SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුට

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුට

    SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති
    Fight.jpg
    සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි පණිවුඩ, මුහුණු ‍පොත සම්බන්ධ සිද්ධීන්, මගහැරුණු දුරකථන ඇමතුම් ආදී මාධ්‍ය භාවිතයෙන් වූ හේතු නිසා බැව් කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා පවසයි.

    සැමියාගේ පහරදීම නිසා හා නොයෙකුත් වදහිංසාවලට ලක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වූ කාන්තාවන් සම්බන්ධයෙන් කරනු ලැබූ පර්යේෂණයකදී මෙම කරුණු අනාවරණය වූ බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
    2013 ජනවාරි සිට 2017 ජූනි මසය දක්වා කාලය තුළ සැමියාගේ පහර කෑමට ලක්වූ කාන්තාවන් 183 දෙනකු සම්බන්ධ කරගෙන මෙකී පර්යේෂණය සිදුකොට තිබේ. විශේෂයෙන්ම හිංසනයට ලක්වූ කාන්තාවන්ගේ සමාජ හා ආර්ථිකමය පසුබිම, තුවාලවල තත්ත්වය සහ හිංසනට ලක්වීමට හේතු වූ කරුණු පිළිබඳ මෙම පර්යේෂණයේදී අනාවරණය කරගෙන තිබේ. අන්තර්ජාලය හා තාක්ෂණික මෙවලම් භාවිත කිරීම සම්බන්ධයෙන් ඇතිවන සිද්ධීන් නිසා කාන්තා හිංසනය වැඩිවී ඇති බවද අධිකරණ වෛද්‍යවරයා පවසයි.
    මෙම පර්යේෂණයට ලක්වූ කාන්තාවන්ගෙන් සියයට පනස් එකකට පහර දී ඇත්තේ මුහුණට හා කම්මුල්වලට වන අතර ඉන් සියයට දහඅටකට පහර දී ඇත්තේ ඇඳ ‍පොලුවලින් හා කොසු මිටිවලින් බවද මෙම පර්යේෂණයේදී අනාවරණය වී තිබේ.
    මෙම පර්යේෂණය පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා මෙසේ පැවැසීය.
    පහරකෑමට ලක්වූ කාන්තාවන්ගේ වයස් කාණ්ඩ දෙස බැලූ විට ඉන් සියයට 58 ක් හිටියේ වයස අවුරුදු 16 සිට 63 දක්වා කාන්තාවන්, පහර කෑමට ලක්වූ කාන්තාවන් 106 ක් හිටියේ වයස අවුරුදු 21 හා 30 අතර පසුවන කාන්තාවන්. මෙකී කාන්තාවන්ගෙන් සියයට හැටතුනක් 117 වතාවක් පහර කෑමට ලක්ව තිබුණා. හවස හය සහ රාත්‍රී 10 අතර කාලයේදී තමයි මෙම පහරදීම්වලින් බහුතරයක් ලක්වෙලා තිබුණේ. ඉන් සියයට 89 ක් වෙලා තිබුණේ ඒ අයගේ නිවස තුළයි. කායික වශයෙන් කරපු පීඩාවන් 183 වතාවක් වාර්තා වෙලා තිබුණා. මානසික වශයෙන් කරපු පීඩාවන් 130 වතාවක් වාර්තා වෙලා තිබුණා. බලහත්කාරයෙන් ලිංගික කටයුතුවල යෙදීම් 13 ක් වාර්තා වෙලා තිබුණා. විවිධාකාරයේ පාලනය කිරීම් 42 ක් වාර්තා වෙලා තිබුණා. වැඩි වශයෙන් පහර දීලා තිබුණේ මුහුණට හා කම්මුල්වලට. අතමිට මොළවා හා පාදවලින් කරන පහරදීම් සියයට 51 ක් වාර්තා වෙලා තිබුණා. අවි ආයුධ, මොට ආයුධවලින් සියයට 18 ක් එනම් ඇඳ ‍පොලුවලින් හා කොසු මිටිවලින් තමයි මෙම පහරදීම් වෙලා තිබුණේ. කැපෙන ආයුධයකින් පහර දීලා තිබුණේ සියයට හතරක් වගේ ඉතා අඩු සංඛ්‍යාවක්.
    කාන්තා හිංසනයට ප්‍රධාන හේතුව සැමියන්ගේ බිමත්කම. සියයට 29 ක් අවස්ථාවල සැමියා බිගෙනවිත් තමයි පහරදීම් කරලා තිබුණේ. සියයට 23 ක් මුදල් සම්බන්ධ ගැටලු මුදල් නැතිවූ විට ඇතිවූ ආරවුල්, සියයට 31 ක් අනියම් සම්බන්ධතා නිසා ඇතිවූ සැකය නිසා කාන්තාවන් පහර දීම්වලට ලක්ව තිබුණා. බිරිඳගේ හා සැමියා යන දෙදෙනාගේම ඇතිවූ සැකයන් මේ සඳහා හේතුවෙලා තිබුණා. ඉන් සියයට 26 ක් ජංගම දුරකථනවලට එන කෙටි පණිවුඩ, මුහුණු ‍පොත සම්බන්ධ සිද්ධීන්, මගහැරුණු දුරකථන ඇමතුම්, මාධ්‍ය භාවිතයෙන් වූ හේතු නිසා තමයි පහර දීම්වලට ලක්වෙලා තිබුණේ. ඇත්තටම මේකත් සැකය කියන එක එහාට ගියපු අවස්ථාවක්. ජංගම දුරකථනයට එන ඇමතුම්, මුහුණු ‍පොතේ තිබූ ඡායාරූප, සම්බන්ධ සැක සිතූ අවස්ථාවන් නිසා කාන්තාවන් සැමියාගෙන් පහර කෑමට ලක්ව තිබුණා. නවීන තාක්ෂණික මෙවලම් මේ සඳහා බලපාලා තියෙනවා. සරල කාරණා තේරුම් ගැනීමට නොහැකිව, සුළු සුළු මත ගැටුම් දුරදිග යාම නිසා සියයට 19 ක් වූ කාන්තාවන් පහර දීමට ලක්වෙලා තියෙනවා.
    කාන්තාවන් සියයට 44 ක්ම කීවා මීට කලින් එක් වතාවක් හෝ තුන් වතාවක් තමන් පහර දීම්වලට ලක්වී ඇති බව. කාන්තාවන් සියයට 24 ක් පළමු වතාවට තමයි පහර දීම්වලට ලක්ව තිබුණේ. තුවාලවල තත්ත්වය දිහා බැලූ විට සියයට 47 දෙනකුගේ මුහුණට හා හිසට තමයි පහර දීලා තිබුණේ. සියයට 42 ක විතර කාන්තාවන්ගේ පාදවල තුවාල තිබුණා. සියයට 22 ක විතර කාන්තාවන්ගේ අත්වල තුවාල තිබුණා. ලිංගික අවයවවලට පහරදීලා තිබුණේ සියයට 2 ක විතරයි. තැලීම් තුවාල තමයි වැඩිපුර තිබුණේ. තැලීම් තුවාල සියයට 47 ක් තිබුණා. සීරීම් තුවාල සියයට 36 කගේ තිබුණා. දාරිත තුවාල. සියයට 7 ක් අස්ථිභංග සියයට තුනක් පිළිස්සුම් තුවාල සියයට එකක්. කැපුම් තුවාල සියයට දෙකයි. තුවාලවල බරපතළ තත්ත්වය දිහා බැලූ විට සියයට 85 ක්ම තිබුණේ බරපතළ නොවන තුවාල. බරපතළ තුවාල සියයට දහතුනක් තිබුණා. ජීවිතයට හානි පමුණුවන තුවාල තිබුණේ එක් අයකුගේ හා දෙදෙනකුගේ විතරයි.
    බොහෝ විට පහර දුන් සැමියාම තමයි ඇය රෝහලට රැගෙන එන්නේ. ඇතැම් කාන්තාවන් තුවාලවලට පුද්ගලික වෛද්‍යවරයකු හමුවෙලා බෙහෙත් ගන්නවා. කාන්තාවකට සැමියා විසින් පහර දුන් විට ආපසු ටික කාලයක් හොඳට ඉන්නවා. මාස දෙක තුනක් යනකම් සැමියා පහර දෙන්නේ නැහැ. මේ බව කාන්තාවද දන්නවා. මේකට කියන්නේ හනිමුන් කාලසීමාව කියලා. නමුත් ඊට පසු කරන පහරදීම ඉතා දරුණුයි. අවසානයේ මහත් විනාශයක් වෙන්නත් පුළුවන්.

    කමල් විජේහේවා - ගාල්ල
     

    janish05656

    Well-known member
  • අපේ පැත්තේ බීපු එකෙක් ගෑනිට ගහලා,,ගෑනි අරූට දීලා අම්බානට.. එහා ගෙදර උන් තමයි අරූව බේරගන තියෙන්නේ
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,718
    11,545
    113
    හඳට කිට්ටුව
    මගෙනුත් පාරක් මගේ ගෑනි කෑව ගුටියක් නොහොබිනා කතාවක් කියලා,
    මූන එල්ලගෙන ඉද්දි ඈදලා අරන් ජින්කි ජිකා කරා, පට්ට අතල් එක, නිකන් මම තමයි ක්‍රිස්ටියන් ග්‍රරේ වගෙ හෑගීමක් ආවා...
    අර make-up sex කියන්නෙ එකටමද කොහෙදමත් තමා..
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අපේ පැත්තේ බීපු එකෙක් ගෑනිට ගහලා,,ගෑනි අරූට දීලා අම්බානට.. එහා ගෙදර උන් තමයි අරූව බේරගන තියෙන්නේ

    පොන්න*ක්ද බන්..උ :lol: ගැනු ගහනකන් බලන් ඉන්නේ :rolleyes::rolleyes::rolleyes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පොන්න*ක්ද බන්..උ :lol: ගැනු ගහනකන් බලන් ඉන්නේ :rolleyes::rolleyes::rolleyes:

    ගෑණුන්ට ගැහුවත් පොන්නයෙක්,ගෑණුන්ගෙන් ගුටි කෑවත් පොන්නයෙක් :confused:
    අනේ කාලේ වානේ වාසේ :eek: