Extracted some best comments
21 hours ago (edited)
මුලින් comments දැක්කම හිතුනෙ toxic audience එක ඇවිස්සිල කියල, හැබැයි program එකම බැලුවම ඇත්ත කියලත් හිතෙනව, What if එකකට වඩා sponsored podcast line එකක් දැනෙන්නෙ, ඕන දෙයක් කියන්න දීල හිටිය අද, මට මතකයි චතුරංගගේ presentation slides ටිකටවත් එදා නිදහසේ explain කරන්න time දුන්නෙ නෑ, අද buyers ගතියක් පේනව, ඒක Bruno ඔයාල පස්සෙ නෑ කිව්වත් ටිකක් හරි පේනව, ඒ කියන්නෙ Harsha ආපු එකේ මෙහෙම උනේ නෑ කියල මතකයි. මෙහෙමයි ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වෙන්න පුලුවන්, program එක කරන්න ඕනවට කරාද දන්නෙ නෑ නෙ, දිනන්නෙ නැති නිසා සහ නායකයගේ මොඩකම් දන්න නිසා ඕන දෙයක් කියන්න දීල හිටිය වෙන්නත් පුලුවන්. Tharaka නම් NPP එකේ Vibe එකට ගැලපෙන නිහතමානී කමක් පේනව, Lihini නම් Ranil ට ගැලපෙන toxic ගතියක් තියෙන්නෙ. Anyway Tilvin ආපු program එක මීට වඩා worth.
Tilvin පාර්ලිමේන්තු එන්න වැඩ නොකරන, නොඑනව කියන කෙනෙක් වෙලත් පොත් නොබල පැහැදිලිව කතා කරා, Tilvin කතාකරද්දි ඒක මිනිස්සුන්ට ලගයි, මං එහෙම කියන්නෙ පවුලෙ පුරුද්දට සජිත්ට දෙනවද කිය කිය හිත හිත ඉදපු මගේ යාලුවෙක් Tilvin ආව What if එක සහ Sannasgala Sir Tilvin එක්ක කරපු programs බලල NPP එකට ජන්දෙ දෙනව කියල තීරණය කරා, එයා කිව්වෙ ඒ කතාව, අවංක උවමනාවක් දැනෙනව කියල Tilvin ගෙ වචන වලින්. ඒ වචන වල තෙත් වුන හදවතේ බර දැනෙනව හැගීම්බර මිනිස්සුන්ට, Abisheka අක්කා DD එකේ කතා කරන සමහර ප්‍රශ්න වලදි අන්න ඒ බර හැඟීම පිට වෙනව, ඒ බරම පාලකයොන්ටත් දැනෙන්න ඕන මහජනතාවගෙ ප්‍රශ්න ඉස්සරහ. ඒ අවංක කම මට නම් Anura, Dr. Nalinda, Chathuranga ලගෙනුත් දැනෙනව, ඒක option එක්ක නැතිකමට පේන දේ තුල මොහයට පත්වීමක් වෙන්න පුලුවන්, ඒත් ඒ හැඟීම දැනට ඇත්ත.
Bruno ලා, Manju ලා මේ sjb ආර්ථික ප්‍රතිපත්ති වලට කැමති ඇති, ඒත් මම නම් හිතන්නෙ, ඉස්සෙල්ල අවංක පිරිසිදු (සුපිරිසිදු නැතත්) දේශපාලන සංස්කෘතියක් හැදෙන්න ඕන රටේ ඉස්සෙල්ල, මිනිස්සු දැනෙන, මිනිස්සුන්ට ළඟ නායකයො අපිට ඕන. නැතුව ඕන කුණු ගොඩක් ලගට ගන්න, සෘජු පුද්ගල ප්‍රතිපත්ති නැති මිනිස්සු, මොන ආර්ථික ප්‍රතිපත්ති ගෙනාවත් වැඩක් නෑ මට නම් පුරවැසියෙක් විදියට. ජන්දෙ ගන්න ඕන කුනුවැඩක් කරන උන් බලය ලැබුනම හැසිරෙන විදිය ගැන කියන carrot කන හාවො වෙන්න එපා එච්චරයි. Bruno please comment වලට reply කරන්න කෙනෙක් hire කරන්න company එකට. Audience එක අහන වලට Reply කරන්න.
1 day ago (edited)
අද තමා චාටර්ම what if වැඩ සටහන. හරිනි, චතුරංග වගේ අයගෙන් කොච්චර ආර්ථික ප්‍රශ්න ඇහුවද? කොටින්ම ටිල්වින් සිල්වා ගෙනල්ලත් ඇහුවේ ආර්ථිකය forign affairs ගැන. ඒත් මේ කිසි වැඩකට නැති දෙන්නෙක් ගෙන්නගෙන බරටම පොත් උස්සගෙන ඇවිත් interview එක පුරාවටම පොත් පෙරලන එක විතරයි කලේ අහන දේට නෙවේ උත්තර දෙන්නේ වටේ යනවා. Interview එකෙන් බාගයක්ම කලෙව NPP එකට මඩ ගහන එක. Point එකට කිසි දෙයක් කතා කරේ නෑ. එක්කෙනෙක් හිර වෙද්දි අනිත් කෙනාගෙ මූන දිහා බලනවා ආපු දෙන්නට ඔහේ කැමති විදිහට කියවන්න ඇරලා බෲනොයි තිවංකයි ඇටි කෙහෙල් කාල වගේ බලන් ඉන්නවා. වෙන අය එක්ක කතා කරද්දි කොච්චර හරස් ප්‍රශ්න අහනවද? ආපු දෙන්නා ඔහේ කියවලා පොත් පෙරලලා NPP එකට මඩ ගහලා ගියා. අර ගෑනු කෙනා එක පාරටම කෑ ගහනවා හිර උනාම අනිත් කෙනාගෙ මූන බලනවා පොර වටේ යනවා උත්තරේ දෙන්නෙ නැතුව මට පේන්නේ මුන් මධ්‍යස්ථයි වගේ පෙන්නගෙන යටින් ස.ජ.බෙ කැම්පේන් එකක් වගේ ගෙනියන්නේ. NPP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන මංජුව ගෙන්නගෙන විවේචනය කරද්දිම ඒක හිතුණා. ස.ජ.බෙ දේශපාලන වටමේස සාකච්ඡාවක් වගේ අද දැක්කේ. ප්‍රශ්න අහන උන් දෙන්නා කලිසමේ චූ ගිහින් වගේ ඔහේ ඉන්නවා ආව උන් දෙන්නා දේශපාලන රැස්වීමක් අමතනවා උඹලා DD එකේ කියන කතා වලින් ආතල් එකක් අරන් හිටියට මිනිස්සු මෝඩයෝ කියලා හිතන්න එපා. Unsubscribe කරලා දැම්මා. හසා ඉන්න එකක් දැක්කොත් free වෙලාවක බලල යනවා. කුජීතයි අදනම්.
1 day ago
දුමින්දට සමාව දෙනවද කියල ඇහුවම, රෙද්ද පල්ලෙන් බේරුණා SJB දෙන්නටම! සැමට ජයක් සමගි රටක් my a$$!!
1 day ago
මොනව උනත් ඊයෙ ටිල්වින් ඇවිල්ලා දළ වශයෙන් හරි සල්ලි හොයාගන්න විදිහක් කාල රාමුවක් කිව්වා. බදු අඩු කරාම මෙච්චරක් අහිමි වෙනවා, අය කරගන්න පුළුවන් ඍජු බදු මෙච්චරක් තියෙනවා, ඒකෙන් දැනට නඩු අවසන් කරපුව මෙච්චර තියනවා, තව අයකර ගැනීම් වලින් මෙච්චරක් එයි කියල බලාපොරොත්තු වෙනවා, එතකොට සහන දෙන්න මෙච්චර යනවා, මේ මේ කාල සීමාවක් ඇතුලෙ යමක් කරන්න පුළුවන් කියලා පැහැදිලිව කිව්වා පක්ෂෙ ලේකම් වෙලත්. ප්‍රතිපත්ති සම්පාදනය කරපු නැති කෙනෙක්. මේ දෙන්නා කරන කාල සීමාවක් දන්නෙත් නෑ සල්ලි එන්නෙ කොහොමද දන්නෙත් නෑ පොතේ කොහෙද ඕවා තියෙන්නෙ දන්නෙත් නෑ. සජිත් කියන්නෙ කරන්නෙ මොනවද දන්නෙත් නෑ. සාමාන්‍ය දැනීමෙන් ඕනෙ කෙනෙක්ට කියන්න පුළුවන් දේවල් ටිකක් කියන්නෙ
1 day ago
අද මම ලැජ්ජ වෙනවා උබලව හුගක් අයට රෙකමන්ට් කරපු එක ගැන...මම හිතුවේ උබලා මාර මැද තැනක ඉදන් මේක කරනවා කියලා....ප්‍රශ්නේ npp එකෙන් හක්ක පනින ප්‍රශන අහපු එක නෙවි....ඒක වියයුතු දෙයක්....මොකද උං කරන කියන දේ on point දැනගන්න ඕන නිසා.... ඒත් ඇයි මෙයාලට උර්තල්....ඇයි sjb එකෙන් ඒ තරම් in deep යන්නැත්තේ.. කෝ ඔයාලගේ ට්‍රිකී ප්‍රශ්න කෝ ඔයාලගේ කාල රාමු. කෝ ඔයාලා අහන ප්‍රොජෙක්ට් වලට සල්ලි හොයන ක්‍රම , ඔයාලා අනික් පක්ශ වල අය ගෙන්නලා සමහර වෙලාවට උන්ට අදලානැති පරාසයේ ප්‍රශ්නත් හරිම ස්ට්‍රික්ලි ඇහුවා....ඒක අවුලක් නෑ...ඒම වෙන්න ඕන , පොලිටීශියන් කෙනෙක් උනාම හැමදේම දැනගන්න ඕන නෑ...ඒත් බොහෝදේ දැනගන්න ඕන... ඒත් මේ sjb එකට ගියපු කඩේ යෑමෙන් what if එක WTF උනා.... එහෙනම් sl vlog bye bye.... අපි නැවත හමු නොවේවී..... අනුන්ගේ ප්‍රතිපත්ති ගැන අකුරෙන් අකුර බලන උන්.. උංගේ ප්‍රතිපත්ති පිටු පිටින් වෙනස් කරන හැටි දැක්කම හිනාත් යනවා... ලැජ්ජ වෙනවා උබලා මාරයි කියලා අනික් උන්ට කියපු එක ගැන...
1 day ago
තරහ වෙන්න එපා බෲනෝ. අපි කොල අත අදිමුද? අවංකවම පාටලී එක්ක වැඩ නේ. Advarcata එක එක්ක තියන සම්බන්දෙ මොකක්ද? මේත් ගෙන්නුවෙ කොයිම හරි වෙලාවක සජබෙ අස්තාවර වෙන වෙලාවක මේ වගේ හදල ගන්න පුලුවන් එහෙයියො පාටලීට සෙට් කරන්න නේ. නැතන් දැනටමත් පාටලීට සෙට් වුන් මෝටිවේට් කරන්නද. කොහොම උනත් අද වැඩේ චාටර්. අවුරුදු ගානක ලව් එකක් බ්‍රේක් වුනාම හෙන වේදනයි කොල්ලො. මම මේ හොරු සෙට් එකට විරුද්දව, ඒ කැපවීමට එකගව, මාලිමාවට දෙන්න ඕනෙ කියල සපෝට් කරන එකෙක්. අපි එකග වෙන තැන් වල එකග වෙනව. නොවෙන තැන් වල නෑ. මේක ඒ දෙකම නෙමෙයි. මේක කතාවෙලා ගහපු චාන්ස් දෙන මැච් එකක් කියල මට හිතෙන්නෙ. මගෙ ඉල්ලීම මම ප්‍රේක්ශකයෙක් විදියට කරනව. පුලුවන් නං ඇඩ්මිට් කරන්න. රෙද්ද ඇතුලෙ ඉදං ප්ලේ කරන්න එපා. අපේ ලව් එක බ්‍රේක් වෙනව.
1 day ago (edited)
එක්කෙනෙක් ප්‍රශ්නයට උත්තර දෙනකොට අනිත් කෙනා ලැප් එකෙන්,පොත් වලින් කරුණු හොයලා කියනවා.එක්කෙනෙක් හිරවෙනකොට අනිත් කෙනා සපෝර්ට් එක දෙනවා.මේසෙ උඩ පුස්තකාලෙට මී හරක් පැනලා වගේ.ඊයේ ටිල්වින්ගෙ ටේබල් එක හිස්.ප්‍රතිපත්ති පොත විතරයි තිබ්බෙ.ඒක පෙරලුවෙත් කලාතුරකින්.පක්ෂෙ මානව සම්පත්,දේශපාලන වැඩ කරන කෙනා ආර්ථික ප්‍රශ්න ගැන දන්න විදිහට උත්තර දුන්නා.අද විතරක් දෙන්නෙක් ගෙන්නන්න හේතුව මොකක්ද කියලා දැනගන්න පුළුවන්ද?