SMS, Mixed SMS, පැටලුනු මාගල්, පැටලුනු SMS

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,926
    6,579
    113
    ගග අද්දර
    SMS, Mixed SMS, පැටලුනු මාගල්, පැටලුනු SMS

    අද මන් කියන්නේ ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතන ප්‍රශ්නයක් ගැන...
    ඒ තමයි
    පැටලුනු කෙටි පණිවුඩ​

    එකපාරට බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ මේක කියන්න ගියොත් තේරුමක් නැති වෙන නිසා, මන් මේ කතාවට මූලික උන ප්‍රධාන මාතෘකාවෙන්ම පටන් ගන්නම්.
    ඒ තමයි කවුරුත් දුක සැප අහන්න, ආදරේ කරන්න, ටච් එකේ ඉන්න භාවිතා කරන


    feature-5.png

    SMS (Short Message Service - කෙටි පණිවුඩ සේවාව)

    රැහැන්රහිත මාද්‍ය හරහා කෙටි පණිවුඩ යැවීමට භාවිත කරන මේ සේවාව අදටත් මුලිකව GSM, CDMA, TDMA ආදී වූ දුරකථන සන්නිවේදන මාදිලි වලදී භාවිත කරනු ලබනවා.

    එක SMS එකක් හරහා අපිට අකුරු 160 (අකුරු, ඉලක්කම් හා සංකේත) යැවීමට හැකියාව තියෙනවා.
    මේ ලිමිට් එක තීරණය කරලා තියෙන්නේ Friedhelm Hillebrand, නිකන් හිතට ආපු ගානක් නෙමෙයි, හොදට හොයල බලල ඉස්සර තිබ්බ bandwidth එකට ගැලපෙන්න තමයි මේ ගාන තීරණය කරලා තියෙන්නේ.
    නමුත් අපිට වෙනත් හෝඩියකට අදාළ (සිංහල, අරාබි, චීන, ආදී: ) අකුරු නම් 70ක් විතරයි එක SMS එකක් හරහා යවන්න ලැබෙන්නේ

    ඉතින් මේ SMS වලටත් තියනව Standard එකක්...
    මෙන්න මේ Standard එකෙන් තමයි තීරණය වෙන්නේ මොන තොරතුරුද SMS එකක් එක්ක යන්න ඕන කියල. මේ standard එක නිසා තමයි අපිට වෙනස් උපාංග දෙකක් අතර SMS පණිවුඩ බාධාවකින් තොරව යවන්න හැකි වෙලා තියෙන්නේ.


    ඒ කියන්නේ බොලව් SMS එකේ යන්නේ අපි පන දාගෙන කොටන ටික විතරක් නෙමෙයි. තව විස්තර ටිකක් යනවා..

    • SMS එකේ දිග. මීටර් සෙන්ටිමීටර් වලින් නෙමෙයි තියන අකුරු ගානෙන්
    • SMS එක එවපු වෙලාව
    • SMS එක යන්න ඕනි නම්බර් එක
    • අපි පන දාගෙන කොටපු මැසේජ් එක
    මේ තොරතුරු ටික යන්නේ Protocol description unit (PDU) කියල හදුන්වන Hexadecimal-octets සහ Decimal-Octets වලින්.
    example-SMS-string.jpg
    වැඩි විස්තර ඕන නම් මෙන්න මේකට ගිහිල්ල බලාගන්න පුළුවන්

    ref: http://www.androidauthority.com/what-is-sms-280988/

    දැන් ඇති ඒ ගැන කිව්වා...

    මන් දැන් කියන්නේ වෙනස්ම කතාවක්....

    කවද හරි කවුරු හරි අහල තියේද මොනවද මේ එවන මැසේජ් කියල අපි වැදගත් දෙයක් යැව්වත්....

    නැත්නම් කෙල්ල හරි කොල්ල හරි අහල තියේද වෙන කෙනෙක්ට යවපු එකක් මට වැරදිලා එව්වා නේද කියල?

    ඇත්තටම බලනකොට අපි යවපු මැසේජ් එක නැතුව වෙන මැසේජ් එකක් නේද ගිහින් තියෙන්නේ අදාළ කෙනාට?


    ඔහොම වෙලා ප්‍රශ්නයක් ඇති උනොත් හරි විස්වාසේ කැඩුනොත් හරි ආයි ලේසියෙන් හදන්න බෑ, මොකද අදාළ කෙනාට වැරදි මැසේජ් එක එන්නේ අපේ නම්බර් එකෙන් නිසා. Service provider ට කෝල් කලත් ඌ එක ප්‍රශ්නේ දෙක කරනවා මිසක් හරි උත්තරයක් දෙන් නෑ.
    කොහොමත් කොල්ලෙක් අතින් කෙල්ලෙක්ට ඔහොම එකක් ගියොත් ලේසියෙන් තෙරුන් කරන්න වෙන් නෑ. මොකද කෙල්ලෙක්ට ලේසියෙන් ටෙක්නිකල් දෙයක් කියල දෙනවට වඩා ලේසියි Minesweeper ගේම් එක win කරන එක. ;);););)


    මේකට හරි උත්තරයක් නෙට් එකේ හෙව්වත් ලේසියකට හොයාගන්න නෑ...
    ඒනිසා මන් හොයාගත්ත දේවල් කියන්නම් මොකද ඉස්සරහට උබල එකෙක් හරි මේ ප්‍රශ්නෙන් බේරෙයි කියල හිතල.
    කියන්න පුළුවන් සරලම විදියට කියන්නේ. මිට වඩා බරපතල, පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙන අය අනතිමට දෙන ලින්ක් වලට ගිහින් බලන්න.



    මන් මේ සිද්දිය විස්තර කරන්නම් Android OS එක තියන ෆෝන් එකක් උදාහරනයට අරගෙන. මේක වෙන්නේ ගොඩක් වෙලාවට පේජ් දෙක තුනක මැසේජ් යවන්න ගියාම. මොකද අපි SMS කිව්වට යවන්නේ මාගල් නෙහ් සමහර වෙලාවට.

    SMS එකකට පුළුවන් අකුරු 160යි ටයිප් කරන්න. ඊට වඩා ලොකු මැසේජ් එකක් ටයිප් කලාම ඒක පේජ් විදියට කැඩෙනවා අකුරු 160න් පලවෙනි පිටුව, දෙවෙනි පිටුව 145 හා තුන්වෙනි පිටුව 152 විදියට . ඔන්න ඔය පේජ් කැඩිල්ල නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ.
    මාගල් මැසේජ් වලට කියන්නේ Multi-part Messages කියලා.

    අපි යවන Multi-part Messages වල සමහර පේජ් ෆෝන් එකේ තියන මැසේජ් ඩේටාබේස් එකේ හිර වෙලා ඉතුරු වෙලා තියෙනවා සම්පුර්ණ මැසේජ් එක අපිට හරියට ලැබුන් නැහැ සම්පුර්ණයෙන් මැසේජ් එක ලැබුනම පෙන්නනවා කියල හිතාගෙන.

    සමහරවිට මාස ගණන් පරණ මැසේජ් පවා මේකේ ඉතුරු වෙලා තියනවා කෑලි කෑලි විදියට.

    අපි අලුතෙන් යවන මැසේජ් එකේ reference නම්බර් එක පරණ ඉතුරු වෙලා තිබ්බ මැසේජ් එකේ reference නම්බර් එකත් එක්ක ගලපුනොත් එහෙම ඔන්න දැන් සම්පුර්ණ මැසේජ් එක ලැබුනා කියල හිතල මැසේජ් දෙක මික්ස් කරලා පෙන්නනවා ෆෝන් එකේ.

    තවත් සමහර වෙලාවට අපිට හරියට ලැබුන මැසේජ් උනත් අපි delete කලට පස්සේ ඉතුරු වෙලා තිබිල මික්ස් වෙලා පස්සේ පෙන්නන්න පුළුවන්.

    මේ SMS මික්ස් වෙන එක වෙන්නේ Sender ගෙ සයිඩ් එකෙන් නෙමෙයි Receiver ගෙ සයිඩ් එකෙන්. ගොඩක් වෙලාවට මික්ස් වෙන්නේ එකම නම්බර් එකකින් එන මැසේජස්. නම්බර් දෙකකින් ආපුව එකට මික්ස් වෙන් නැහැ බොහෝ දුරට.

    කවුරු හරි කිව්වොත් මෙහෙම මැසේජ් එකක් ආව කියල කරන්න හොදම දේ ෆෝන් දෙකම එකට අරගෙන sent කරපු මැසේජ් එකයි receive උන මැසේජ් එකයි දෙන්න එක්කම බලල ප්‍රශ්නේ නිරාකරණය කරගන්න එක.

    Android os එකේ මැසේජස් ඩේටා බේස් එක තියෙන්නේ mmssms.db කියල. ඕක ගත්තා නම් අපි කලින් delete කරපු මැසේජ් පවා ආයිත් බලාගන්න පුළුවන්. එහෙම නැත්නම් GT Recovery app එක දාගෙන බලන්න පුළුවන් කොච්චර කුණු ගොඩක් අපි ඉතුරු කරන් ඉන්නවද කියල.
    mmssms.db එක බලන්න පුළුවන් වින්ඩොව්ස් වලදී SysTools Sqlite Database Recovery ඇප්ලිකේෂන් එකෙන්.


    මේ ප්‍රශ්නේ තියන ෆෝන් එකකට කරන්න පුළුවන් fix දෙක තුනක් කියන්නම් ලේසිම එකේ ඉදල අමාරුම එකට එනකන්. කරන්න කලින් බැකප් එකක් හදාගෙන ඉන්න.
    • Play store එකෙන් Orphaned Texts app එක අරගෙන ඉතුරු වෙලා තියන ඒවා හොයල delete කරල දාන්න
      [*] මැසේජ් ඇප් එකේ clear data දීල බලන්න
      [*] ෆෝන් එක රූට් කරලා msmms.db කියල තියන ෆයිල් ටික delete කරන එක.
      **මේකෙන් තියන ඔක්කොම මැසේජස් නැති වෙනවා.
      - /dbdata/databases/com.android.providers.telephony/mmssms.db
      - /data/data/com.android.providers/telephony/databases/mmssms.db

      [*] මුළු ෆෝන් එකම ෆ්ලෑෂ් කරන එක..
      [*] ෆෝන් එක පොලේ ගහල කුඩු කරලා අදාළ කෙනාට වෙන ෆෝන් එකක් අරන් දෙන එක.

    For Nerds
    https://code.google.com/p/android/issues/detail?id=28697
    https://code.google.com/p/android/issues/detail?id=17769

    මෙච්චරයි මයෙ පුතීලට කියන්න තියෙන්නේ., කවද හරි අවුලක් උනොත් මේක පෙන්නලා තේරුම් කරගන්න ලැබෙයි කියල හිතනවා.
    * මේ ෆීල්ඩ් එක ගැන මා සතු දැනුම 0ක් වන අතර අඩු පාඩු තියෙයි නම් පහලින් කොටගෙන යන්නලා...
    *අනුන්ගේ මැසේජ් ඩේටා බේස් උස්සලා පවුද්ගලිකත්වයට හානි නොකරන මෙන්ද, කෙල්ලගේ පරණ මැසේජ් බලන්නට ට්‍රයි නොකරන ලෙසටද,
    * මේ ලිපිය වෙනත් ආකාරයකින් වෙනත් වෙබ් අඩවියක පල කරනවා නම් elakiri.com නම සදහන් කරන මෙන්ද ඉල්ලා සිටිමි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Boss Apeee Name ekakin msg Yawanna Kramayak Thiyenam Kiyala dennakoooo


    ex: President
    Wage
    ube number eka ewapan.. ekak ewanna..
    message portal ekak ganna one. dialog eke nam monthly 5000 messages 10000k lebenawa. oka thama aduma. nath nam pitaratawal providers la innawa. eyalage 10 messages packages thiyenawa. :yes:

    othana namata wenuwata wena kenekge phone number ekak dannath puluwan.. :cool:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,579
    113
    ගග අද්දර
    Boss Apeee Name ekakin msg Yawanna Kramayak Thiyenam Kiyala dennakoooo


    ex: President
    Wage
    මන් නම් දන් නැහැ බන් ඒ වැඩේ.... ඊමේල් එකක් එම් එම් එස් විදියට මොබිටෙල් ඩයලොග් වලට යවන්න නම් දන්නවා, එච්චරයි....
    මේ යට තියන එක වෙන්න ඕනි උබ අහන්නේ?


    ube number eka ewapan.. ekak ewanna..
    message portal ekak ganna one. dialog eke nam monthly 5000 messages 10000k lebenawa. oka thama aduma. nath nam pitaratawal providers la innawa. eyalage 10 messages packages thiyenawa. :yes:

    othana namata wenuwata wena kenekge phone number ekak dannath puluwan.. :cool:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Boss Apeee Name ekakin msg Yawanna Kramayak Thiyenam Kiyala dennakoooo


    ex: President
    Wage
    ඩයලොග් ඒකෙන් පුළුවන් නමට අකුරු පොඩි ගානක් විතරයි දාන්න පුළුවන්. ඇප් එකකින්. මැසේජ් ලොට් එකක් යවනවානම් ලාබයි.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ube number eka ewapan.. ekak ewanna..
    message portal ekak ganna one. dialog eke nam monthly 5000 messages 10000k lebenawa. oka thama aduma. nath nam pitaratawal providers la innawa. eyalage 10 messages packages thiyenawa. :yes:

    othana namata wenuwata wena kenekge phone number ekak dannath puluwan.. :cool:


    SMS Gateway එකක ගණන් කොහොම වෙයිද බන්?