දැන් මාසෙක වෙලේ ඉදන් Peo-TV හරියට වැඩ නෑ , සීරුනු CD 1 දාල වගේ, 1243 කිව්ව දහ පාරක් විතර වැඩක් නෑ , අන්තිමට ඉන්ජිනියර් කෙනෙක් හම්බෙලා විස්තරේ කිව්ව. තාමනම් වැඩක් උන්නෑ. මේකට හෙතුව හොයන් ගියාම ලොකු Repair එකක්ලු ඒත් දැන් කියන්න හදන්නේ Telecom තිත්ත ඇත්ත ටික.
මෙයාලගේ දැනට සේරම Technical group ලංකාවටම 8 ලු (එහෙකට 3 ගානේ). Fault එකක් ආපුවාම ඉල කඩාගෙන මුන්ටික තමයි දුවන්නේ. ඉස්සර එක පැත්තකට දවසට Complain 10 විතර තමයි ඇවිත් තියෙන්නේ. නමුත් දැන් ඒක 40 විතර , මුන් ටික කොහොමද ඔක්කොම කරන්නේ. කොලඹ ප්රධාන පාලනය කරන තැන ඉන්නේ 3 දෙනයි. ඒක පැය විසිහතරම වැඩ. Technical groupගෙවල් වල ගිහින් වැරදි හැදුවට සමහර ඒව කොළඹින් වෙනස් කරන්න ඕන , ඒව වෙනස් කරන්න කියන්න සතියක් විතර යනව අරුන්ව සම්බන්ධ කරගන්න බැරුව. මේවට විසදුම් දෙන්න අලුත් උන් බඳවගන්න රැකියා අවස්ථා 50 විතර දෙන්න ඉහලින් Approve කරලයි තියෙන්නේ. නමුත් එකෙන් ඒ එකවත් දීල නෑ , Management අරුන්ගෙන් විතරක් වැඩ අරන් බොරු රිපොර්ට් ඉහලට යවන එකයි කරන්නේ. Management එක පෙන්නන්න හදන්නේ උන් හරියට වැඩ ගන්නව කියන කාරණය.
Code:
asipiya.blogspot.com






