මේ දවස් වල මුදලට විකිනෙන කිසිම ගුණාත්මක භාවයකින් තොර ලංකාවේ පරිගණක ඇතුළු අනෙකුත් උපාධි ගැන විශේෂිත කතිකාවක් මතුවෙලා තියනවා. මම නම් මේ ප්‍රශ්නය දිහා ගොඩක් මධ්‍යස්තව බලන්න පුරුදුවෙලා ඉන්නේ. මම හිතන විදිහට සහ මම වසර ගණනාවක සිට කරන ලද අධික්ෂනයකට අනුව ඇත්තටම ලංකාවේ ප්‍රධාන පෙලේ අධ්‍යාපනික ආයතන වන මාලබේ SLITT , NIBM , NSBM , පිරිනමන උපාධියේ කොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක් තියනවා. මේ ආයතනවල ප්‍රධාන අරමුණ තමයි ළමයින්ට උගන්වනවාට වඩා මුල්‍යමය වශයෙන් අධික ලාභ ඉපයීම. සමහර අධ්‍යාපන ආයතන වල එක badge එකකට සිසුන් දහස් ගණනක් ඉන්නවා. විශාල පුළුල් තිර දාල උගන්වන්නේ.
1. මෙවැනි පුද්ගලික අධ්‍යාපන ආයතනවල මුලික අරමුණ කෙසේ හෝ සිසුන්ට උපාධිය පිරිනැමීම. කිසිම විභාගයක් තදට බලන්නේ නැහැ. ළමයින් කොහෙන් හරි උස්සගෙන එන assignment එකක් දුන්නම එක approve කරනවා. බොහොමයක් සිසුන් වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා ඔවුන්ගේ assignment කරගන්නේ. මේ වන විට ඔන්ලයින් ආයතන පවා තියනවා සිසුන්ගෙන් රුපියල් 50000 - 200000 දක්වා මුදල් අරගෙන assignments and software apps , systems හදල දෙන. මා දන්නා එක්තරා ශිෂ්‍යාවක් ඉන්නවා එයාගේ සම්පුර්ණ assignment , projects සියල්ල කරගෙන තියෙන්නේ මුදල් ගෙවල. ඒවත් ඔක්කොම approve කරගෙන. මට මේ ලඟදි දවසක මේ කෙල්ල කතා කරලා කියනවා අයියේ මට ඉන්ටර්න් එකක් සෙට් උනා දෙහිවල Software Company එකක. පළමු ඉන්ටර්විව්එකෙන් පස්සේ එයාල මට Task එකක් දුන්න. එක කරලා එවන්න කියලා. එක හොදට කලොත් මට එතන Internship එක දෙනවා කියල. මට පුලුවන්නම් අයියේ ඒක කරලා දෙන්න . මම ඔයාට ගානක් දෙන්නම්. ඔන්න ඕක තමයි පුද්ගලික ආයතනවලින් මුදලට ඩිග්රි පිරිනැමීමේ විපාකය.
මේ SLITT , NIBM , NSBM ආයතන ලෙහෙසියෙන්ම උපාධිය පිරිනමන්න තියන ප්‍රධාන හේතුව තමයි, සිසුවාට උපාධිය ලබා ගන්න තාමත් අසීරු උනොත් ඊලග intake වලට සිසුන් පැමිණෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලික ආයතනවල ලාබය ඉතා පහල යනවා.
කොහොම උනත් පුද්ගලික ආයතනවලින් උපාධිය ලබා ගන්න සිසුන් හැමෝම ගුණාත්මකභාවයෙන් තොරයි කියල මම කියන්නේ නැහැ. හැබැයි ඒ ගුණාත්මකභාවයෙන් වැඩි සිසුන් ඉන්නේ 10 % අඩු ප්‍රමාණයක්.
එතකොට උසස්පෙළ අසමත් සිසුන්ට ඩිග්රි ගන්න අකැපද ? නැහැ කිසිසේත්ම නැහැ. හැබැයි අවශ්‍ය වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙම පුද්ගලික උපාධි පිරිනමන ආයතන නියාමනය කරනන් ඕනේ. ඒවායේ ගුණාත්මක භාවය ඉහල දාන්න ඕනේ. ලේසියට කොහෙන් හරි උස්සන් ආපු assignment , projects වලට උපාධිය දෙන එක නවත්වන්න ඕනේ. විභාග රජයේ විශ්වවිද්‍යාල මෙන් ගුණාත්මක භාවයෙන් ඉහල දාන්න ඕනේ.
ඊලග විකල්පය තමයි උසස්පෙළ නැත්නම් හොදම විකල්පය වන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය . නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය කියන්නේද ගුණාත්මක භාවයෙන් ඉහල ලොවම පිළිගත් විශ්වවිද්‍යාලයක්.


