සාමාන්‍යෙන් ලයිෆ් ටයිම් කියන්නෙ අපේ ලයිෆ්ටයිම් එක වත් කම්පැනියෙ ලයිෆ්ටයිම් එකවත් නෙමයි, ඒ ප්‍රොඩක්ට් එකේ ලයිෆ්ටයිම් එක, ඒක හදපු කම්පැනිය ඒ ප්‍රොඩක්ට් එක හදන එක සහ සපෝට් දෙන එක නතර කරාම (End of Life AKA EOL) ලයිෆ් ටයිම් එක ඉවරයි, වොරන්ටියත් ඉවරයි
සමහර විට අපිට පරන මොඩල් එකක් විකුනලා නම් අවුරුද්දකින් විතර ලයිෆ් ටයිම් එක ඉවර වෙන්නත් පුලුවන්
(ලංකාවෙ ඕනම ඉලෙක්ට්‍රොනික් හෝ ඉලෙක්ට්‍රිකල් බඩුවකට මාස 3ක් අවම වොරන්ටි දෙන්න ඕන, එහෙම දෙන්නෙ නැත්නම් පාරභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරලා ගන්න පුලුවන්)
ඔය ගොඩක් රැම් වලට එහෙම ලයිෆ් ටයිම් කියලා දෙනවා, හැබැයි ඊට වඩා ශුවර් 5Y වගේ දෙන එකක් ගන්න එක.