමැතිය ... උන් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදල් තව තවත් කප්පාදු කරමින් පුද්ගලික අධ්‍යාපනය promote කරන්නේ උන්ගේ පහසුව තකාය. සිසුන්ගේ සටන එතැනය. අධ්‍යාපනයට වැඩි මුදලක් වියදම් කිරීමට රජයට බල කල යුතුය. ඒ වෙනුවෙන් සටන් කල යුතුය. දැන් විශ්ව විද්‍යාල වල ඉන්නා පිරිසට කොහොමත් ලැබෙන්නේ නිදහස් අධ්‍යාපනයයි. ඔවුන් හඩ නගන්නේ අනාගත පරපුරට එය රැක ගැනීමටයි. එය සමහරුන්ට අනුව කුහක කමක් උනාට කම් නැත.
    තවත් දෙයක් නම් SLIIT එකෙන් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් එන IT professionals ලා අතින් වරදක් උනොත් BUG එකක් දාල , ඒක prioritise කරලා ඊළග SPRINT එකක ඒක fix කරලා අයෙත් test කරලා PRODUCTION යැවිය හැක. නමුත් SAITM හොර උපාධි කඩෙන් එලියට එන බාල තත්වයේ දොස්තරලා අතින් වරදක් උනොත්? සමහර විට ඒක මේ ආත්මේ fix කර ගත නොහැකි වනු ඇත.
    ඉතින් හිතාදර SLIIT නංගිලා මල්ලිලාත් "පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න, වනන්න" වගේ දෙකේ පංතියේ තුට්ටු දෙකේ ඉල්ලීම් නොකර "SLIIT පාඨමාලා ගාස්තු අඩු කරව්‍" වගේ තමන්ගේ දෙමාපියන්ගේ මුදල් ඉතිරි කරලා දෙන වැදගත් ඉල්ලීමක් සටන් කරලා දිනා ගත්තොත් හොදයි නේද? SAITM එකට කඩේ නොයා ?
    එතකොට ඔබලා මුදල් ගෙවා ලබාගත් අධ්‍යාපනය ඔබලාගේ දරුවන්ට හරි නොමිලේ හෝ සාධාරණ මුදලකට ලබා ගැනීමට හැකි වනු ඇත.
    ප.ලි - මගේ යහළු SLIIT කොල්ලෝ මොනවා උනත් හොද බොක්කවල් ඈ ....මම මෙහෙම ලියුවට මාත් එක්ක අරෝවක් ඇති කරගන්න ඕනි නෑ හරිය?. අපි පොදු සතුරා හදුනා ගමු

    උපුටා ගත්තේ බුකියෙන්
     
    • Like
    Reactions: Sumane123

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    SLITT එකෙයි SAITM එකයි ගැනනම් මට ඉස්සර පැහැදීමක් තිබුන. එත් දැන්නම් එහෙම එකක් නැහැ. අපේ පන්තිවල ඉස්සර හිටපු සල්ලි තියෙන හොඳටම පිස්සු කෙලලා ඒ කාලෙ හරියට ඉගෙනගත්තු නැති එවුන් දැන් ඔක්කොම ඉන්නෙ ඔය ඉංගිරිසි නම් තියෙන ඒවයි තමයි. උන්ගෙ හැදියාව රටටම පෙන්නුවනෙ walk එකකුත් ගිහින් මේ ලඟදි.මාත් private තමයි ඉගෙනගත්තෙ ඒ උනාට ඔච්චර පහත් මනසිකත්වෙන් පෙලුනෙනම් නැහැ. අපි අපේ අම්මලගේ සල්ලි වලට හරියන්න ඉගෙනගෙන ආව, සල්ලි තියෙන ඕන එකෙකුට ඕවට දැන් රිංගන්න පුළුවන් කම තියෙන නිසා තමයි දැන් ඔය සේරම විනාස වෙලා තියෙන්නෙ, හරියට අධ්‍යාපනේ විකුණන ගණිකා මඩම් වගේ.:no::no::no:
     
    • Like
    Reactions: djjaya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "oka patan gatta rajaye campus ewunmai sliit walk ekata ke gahala"

    ඉතින් බන් ඕක රේප් කපලා දන්නේනතුව මෙතනම දාන්න තිබුනනේ ......මචන් මෙතන තියෙන්නේ බොරු අදහසක්ද ? උඹලා මහා ලොකු සල්ලි කාරයෝද ? නැහැනේ ඇත්ත කතාව වටහගනිල්ලකෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ado private wahalama danna one. Madi paduwata india walin genna one.
    Meheta ithin thawa kela wenna deyak nane. :eek:

    මචන් මටනම් ප්‍රස්නේ තියෙන්නේ සයිටම් එක ගැන විතරයි .....හැම දේම එකම කොනෙකින් බලන්න එපා ....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    SLIIT එකේ ඔය walk එක annual event එකක් මචං, උබ කොහොමද කියන්නේ එකෙන් SAITM එකට කඩේ යනවා කියල
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    නෙවිල් ප්‍රනාන්දු විසින් උසි ගන්වනලද SLIIT සහෝදරයන් දැන හෝ නොදැන රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පහර ( තාර්කික නොවුනත්) ගසමින් සිටී. තනි වී සිටි SAITM එක තමන්ගේ ගොඩ යාම සදහා අනෙකුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන තමන් වෙත ඇදා ගනිමින් සිටී...
    ප්‍රශ්ණය තිබෙන්නේ මෙතනය ..... ඔය SAITM එක වෙනුවෙන් සද්දේ දාන සහෝදරයන් බහුතරයකගේ දරුවන්ට පවා අනාගතේ එතරම් මුදල් ප්‍රමාණයක් ගෙවා SAITM එකෙන් වෛද්‍යවරයෙක් වන්නට නොහැකි වනු ඇත. SAITM එක කරන්නේ බළලුන් ලවා කොස් ඇට බවා ගැනීමකි.
    බොහෝ අයගේ තර්කය උසස් පෙළ අසමත් වුන අයගේ අධ්‍යාපනය එතැනින් නතර විය යුතුද? යන්නය .. කිසිසේත්ම නැත. ඔවුන්ට එතනින් ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඇති පරම අයිතිය සුරැකිය යුතුය. එසේ කල හැක්කේ තැන තැන හතු පිපෙන්නාසේ උපාධි කඩ දැමීමෙන් නොව. නුගත් අමන මැති ඇමතියන්ට කොටි ගණන් වියදම් කරන රජය, අධ්‍යාපනයට වැඩියෙන් මුදල් වියදම් කර විශ්ව විද්‍යාල වලට බදවා ගන්නා පිරිස වැඩි කල යුතුය. නොමිලේ අධ්‍යාපනය ලබාදෙන සිසුන් ඔවුන්ගේ විභාග ප්‍රතිපල අනුව තෝරා ගෙන, ඉතිරි සිසුන්ට ඔවුන්ගේ ප්‍රතිපල අනුව යම් සහනදායි මුදලක් ගෙවා එම විශ්වවිද්‍යාල වලම අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසා දිය යුතුය. රැකියාවක් කරන විට ගෙවන පදනම අනුව ඔවුන්ට රජයෙන් ණය පහසුකම් ලබාදිය යුතුය. උපාධි කඩ මුදලාලිලා අසීමිතව උපයන මුදලින් කොටසක් වත් මෙමගින් රජයට ලබා ගත හැක.
    රජය ඒ වගේ කරදර වැඩ වලට අකමැතිය ... උන් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදල් තව තවත් කප්පාදු කරමින් පුද්ගලික අධ්‍යාපනය promote කරන්නේ උන්ගේ පහසුව තකාය. සිසුන්ගේ සටන එතැනය. අධ්‍යාපනයට වැඩි මුදලක් වියදම් කිරීමට රජයට බල කල යුතුය. ඒ වෙනුවෙන් සටන් කල යුතුය. දැන් විශ්ව විද්‍යාල වල ඉන්නා පිරිසට කොහොමත් ලැබෙන්නේ නිදහස් අධ්‍යාපනයයි. ඔවුන් හඩ නගන්නේ අනාගත පරපුරට එය රැක ගැනීමටයි. එය සමහරුන්ට අනුව කුහක කමක් උනාට කම් නැත.
    තවත් දෙයක් නම් SLIIT එකෙන් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් එන IT professionals ලා අතින් වරදක් උනොත් BUG එකක් දාල , ඒක prioritise කරලා ඊළග SPRINT එකක ඒක fix කරලා අයෙත් test කරලා PRODUCTION යැවිය හැක. නමුත් SAITM හොර උපාධි කඩෙන් එලියට එන බාල තත්වයේ දොස්තරලා අතින් වරදක් උනොත්? සමහර විට ඒක මේ ආත්මේ fix කර ගත නොහැකි වනු ඇත.
    ඉතින් හිතාදර SLIIT නංගිලා මල්ලිලාත් "පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න, වනන්න" වගේ දෙකේ පංතියේ තුට්ටු දෙකේ ඉල්ලීම් නොකර "SLIIT පාඨමාලා ගාස්තු අඩු කරව්‍" වගේ තමන්ගේ දෙමාපියන්ගේ මුදල් ඉතිරි කරලා දෙන වැදගත් ඉල්ලීමක් සටන් කරලා දිනා ගත්තොත් හොදයි නේද? SAITM එකට කඩේ නොයා ?
    එතකොට ඔබලා මුදල් ගෙවා ලබාගත් අධ්‍යාපනය ඔබලාගේ දරුවන්ට හරි නොමිලේ හෝ සාධාරණ මුදලකට ලබා ගැනීමට හැකි වනු ඇත.
    ප.ලි - මගේ යහළු SLIIT කොල්ලෝ මොනවා උනත් හොද බොක්කවල් ඈ ....මම මෙහෙම ලියුවට මාත් එක්ක අරෝවක් ඇති කරගන්න ඕනි නෑ හරිය?. අපි පොදු සතුරා හදුනා ගමු

    උපුටා ගත්තේ බුකියෙන්

    Agree 100%

    ඒ වගේම තමය් අන්තරේ/etc. පොදුවේ සේරම private uni වලට පහර ගහන එක නවත්තන්න ඕන...
    ඒක නිසා තමය් SAITAM එකට SLIIT/NIBM/etc. පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ...

    හැමදාම වගේ අන්තරේ එවුන් දාහක් දේවල් පටලවගෙන ඕන කරන එක කරගන්නත් බැරි තැනට ගේනවා...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Mekayi machan meka mage adahasa, dan oya ka gahanne quality eka awul kiyala ne eka nisa ne wahanna kiynne, oya kagahana docotorsla set wela oka nisi pramithiyakata haduwoth ho hadanna widihak gana hithuwoth moko?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    SLIIT එකේ ඔය walk එක annual event එකක් මචං, උබ කොහොමද කියන්නේ එකෙන් SAITM එකට කඩේ යනවා කියල

    උඹලා කියන්නේ එදා විරුද්දව පෝස්ටර් එසුනෙම නැහැ කියලද ?

    කොහොමත් අද්යාපන කප්පාදුවට විරුද්දව උඹලා සහ හැම එකාම එකතුවෙන්න ඕනි .....එක පොදු වැඩපිළිවෙලක් තියෙන්න ඕනි අද්‍යාපනය සම්බන්දයෙන් .....ලංකාවේ A /L pass වෙන හැමෝටම එක්කෝ අයකිරීමක් තමන් රස්සාව කරනකොට කැපෙන විදිහට හැදෙන්න ඕනි ......රජය හදන්නේ අද්‍යාපනය පිළිබද තියෙන වගකීමෙන් ගැලවෙන්න ....එහෙම උනොත් ඉස්සරහට ලනක්ව ඉන්දියාවක් වෙනවම තමයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mekayi machan meka mage adahasa, dan oya ka gahanne quality eka awul kiyala ne eka nisa ne wahanna kiynne, oya kagahana docotorsla set wela oka nisi pramithiyakata haduwoth ho hadanna widihak gana hithuwoth moko?

    මචන් දොස්තරලා කෑ ගහන්නේ උන්ගේ වාසිට කියමුකෝ....අපි කෑ ගහන්න ඕනි අපිට ලැබෙන සේවයේ ගුණාත්මක බවය රැකගන්න මිසක් දොස්තරලගේ මගුලක් නිසා නෙමේ ....
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හරි උඹලගේ අවංක අදහස කියපන්කො එහෙනම් .....

    TBH I couldn't care less bn.
    Have no plans to live here.
    Can't wait to get the fuck out.

    However, quality of education (primary , secondary & tertiary) must be increased.
    Even the graduates from government medical colleges inject wrong medicine, do wrong operations and people die. Is there any justice for those cases? :no:
    It's better to provide education for a lower cost for a higher no. of students. Loan system would be better.
    That way students must pay back what was spent on their education. And in return facilities & infrastructure will be added for the educational infrastructure and hopefully the quality will be increased.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    උඹලා කියන්නේ එදා විරුද්දව පෝස්ටර් එසුනෙම නැහැ කියලද ?

    කොහොමත් අද්යාපන කප්පාදුවට විරුද්දව උඹලා සහ හැම එකාම එකතුවෙන්න ඕනි .....එක පොදු වැඩපිළිවෙලක් තියෙන්න ඕනි අද්‍යාපනය සම්බන්දයෙන් .....ලංකාවේ A /L pass වෙන හැමෝටම එක්කෝ අයකිරීමක් තමන් රස්සාව කරනකොට කැපෙන විදිහට හැදෙන්න ඕනි ......රජය හදන්නේ අද්‍යාපනය පිළිබද තියෙන වගකීමෙන් ගැලවෙන්න ....එහෙම උනොත් ඉස්සරහට ලනක්ව ඉන්දියාවක් වෙනවම තමයි

    මෙහෙමයි මචං මීට කලින් අවුරුදු දෙකක් ඕක ගියා කිසිම අවුලක් නැතුව, මෙතන අවුල ඇදිල ආවේ SAITM එකට මුවා වෙලා හැම private campus එකටම ගහන්න හැදුව, සල්ලි වලට degree විකුනනවා කියා කියා, මොකද මචං ඔකේ degree එකක් කරපු එවුන් දන්නවා කොච්චර කට්ටක් කන්න ඕනෙද උන් නිකන් pass කරනවද කියල.
    ඇත්ත මචං ඕකට ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ ඕවා මේ ලංකාවේ තව අවුරුදු 20 කට වත් හැදෙයි කියල උබ හිතනවද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආණ්ඩුවේ අයත් නිකන් ඉන්නෙ නෑ නේද සයිටම් එකට ගහන ගමන් අනික්වටත් හීන් නුලෙන් ගහන්න ගත්තනේ, ඉතින් ප්‍රයිවට් අයත් හිතන්න ඇති අපිත් පොදු සතුරා වෙනුවෙන් නැගී සිටිය යුතුයි කියල.