smuggling හෙවත් හොර බඩු ප්‍රවාහනය

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    smuggling හෙවත් හොර බඩු ප්‍රවාහනය

    smuggling හෙවත් හොර බඩු ප්‍රවාහනය

    smuggling හෙවත් රටවල් අතර හොර බඩු ප්රවාහනය විවිධ ක්රම වලින් සිදු කරනවා,, සමහර ඒවා හිතා ගන්න බැරි විදියට සූක්ෂමයි .ඒ වගේ එක එක විදියට කරන්න ගිහිල්ලා රේගුවට අහුවුනු සිද්ධි කීපයක් තමා මේ,,,

    1.කොටි පැටියා

    wwz9fLL.jpg



    මේ කොටි පැටියා හමුවුනේ තායිලන්තයේ Bangkok airport එකේදී මගියකුගේ බෑගයක් තුල තිබිලා,,
    බෙහෙත් එන්නත් කර නිදි කරවා තිබූනු ඌව සතුන් ආකරයට නිර්මාණය කරලා තිබුනු සෙල්ලම් බඩු පුරවාපු සූට් කේස් එකක සඟවලා තිබිලා තියෙන්නේ, X ray scanමැෂින් එකෙන් අහුවෙලා



    2,පරෙවියන්


    JTc6cU7.jpg




    මිනිහෙක් පරෙවියො දෙන්නෙක්ව තමන්ගේ underwear එක අස්සෙ හංගගෙන හිටියේ මේ විදියට,,ඩුබායි වලදි තමා අල්ලගෙන තියෙන්නෙ



    3, I phones 94ක්

    w1Iy3Wh.jpg




    චයිනීස් මිනිහෙක් I PHONES 94ක් Hong Kong ඉඳන් චීනෙට ගෙනියන්න හදපු විදිය


    4.කිඹුලා

    tAq8QAe.jpg




    බංග්ලාදේශයේ ඉඳලා බැංකොක් වලට ගෙනියන්න හදපු මේ කිඹුල් පැටියා බැංකොක් airport එකේදී රේගුවෙන් අල්ලගෙන


    5.සල්ලි

    LvwAZVv.jpg




    බනිස් ඇතුලේ සල්ලි හංගලා තිබුනේ මේ විදියටයි



    6.මළ මිනියක්

    fZeLxAv.jpg




    මේ කෙල්ලත් එක්ක ඉන්නෙ මළ මිනියක්, මෙයා අම්මත් එක්ක එකතු වෙලා මේ මැරුනු මනුස්සයාව හොරෙන් අරන් යන්න හදලා තියෙන්නේ Berlin ඉඳන් England වලට


    7.cocaine

    fsUvHai.jpg



    මේ කැඩුනු කකුලට දාලා තියෙන්නේ කොකේන් වලින් හදපු plaster cast එකක්,, වාර්තා වෙන්නේ චිලී වලින්


    8.පොත ඇතුලේ මත් ද්රව්ය

    SuFOAtO.jpg



    ඇතුල කපපු පොතක් ඇතුලේ සූක්ශමව සඟවාගෙන ආපු මත් පෙති 60 ක් philadelphia වල airport එකේදී අල්ලගෙන තියෙන්නේ

    9.Heroine


    WbVCPKm.jpg



    මේ chocolate බාර් විදියට හදලා තියෙන්නෙ හෙරොයින්

    10.Ectasy


    BQl9kLG.jpg



    Mr Potato සෙල්ලම් බඩුවක මෙ සඟවලා තියෙන්නේ ectasy කියන මත් ද්රව්ය වාර්තා වෙන්නේ ඕස්ට්රේලියාවෙන්

    11. Breast implants with cocaine

    vW4C9AG.jpg



    මේ තියෙන්නෙ කාන්තාවන්ගෙ පියයුරු ලොකුකරන්න දාන Breast implants මේවා ඇතුලේ තිබිලා තියෙන්නෙ cocaine කියන මත්ද්රව්ය


    12.දිවි මකුලුවන්

    N0xq74Y.jpg


    පැකට් කර තිබුනු දිවි මකුලුවන් 200ක් අල්ල ගත්තේ අමෙරිකාවේ රේගුවෙන්
     
    Last edited: