ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,540
    10,307
    113
    44
    Living in an Atom
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
     
    Last edited:

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province

    අඩේ උබ කරලා තියෙන වැඩේ.ඔය වගේ වැඩ ආයේ කරන්න එපා කම්පැනි එකෙන් අහන්නේ නැතුව. උබ උන්ගේ කන්ඩිෂන්ස් බැලුවේ නැද්ද? උනදේ උනා ඉක්මනට වෙන එකක් හොයා ගන්න බලමු. මේකේ ඉන්න අය උදව් කරයි ත්‍රෙඩ් එකක් දාන්න ජොබක් ගැන අහලා. Stay strong mcn.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    tec lead ගිනිපුක් කාරයෙක්. ඉහළට ඉන්ෆොම් කරල එකට අයින් කරන්න තරම්. ඔහොම තැන් වල වැඩකරන්න පුලුවන්ද.
    උඹත් යන්න කලින් workenv එක ගැන දැනගන්න එපැයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අස්කරානං ෆිසිකල් ඩැමේජ් එකක් නැතිවෙන්න ලැප් එක සෙට්ටපෝච්චි කරල පොටෝ අරන් බාරදුන් බවට ලියුමක් අරන් අයින් වෙන්න.☺️

    මේක වැඩකරන්නේ නෑනේ කිව්වොත් මවිත මූන දාලා මෙච්චර වෙලා වැඩකරා කියපම්.🐶